(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේදී පැවැත්වුවහොත් එය ලෝක වාර්තාවක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එසේ කළහොත් මුදල් මුද්‍රණය කර මැතිවරණයක් පවත්වන එකම රට ලෙස ඉතිහාස ගතවන බවද ඔහු කීවේය.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
" ඡන්දය තියන්න පුළුවන් ලෝක වාර්තාවකුත් එක්ක. මොකක්ද ලෝක වාර්තාව. ලෝකයේ දැවැන්තම ආර්ථික අර්බුදයක ඉන්න රටක්.මුදල් මුද්‍රණය කරලා පළාත් පාලන මැතිවරණයක් තිබ්බා කියන එක ලෝක වාර්තාවක් තමයි. එහෙමනම් මැතිවරණය තියමු"
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දැන් මැතිවරණයක් තිබ්බොත් ලෝක වාර්තාවක් වෙනවා
ranjith Friday, 06 January 2023 07:42 PM
ලෝක වාර්තාව වෙන්නේ රට බංකොළොත් කරලා සල්ලි නැත කියලා ඡන්ද නොතියා රට බංකොළොත් කරපු කට්ටිය රට පාලනය කරන එක. ඡන්ද තියන්න බැරි නම් ඔය කට්ටිය අයින් වෙලා රට ගොඩගන්න පුළුවන් බුද්ධිමත් දක්ෂ කණ්ඩායමකට රට බාරදෙන්නකෝ.
DonSunday, 08 January 2023 07:07 AM
මෙයාලා හදන්නේ එක පැයක් හරි බලයේ ඉන්නයි.
Rohana Friday, 06 January 2023 07:43 PM
මැතිවරණය ආණ්ඩුවට වාසි සහගතනම් ඔය කතා මොකුත් නෑ යසට මැතිවරණ හොය හොයා පවත්වනවා. සල්ලි නැත්නම් සල්ලි හොයාගෙන කොහොම හරි මැතිවරණය පවත්වන්න එතකොට පුළුවන්.
ගජමිතුරු Friday, 06 January 2023 08:00 PM
ඇමතිතුමා ලංකාවෙ ගම්වල සිටින සමහරක් මිනිස්සු කියන්නෙ රටේ සල්ලි නැත්නම් ආණ්ඩුවට සල්ලි අච්චූගහන්න බැරිද කියලා එහෙම අයට ඔබතුමා කියනදේ වැදගත් කමක් නැහැ .ඔවුන් දන්නෙ නැහැ ආදායමක් නැතුව සල්ලි අච්චුගහපුවාම වෙන්නෙ මොකක්ද කියලා. බොහෝවිට සමුර්ධි ගන්නෙත් හැම දෙයක්ම රජයෙන්ම ඉල්ලන්නෙත් අලුතින් සමුර්ධි හා වෙනත් දීමනා ඉල්ලන්නේත් එහෙම පිරිස තමයි ඔබතුමා සිතාබලන්න රුපියල් ලක්ෂ එකහමාරක් ඉක්මවා වැටුපක් ගන්න අයවත් එයට අකමැතියි කියලා හිතන්න බැහැ මොකද ආදායම් බදුවලට විරුද්ධව පෙත්සම් ගහන්නෙ නොදැනීම නිසා නේද සමහර විට ඔවුන් හිතනවා ඇති ආණ්ඩුවට සල්ලි වහිනවා කියලා
ChamilSaturday, 07 January 2023 12:06 AM
දන්න මගුලක් කියපන් ගොන් බයියෝ
සචින්තSaturday, 07 January 2023 07:00 AM
මහ බැංකු අධිපතිතුමා කියල තිබුනා සල්ලි අච්චුගැහුවොත් පන්දාහෙ කොලේ බිංදු දෙකක් විතර කපන්න වෙනවා කියලා එයින් කියන්නෙ මුදල් වටිනාකම බහිනවා කියලා ඉතින් සල්ලි අච්චූගහල මැතිවරණයක් තොව්වොත් බිංදු තුනම කපන්න වෙන්න පුළුවන් එහෙම දෙයක් තේරුම් ගන්න බැරි වියතුන් ඩිස්ලයික් දැමීම සැලකිය යුතු කරුණක් නොවෙයි මිතුරු.
