IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා

(අංජුල මහික වීරරත්න)

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංගල් සුබපැතුම් පණිවිඩයෙන් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි.

“අස්වනු නෙලීමේ උත්සවය” යන අරුත් ඇති තෛපොංගල් උත්සවය ලොව වැසි සියලුම දෙමළ හා හින්දු ජනතාව මහත් භක්ති පූර්වකව සමරන්නකි. සශ්‍රීක වූ අස්වැන්නකට දායක වන සූර්යයා, මිහිකත, වර්ෂාව සහ ගව-මහීෂාදීන් වෙත ස්තූති කරමින් කෘතගුණ දැක්වීම මෙදින කාර්‍යයයි. මෙම උලෙළ පැවැත් වෙන්නේ දෙමළ දින දර්ශනයට අනුව ‘තායි’ මාසයේ පළමු දින ය. සූර්යයා උතුරු දෙසට ගමන් කිරීම, එනම්, ‘උත්තරායනය’ ඇරඹෙන්නේ තෛපොංගල් දිනයෙනි. නව දිශාගත වීමක් මෙන්ම මිනිස් සමාජයෙහි අභ්‍යන්තර-බාහිර සහජීවන පැවැත්මද තෛපොංගල් උත්සවයෙහි අත්‍යාර්ථ වේ.

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වැඩිවර්ධනය කරමින් සමාජයීය ප්‍රගමනය තහවුරු කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්, පාරිසරික මෙන්ම ආචාරධාර්මික නව දිශාගත වීමක් ලෙසත් “ක්ලීන් ශ්‍රී ලංකා" ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක, තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණකි. ඓතිහාසිකව ගොඬනැඟුණු ආසියානු වටිනාකම් තුළ මිනිසා හා පරිසරය අතර බැඳුම අවියෝජනීය එකකි. තෛපොංගල් දිනයෙන් ප්‍රකාශිත එම වටිනාකම් මෙම ව්‍යාපෘතියෙහි සමෝධානිතය. එසේම තෛපොංගල් සැමරුම මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයෙහි ලා නවමු බලාපොරොත්තු අවදි කරන්නකි. රට තුළ ජනිත නව උද්‍යෝගයත් සමඟ "ලස්සන ජීවිතයක" බලාපොරොත්තුව සිත් දරා නව වසරේ නව ජවයකින් ඉදිරියට යාමට ශ්‍රී ලාංකික අප සැමට අවස්ථාව උදා වී තිබේ. ඒ උදෙසා වූ පරිසර හිතකාමී සංවර්ධනය පෙරටු කරගත් ආචාර ධාර්මික නව සංස්කෘතික පැවැත්මක් නිර්මාණය කිරීම ඔස්සේ තිරසර සාමය හා සමඟිය ප්‍රවර්ධනය කිරීමට අවැසි ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික නායකත්ව වගකීම සහ වගවීම අපි දරන්නෙමු.

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට ප්‍රතිඥා දෙමින්, රටේ වගකිම භාර ගත් අපි, එම ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට බාධක මැද වුවද පසු නොබස්නා වීර්යෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් කැප වී සිටින්නෙමු. මෙරට ජනතාවගේ මුවෙහි සදා රැඳෙන සිනහවක් තිළිණ කිරීම පිණිස වූ මේ ව්‍යායාමයේදී නව ආකල්ප හිස් දරා එකාවන්ව සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් මුළු බැඳීමට ඔබ සියලු දෙනාට ආරාධනා කරමි. ඒ සුභාරම්භය සඳහා මෙම තෛපොංගල් සැමරුම මහත් ආශිර්වාදයක් වේවා'යි මම ප්‍රාර්ථනා කරමි.

සියලු ශ්‍රී ලාංකික සහ ලෝකවාසී හින්දු බැතිමතුන්ට, සහජීවනයෙන් හා කෘතවේදීත්වයෙන් වර්ණ ගැන් වූ සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් තෛපොංගල් උත්සවයක් වේවා !

 



අදහස් (21)

දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා

Pradeep Kumara Monday, 13 January 2025 02:48 PM

දුන් ප්‍රතිඥා ඉටුකිරීමට කැපවී සිටින බව කිව්වට, තවම ජනතාව පැත්තෙන් බලද්දී නම් ඒ බවක් පෙනෙන්නට නෑ. දුන් ප්‍රතිඥා ඉටුකිරීම කෙසේවෙතත වෙනත් වෙනත් දේවල් නම් කරන බව පේනවා. මොනවා කරන්නද, බලා සිටිනු හැර.

:       11       46

samanSaturday, 18 January 2025 01:31 AM

ජනපති අනුර චීන සංචාරයේදී ගිවිසුම් කිහිපයකට (සංචාරක, ඉන්ධන පිරිපහදුව සහ කුකුල් මස් export කිරීම සම්බන්ධව) අත්සන් කර ඇති අතර ජනමාධ්‍ය සම්බන්ධව ගිවිසුම් කිහිපයකට අත්සන් කර තිබේ. චීනය යනු නිදහස් ජනමාධ්‍යයක් නොමැති රටකි. ජනමාධ්‍ය දැඩි පාලනයකට ලක්කර ඇත. අනුර මේ සූදානම් වන්නේ චීනය මෙන් ලංකාවේ නිදහස් ජනමාධ්‍ය හමාර කිරීමටද කියා සැකයක් මතුවේ..!