Nalaka Friday, 06 January 2023 08:20 PM
පවතින ආණ්ඩුවක් ලබන නින්දා සහගතම පරාජය වාර්තා කරමින් මේක ලෝක වාර්තාවක් වෙනවා.
Sunil Friday, 06 January 2023 08:25 PM
මොනවද මේ කතා? මැතිවරණයක් එන බව හොඳාකාරව දැන සිටියා. මුදල් හිඟවුණෙත් මේ වගේ අයගේ බූරු මුදල් කලමණාකරණය නිසා. ලෝක වාර්තා ගැන කතා අපට අවශ්‍ය නැහැ. නියමිත පරිදි මැතිවරණ පවත්වන්න.
Sas Friday, 06 January 2023 08:39 PM
ආර්ථිකය විනාශ කර රාජපක්ෂ ලා ලෝක වාර්තාවක් තබා ඇත. රනිල්ට ජන වරමක් නැත. රටට දැන් අවශ්‍ය වන්නේ ජන වරමක් ඇති ආණ්ඩුව කි. ඵ් සඳහා මැතිවරණ පැවැත්වීම අවශ්‍ය වෙයි. සත්‍ය ජනවරමක් ඇති රජයකට විදේශ ආධාර ලඛා ගැනීමට ද පහසු වෙයි.
lalindra Friday, 06 January 2023 10:19 PM
ලෝක වාර්තවනම් විදුලි බල මණ්ඩලය වාගේ ආයතනවලට ලක්ෂ 2-4 අරන් රස්සාවල් වලට දාලා ඒ ආයතන බංකොලොත් කරපු ඇමතිවරු තාමත් ඇමතිකම් දැරීමයි.
siri Friday, 06 January 2023 10:35 PM
ඔහලෙමනේ කිව්වේ මහබැංකු හොරකමේ සල්ලි ටික ගත්තොත් රට ගොඩගන්න වෙන මුකුත් ඕනෙ නෑ කියලා. එහෙම කියලා ජනතාව ගොනාට අන්දලා ඡන්ද අරන් මහ බැංකු හොරුන්ට එකතු වෙලා රට බංකොළොත් බව අන්තයටම බස්සනවා.
මසිරිපාලSunday, 08 January 2023 06:17 AM
මහබැංකු හොරකම ගැන පමණක් කියන්නෙ උඹේ නායකයො කරපු සීනි වංචාව එමෙන් දෙගුණයකට වැඩියි. ඒ වගේම තවත් කොටසක් සදහා දුන්නු බදුසහන කොපමණද කියලා දන්නෙ නැද්ද? මුලින්ම නුඹේ නායකයො සුනාමි ආධාර සියල්ලම කෑව. නුඹටත් ලැබෙන ඇති කියලා හිතෙනවා. මොකද බැංකු හොරකම් විතරක් ගැන කියන නිසා. කොහොම වුනත් රට විනාශයට හැරුණේ 1952 හර්තාලය සමග ඇතිවූ සියල්ලම රජයෙන්ම කෑමට බලාසිටීම සහ 1956 සිට ආරම්භ කල වලව් ඉක්මවා පුද්ගලික අංශය ඉහළින් සිටීයැයි බියෙන් පුද්ගලික අංශය විනාශ කිරීම ආරම්භ කිරීමෙන් පසුව කියලා කියන්න පුළුවන්.
Dayananda Friday, 06 January 2023 11:02 PM
ඒක නෙමේ සියබලා ගැත්තෝ ලෝක වාර්තාව වෙන්නේ අන්ත නින්දිත අන්දමින් පරාජයක් ලබපු මැතිවරණයක් සහ පාලක පක්ෂයක් බලයේ සිටියදී ලබපු අති විශාල පරාජය... ඒ විදීයටය් ලෝක වාර්තාව ලියවෙන්නේ.. උබලා හොදටම බයවෙලා හිරවෙලා නේද?
sg Friday, 06 January 2023 11:57 PM
first, of all keep the legitimacy of democracy. Dont express power-greedy ideas. Who bankrupts the country? where are they now? if you people cannot, give it to the suitable team then they will do it well. The international community as well closely watching this process.
Ratawasiyek Saturday, 07 January 2023 12:12 AM
චන්ද ප්‍රතිඵල නම් ලෝක වාර්තාවක් තියයි. බිලියන ගණන් හොරකම් කරලා රට මේ තත්වෙට වැටෙනකම් බලාගෙන හිටපු ඔබතුමාලට මේ චන්දෙට යන වියදම ගැන තමයි ලොකු අමාරුව. මෙච්චර කට්ටක් කන මිනිස්සුන්ට ඕක මොකද්ද.
ano Saturday, 07 January 2023 12:39 AM
තාම දන්නෙ නැත්ද සල්ලි මුද්‍රණය කරලා හොරකම් කරලා වාර්තා තියෙලා කියලා
ජගත් ලියනගේ Saturday, 07 January 2023 12:45 AM
ඇත්ත කියන්න කෝ. මැතිවරණයක් තිබ්බොත් ඇපත් නැති වෙන නිසා නේද ලොකු ලොකු කතා කියන්නේ?
C.K.Lankaputhra Saturday, 07 January 2023 05:02 AM
නොකෙරන වෙද කමට නෙවෙයි නොකරන්න උවමනා වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුයි තව ටිකක් ඔ්නලු.
Danish Saturday, 07 January 2023 05:19 AM
We are not agree with you minister. We need election. Don’t mislead people.
Demuni Uduwara Saturday, 07 January 2023 05:46 AM
You all too depend on printed currencies !
Buddika Saturday, 07 January 2023 06:41 AM
ලෝක වාර්තා නොවෙයි මෙනාවා තිබ්බත් ඡන්දය ඕනි. ඡන්ය එපා කියන්නේ ඔහෙලා සහ UNP එක විතරයි. ඒ පරාජය ස්ථිර නිසා.
Bamunuarachchi Saturday, 07 January 2023 06:48 AM
මොන පිස්සුද ලොක්ක මේ හෙනියේ මොන ඡන්දද? ලේ සැලෙන විප්ලව කරලා රට අල්ල ගන්න හදපු ජෙප්පන්ට රට මකබාවිලා ගියත් කමක් නැහැ බලය අල්ලනයි ඕනේ . ඊට පස්සේ රට ගොඩ ගන්න මුන් මොකද කොරන්නේ? කොහෙන්ද ජෙප්පන්ට සල්ලි ඩොලර්? ඒවා හොයනහැටි කතා කොරනවාද? නැහැ කොරන්නේ රාජපක්ෂලාට බනින එක .අපි මෙරටේ ජීවත් උන මිනිස්සු කව්රු කව්රුත් රටට කරපු දේ අපි දන්නවා. ජෙප්පෝ අපිට කියන්න ඕනේ අනුන්ගේ වැරදි නොවෙයි උන් රට ගොඩනගන හැටි. උන් කියන ඒවා එසැටියෙන්ම අපි පිළිගෙන නියමයි කියන්නේ නැහැ. මේ කියන ඒවා කරන්න පුලුවන්ද කියා අපිත් හිතනවා. ඊට පස්සේ තීරණය කරන්නම් දෙනවාද නැද්ද කියලා. ඡන්ද දැන්ම එපා.