:       1       5

Dulsanka Monday, 13 January 2025 03:05 PM

අම්මෝ අපිට පේනවා. ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ."

:       6       50

ranmali gunasekara Monday, 13 January 2025 03:24 PM

ඉටුකරන නිසාද තයිපොංගල් කන්න හාල් ටිකත් නැතිකලේ? අනේ , ඔබ වගේ කයියානායක වාචාලයකු. බොරුවෙන් මිනිස්සු රැවැට්ටුවා. ඔබට මේ කළ දේ නම් පලදෙන එක පලදෙනවමයි."

:       9       52

RasiMonday, 20 January 2025 11:37 AM

රන්මලී, ජනාධිපතිව පත් කරලා තියෙන්නේ, මේ ක්‍රමය වෙනස් කරලා, රටේ මේ විදෙන් විදේ මතුවන හිගතා ඉවත්ව රටේ හැම අංශයක්ම ස්ථාවර කිරීමටයි. ඔයයි, ඔයාගේ හාමුලයි එකතුවෙලා හදපු දියුණු රටේ මාස දෙකෙන් හාල් දෙන්න පුළුවන් කියල හිතන ඔයාගේ මනස එක්කෝ කුඩයි, නැත්තම ඔයාට ඕන නැවත ඒ කුණු ක්‍රමය ගෙන්වාගෙන නැවත හාමුලට පාඩුවේ කාගෙන ඉන්න දීම.

:       8       3

GAMA VARESE Monday, 13 January 2025 03:33 PM

මේ මොකට කියනවද. දැනටමත් අපි සිතපු කියපු දේවල් නම් ඉෂ්ට සිද්ධ වෙලා ඉවරයි

:       5       45

karolis Monday, 13 January 2025 03:54 PM

පලවෙනි පඩියෙන් කාර් ගන්න හිටපු කට්ටිය ට නම් දීපු ප්‍රතිඥාව ඉටු කරා

:       5       45

රම්බොඩ Monday, 13 January 2025 05:27 PM

මේවා ඉතින් ලස්සන රචනා. කවදත් අපි ගොඩක් නායකයින්ගේ රචකයින් අතින් ලියැවුණු රචනා කියවලා සතුටු වුණා. දැන් නම් උපේක්ෂාවෙන් බලා ඉන්⁣නෙ කරලම පෙන්වනකම්. විදුලි බිල නමු තව අවුරුදු තුනකින් කිව්වනෙ. තව බොහෝ දේ ඇත

:       12       84

එක මිටට... Monday, 13 January 2025 08:58 PM

Signal AD එකකට වගේ හිනා වෙවී ඉන්නේ නැතුව දැන් කරන මගුලක් කරපල්ලකෝ ඉතින්...

:       5       43

Damith Tuesday, 14 January 2025 08:35 AM

අපි නොදන්න චෙස්‍

:       6       52

[email protected] Tuesday, 14 January 2025 10:02 AM

අසව් අසව් මෙන්න තවත් පචයක්

:       7       51

fairoos Tuesday, 14 January 2025 03:12 PM

අලුත් ආණ්ඩුව පත්වෙලා මාසයක් තමයි ඉවර... ඒ වුණාට බයියන්ට රට හදන්න තියන හදිස්සිය අදහස්වලින් පේනවා.

:       56       8

karolisTuesday, 14 January 2025 03:56 PM

මී හරක් වගේ ඡන්දේ දීලා දැන් ගිරවා වගේ එකම කියවනවා...

:       7       47

Nishan Wednesday, 15 January 2025 02:38 AM

බත් කන දවස් ගාන හතෙන් පහට බස්සපු මනුස්සයා මෙහෙම කියන්නේ. අනේ මේ අවුරුද්දේ ලයිට් නැතුව ඉන්න නොලැබේවා. බයිසිකලෙන් වැඩට යන තත්වයක් ඇති නොවේවා. දරුවන්ටවත් හරියට තුන් වේල කන්න දෙන්න ලැබේවා. ඒකයි අපේ නම් පැතුම.