බකසුමන Saturday, 07 January 2023 02:30 PM
බොට අමු කැවිලද බමුණෝ. මොනවද මේ දොඩවන්නේ. මිනිස්සු ඉල්ලන්නේ චන්දෙයක් සිස්ටම් චේන්ජ් එකකට. ඒක එපා කියන්නේ ඇයි.
BamunuarachchiSunday, 08 January 2023 08:52 AM
මට නොවෙයි බෝල තොටයි අමු කැවිලා තිබෙන්නේ. මේ පළාත් පාලන චන්දෙන් කොහොමද සිස්ට්ම් වෙනස් කොරන්නේ? මහා ජෙප්පෝ පළාත් සබා අපිට එපා කිව්වම උම්බලාවගේ පොඩි ජෙප්පෝ පලා බබා අපිට එපා කියනවා. ඒවගේ මහා ජෙප්පෝ සිස්ටම් චේන්ජ් කරන්න බලය ඉල්ලුවාම පොඩි ජෙප්පෝ පළාත් පාලන චන්දෙන් හරි සණස චන්දෙන්හරි සිස්ටම් චේන්ජ් කරන්න හිතනවා. නියම මැට්ටෝ. ඊළඟට උඹ මෙරටේ ජීවත් උනේ නැද්ද? උඹ අලස්කාවෙන්ද මෙරටට ආවේ? මිනිහෝ මෙරටේ ජීවත් උන අපිට කව්රුත් රටේ මොනවද උනේ කියලා කියා දෙන්න ඕනේ නැහැ. මොනසිස්ටම් එකද වෙනස් කරන්නේ? ප්රජාතන්ත්රවාදය කොමිනිස් කොරන්නද හදන්නේ? මොකක්ද අලුත් සිස්ටම් එක? වෙනස් කරන්න යන එක දෙයක් අපි දන්නවා ඒ මෙරටෙන් බුද්දාගම අතුගා දමන්න හදනවා. හැබැයි ජෙප්පන්ට මුස්ලිම් ක්‍රිස්තියානි ආගම් වලට අත තියන්න ලැබෙන්නේ නැහැ. ජෙප්පන්ගේ ගොන් පාට අපිට දමන්න එපා. ජෙපන්නට රට ගියොත් මෙරට කොමිනිස් රටක් වෙන බව ජෙප්පන්ට හුරේ දාන එක ගොබිලයෙක් දන්නේ නැද්ද?.
කිරිපුතා Saturday, 07 January 2023 07:04 AM
සාමාන්‍ය ජනතාවට නම් ඔය පළාතපාලනය කියන සුදු අලියගෙන් වැඩක්ම නෑ. තවත් හොරු ටිකකට බලතල ලැබෙන එක විතරයි වෙන්නෙ . මේ නහින දෙහින වෙලාවෙ ඔය දෝලාව කරට ගත්තොත් කන්න නැතිව බල්ලන්ට හැට්ට මැහුවා වගේ වෙයි.
Nihal Dharmatileke Saturday, 07 January 2023 07:08 AM
ලෝක වාර්තාව වෙන්නේ පොහොට්ටුවේ පරාජයයි. දැනුයි සල්ල අච්චු ගහන එක අමාරු වෙලා තියෙන්නේ.
siril Saturday, 07 January 2023 07:16 AM
ලොකු ඇමති පට්ටම් දුන්නම බෝදිලායගේ බෙල්ලේ රත්තරන් බැන්ඳා වගේ. තමන්ගේ ප්‍රතිපත්ති පැත්කට විසි කරලා වහල්කමින් දොඩවනවා.
p.A.C Peramua Saturday, 07 January 2023 08:20 AM
ආර්තිකය වැනසු හොරු රැල මංකොල්ලකැ වස්තුව නීතිමගින් ලබා ගැනිමට කොන්ද පනනැත්තන්ගේ වැදිබණ බැහැරලා ප්රජාතන්ත්රවාදි මැතිවරණ මගින් හොර පාලකයන් පලවා හැර රට සංවර්නධය කිරිම නරකද? මැතිවරණ සදහා විදෙස් ආධාර ඉක්මනින් ලබා ගත හැකි මුත් ඒගැන කතා නොකරන්නේ ඇයි?