:       1       23

Kamal Wednesday, 15 January 2025 04:00 AM

ෆෙයාරූස් අවුරුදු පහක කාලය වුවද ඇත. ටික කලක් බව පෙනේ

:       2       9

Jamal Wednesday, 15 January 2025 04:02 AM

දුක් වින්ඳ අවසන් පෝය පහුඋනා මිත්‍රවරුනි

:       3       18

ඒ.ආර්.වීරසෙන Friday, 17 January 2025 06:01 AM

ප්‍රතිඥා ව යනු තවත් පොරොන්දුවක් පමනි.එයද වචනයට සීමා වීමට ඉඩ ඇත. මැතිවරනවලදී විදේශ රැකියා කරන්නන් තම වියදමින් පැමින මාලිමාවට චන්දය දුන්නේ දුන් පොරොන්දු ඉටුවනු ඇත කියා විශවාශයෙනි.ජනතාවට විශාල බරක් වූ හිටපු ජනපතිවරුන්ට ලබාදී ඇති සියලු වරප්‍රසාද අහෝසි කරන බවත්,ඔවුන්ට දී ඇති නිල නිවාස (කොලබ 7) සංචාරක මන්ඩලයට ලබා දෙන බවත් කීවේය. එහිදී ව්‍යාවස්තාවෙන් ඇති බාදා නැති කිරීමට ව්‍යවස්තාව සංශෝදනය කිරීමට 2/3 බලයද ලබා දුන්නේය. දැන් ඒ ගැන නිහඩය.. මහබැංකු කොල්ලය ,සීනි බදු වංචාව,වෙනත් බොහෝවංචා සම්බන්ද ව නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීම පොරොන්දු කඩ කිරීමකි.රංජා කීවා උන් ඔක්කොම යාලුවො මල්ලී, හොරු අල්ලන්නෙ නැහ කියා. එය ඇත්ත බව පෙනේ.වත්මන් නායකයන් අද විදින සම්පත් ලබා දුන්නේ ජනතාවය.කුමක් හෝ මී ලග චන්දයේදී ජනතාව දැඩි පියවරක් ගන්නවා නියතය.1950/60 දශක වලදී පැවති රජයන් විසින්ශ්‍රමදාන ව්‍යාපාරයක් ආරම්බ කර නොයෙකුත් ජනතා සේවාවන් ජනතා සහබාගිත්වයෙන් ඉටු කරන ලදී. අද එය ඉංග්‍රීසි නමකින් ( Clean Sri Lanka) නමින් ආරම්භ කර ඇත.එහෙත් එම කටයුතු කිරීමට ආයතන ඇත.ජනතාවට දැවෙන ප්‍රශ්න ඇත. පොරොන්දු ඉටු නොවීම කනගාටුවකි.

:       2       6

CC Tuesday, 21 January 2025 12:47 PM

මේ කමෙන්ට් දෙස බලද්දී මේ ජනතාවාදී රජයට ඡන්දය පාවිච්චි නොකල වංක දූෂිත ප්‍රෝඩාකාරී හොර තක්කඩි හිටපු දේශපාලුවන් පසුපස ගිය හුදු පෞද්ගලික ලාබ ප්‍රයෝජන වෙනුවෙන් කටයුතු කරන මජර බත්බැලයන් පිරිසක් එකතුවී කිසිදු පදනමක් නැතිව කරන හිස් ප්‍රකාශ බව හොදින්ම තේරුම්යයි.අපි මේ රජය පත්කරගත්තේ වසර ගණනාවක් සෑම ක්ෂේත්‍රයක්ම විනාශ කරපු රට, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විනයගරුක,නීතිගරුක සෑම අතකින්ම දියුනු සංවර්ධිත රාජ්‍යක් මේ රටේ බිහිකීරීමේ ඒකායන බලාපොරොත්තු ඇතිවයි. අද ජනතාවාදී අවංක අදූෂිත පාලනයක් බිහිකරල ඉතාම සාර්තකව රටේ ගැටළුවලට විසදුම් සොයමින් රටේ මධ්‍යකාලීන හා කෙටිකාලීන සැලසුම් අනුව අවංක ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ රට ඉදිරියට මෙහෙයවන සැටි හා දූෂිතයන්ගේ පදනම්විරහිත මඩප්‍රචාර ජාලයන් හමුවේ.ජනතාව නොමග යාමට නොදී නිසි පිළිතුරු දෙමින් සිටින් උගත් බුද්ධිමත් අවංක දේශපාන නායකයන් දෙන ආදර් ශ පිළිබඳ සෑහීමකට පත් වෙමිනි.

:       8       2

casmirThursday, 30 January 2025 01:09 PM

බැලුම්බෝල පිම්බුවහම ගොඩක් ලස්සනයි. පාට පාට බැලුම්බෝලත් තියෙනවා. හැබයි අතු අල හිස් , කවුරුවත් වංචාව දුෂණය අනුමත කරන්නේ නැ වගේම බොරුම කියලා බලයට ඇවිත් තවත් බොරු කියන එක අනුමත කරන්නේ නැ . අපිට ඕන නායකයෙක් කරන දේ කියන කියන දේ කරන. විවේචනයම කරලා බලය අරගත්තට රට කරගෙන යන්ඩ මේ මිනිස්සුන්ට බැහැ.

:       0       3

LGP. JATHUNARACHCHI. Thursday, 23 January 2025 06:11 AM

කවදා ද ?

:       0       3

Jamal Friday, 24 January 2025 04:20 AM

CC ගවයට ජෙප්පෝ විතරයි හොඳ. අනික අය ඔක්කොම වංකයි. එතකොට කවුද හොඳම ටොම් පචයා?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 405 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 712 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 230 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 124 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1383 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 2376 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 118 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 30 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1069 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site