BamunuarachchiSaturday, 07 January 2023 11:57 AM
හලෝ ආර්ථිකය මාසෙන් අවුරුද්දෙන් වැනසූ එක්කක් නොවෙයි . ආර්ථිකය වනසන්න පටන් ගත්තේ 1971 සිටයි. ජෙප්පෝ මෙරටේ බස්, ට්‍රාන්ස්පොමර්, තැපැල් කන්තෝරු ගිනි තියලා අහිංසක හාමුදුරුවරු මිනිස්සු මරලා තමයි ආර්ථිකය වනසන්න පටන් ගත්තේ. 1989 අපිට රැකියා සපයපු විදේශිකයි රටින් පන්න දැමුවා. එදා ඉඳන් ආර්ථිකය වැටුනා. දැන් ඉන්න කොල්ලො කුරුට්ටෝ ඕවා දන්නේ නැහැ. උන් ජෙප්පො මවන සුරංගනා ලෝකේ විස්වාසකරලා හිතනවා අද ජෙප්පෝ බලයට ආවොත් හෙට ඉඳලා සුරසැප ලැබෙයි කියලා. ජේවීපී නායකයින් ගැන ගූගල් කරන්න උන් ඔක්කොම දෑකැත්ත මිටිය ලාංචයේ ඉන්නේ උන් ප්රජාත්න්තත්ර වාදී ක්‍රමයෙන් බලය අල්ලාගෙන රට කොමිනිස් කරන එකයි කොරන්නේ. ටිල්වින් කියන ගොයියා ඉතිහාසය වර නැගුවේ ලෙනින්ගේ පොතක් බලාගෙන්. කොමිනිස් ක්‍රමය ගැන මෙලෝ හසරක් නොදන්නා එවුන්ට ජෙප්පන් ගේ ආණ්ඩුක්රමය,තුන්ඩු කෑල්ලෙන් ආණ්ඩු කිරීම ප්‍රශ්නයක් නොවෙයි. මොකද උන්ට උලත් එකයි පිලත් එකයි. ජේවීපී ආණ්ඩුවකට කැමති එවුන් හිතන්නේ නැහැ බංකොලොත් වෙලා යයි ජෙප්පොම කියන රටක් උන් කොහොමද ගොඩ දමන්නේ කියලා. ඒ නිසා මුන්ගේ බොරුවලට අහුවෙලා අපිට අමාරුවේ වැටෙන්න බැහැ..
ashok Saturday, 07 January 2023 09:31 AM
අලුත් ලෝක වාර්තා තියන්න ඕනේ නැත.දැනටම අලි -පොහොට්ටු ආණ්ඩු ලෝක වාර්තා කෙළවරක් නැතුව තියලා තියනවා.මහ බැංකු මංකොල්ලය ,සීනි බදු ,සුදු ලූනු ලෝකෙම දන්නවා පල් හොරු කියලා
Wijeratna banda Saturday, 07 January 2023 01:48 PM
This government was printed more than 700billion LKR even now everyday printing money so that is the world record This 10 billion for election peanuts That is not true matter is very afraid for election they know the result,
ranjithpre Saturday, 07 January 2023 09:39 PM
මේ බංකොළොත් රටේ බංකොළොත් ආයතනවලට බෝනස් ගෙවන්න බිලියකට වඩා වියදම් කරලා. ඒ වුණාට ඡන්දෙට සල්ලි නෑ. මුන් රටට කරපු අපරාදය නිසා ඡන්දයකට යන්න බයවෙලා. ඡන්ද නොතියා කොයිතාක්කල් ඉන්නද? තව කල් යනකොට අපි පොහොට්ටුවට තියෙන දැනට තියන ඡන්ද සොච්චමත් නැතුව යනවා.