IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


දින 4 ක් දිවයිනටම ඇඳිරි නීතිය

(දිමුතු සඳරුවන්)

කොරෝනා වයිරස බලපෑමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු  බලාත්මකව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
සෙසු සියලු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 වැනිදා උදෑසන 6.00 දක්වා දීර්ඝ කරන අතර  එම දිස්ත්‍රික්කවලම උදේ 6.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ.
 
මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 6.00 ට ලිහිල් කොට සවස 4.00ට යළි පනවන බව කළින් නිවේදනය කළද දැන් එය වෙනස් කර ඇත.
 
කොරෝනා වයිරසය ව්‍යාප්තිය නතර කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ යහපත වෙනුවෙනි.
 
එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කෙරේ.
 
අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන මෙන් රජය තවදුරටත් ඉල්ලා සිටී.
 
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.
 
කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ සහ ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.
 
අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
 
අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.
 
කවර හෝ දිස්ත්‍රික්කයක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ. කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.


 



අදහස් (21)

දින 4 ක් දිවයිනටම ඇඳිරි නීතිය

රංග Saturday, 11 April 2020 03:45 PM

බොහොම හොදයි. ඊලග මැතිවරණයෙන් අපි දෙන්නම් ජන්දේ අපිට මේ පිඩාවලට හරි යන්නත් එක්කම.

:       4188       4043

RaveendraSaturday, 11 April 2020 04:25 PM

අප ඔබගේ අදහස් පිලිබදව කනගාටු වන්නෙමු. අප කිසිවෙකුට කඩේ යනවා නොව. එලෙසම අප කිසිදු පක්ෂයක ඇම්බැට්ටයන් නොව නමුත් රටේ යහපත වෙනුවෙන් මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කිනම් රජයක් හොද තීරණ ගන්නේද අප එය නිහතමානිව අගය කරන්නෙමු. අප මෙම තීරණය අවංකවම හිතට එකගව අගය කරන්නෙමු. එලෙසම "යාම රජා නොව මොකා" බලයේ සිටියත් වැරදි වැඩක් නම් කරන්නේ අප එයට විරුද්ධව අපගේ අදහස් නොබියව ප්‍රකාශ කරන්නෙමු. මෙම අවදානම් තත්වය ඔබ වන්දනාමාන කරන පක්ෂයක අරමුණු සමග පටලවාගෙන ඇති බවනම් ඉතාමත්ම පැහැදිලිය. මක්නිසාදයත් මෙම වෛරසය බෝවීම වැලැක්වීමේ අරමුණින් රජයක් ගත තීරණයක් කිසිවෙකු එය දේශපාලන ලෙස තේරුම් ගන්නේ නම් ඒකා නියම " අම්බරුවෙකි... " . එකාව හැදින්වීමට වෙනත් වචන තිබුනත් මෙහි සදහන් කිරීමට නොහැකි බවත් කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. ඔබ වන්දනාමාන කරන පක්ෂයට දෙයියන්ගේම පිහිට ලැබේවා !!

:       626       2370

ChandimaSaturday, 11 April 2020 04:44 PM

තමුන්ගේ පීඩා ගැන නැතිව රට ගැන හිතන්න. මෝඩයෙක් වගේ කියවන්න එපා..

:       851       778

ranaSunday, 12 April 2020 02:08 AM

අදුරදර්ශී, බලයට කෑදර පාලකින් නිසා ජනතාවක් විඳින දුක් ? තමන්ගේ අදහස් මුදුන් පත් කරගන්න ජනතාව බිල්ලට. හැමදේම ඕකනේ..., වෙන රටවලට අරක උනා මේක උනා, තමන්ගේ රටට හෙන...

:       9       3

PradeepSaturday, 11 April 2020 05:01 PM

මේ වගේ හිතන මිනිස්සු එක්ක කොහොමද ඉතිං රටක් හදන්නේ.. ඇමරිකාවේ වගේ කරගන්නද ඕන...?

:       180       712

SamanSaturday, 11 April 2020 10:14 PM

රංග, ඊළඟ චන්දෙදි චන්දෙ දෙන්න ඉතුරු වෙන්නේ දැන් පීඩා විඳලා හරි ජීවත් වුනොත් විතරයි කියල මතක් කරගන්න. නැත්නම් ඉතාලියට, ස්පාඤ්ඤයට , ඇමරිකාවට, එංගලන්තෙට එහෙම යන්න තිබුන ටිකක් කලින් ගියා නම්. නිදහසේ නිදැල්ලේ හැසිරෙන ගමන් නිදහසේ කොරෝන හදාගන්නත් පුළුවන්. හැබැයි චන්දෙ දෙන්න වෙන්නේ නම් එහා ලෝකෙදි වෙන්න පුළුවනි.

:       0       10

Anton austriaSunday, 12 April 2020 12:47 AM

රංග නම් මොහු නූගත් මානසික රෝගයක් ඇති පුද්ගලයන්. මොහු හිතන්නේ ඔහුගේ ඡන්දය විතරයි වලංගු කියා. ඔබ වැනි මෝඩයින්ගේ ප‍්‍රතිශතය අඩුයි දැන් ලංකාවේ.... ඔබ වැනි අය රටට වඩා පවුලට බරකි...

:       0       6

anuraSunday, 12 April 2020 02:00 AM

මොහු වෛරසය හා වෛරය පතුරුවන්නෙක් බව පෙනේ....

:       0       6

චමින්දSunday, 12 April 2020 02:09 AM

රටේ කොතෙක් අයහපත් තත්වයක් තිබුනත් සමහර වැසියන් (මානසික අවපාතයෙන් යුතු අය) පුරුදු පරිදි අවුරුදු කරන්න බඩුගන්නවා අපි දැක්ක. ඒ නිසා එදාවේල සරිකල දුප්පත් පැලපත් වාසීන්ට හැර වැඩිදෙනෙකෙුට සතියක් ඇදිරි නීතිය තිබුනත් ගැටළුවක් නොනේවි මොනවා කර හෝ ඉක්මනින්ම මෙම වසංගතය රටින් තුරන්කර දෙන්න....

:       0       102

lakmal Saturday, 11 April 2020 05:48 PM

අයියෝ රංග ඔබතුමා මෝඩයෙක් උනාට පෙන්නන්න යන්න එපා. මුලු ලෝකයම වැටිලා තියෙන්නේ. අපි ඉන්නේ ඉතාලියේ. මෙහෙ මොන තරම් මිනිස්සු මැරෙනවද? ලංකාව කොච්චර හොදට ආරක්ෂා කරගන්නවද ජනාධිපතිතුමා.

:       417       631

banda Saturday, 11 April 2020 09:48 PM

මෙම ඇදිරි නිතිය අවසන් කරන්නේ කවදද? ගුවන් තොටුපල අරින්නේ කවදද? රටට අවශ්‍ය දේවල් හිගයකින් තොරව බෙදන්නේ කවදද? රටේ නිෂ්පාදනය පටන් ගන්නේ කවදද? මේවට විසදුම් පාලකයන්ට නැත. කරුණාකර ඇදිරිනීතිය ඉවත් කර ජනජීවිතය යථා තත්වයට පත් කරන්න...

:       234       5

dhamneth Sunday, 12 April 2020 01:48 AM

තවමත් අප අතර සිරිතක් තිබෙනවා... තම ගෙදර කෙනෙකුට පැපොල් වගේ බෝවෙන රෝගයක් වැළදුනොත් ගේ ඉදිරිපස ගොක් රෑනක් එල්ලනවා. නිවසට එන කෙනකුට දැනගන්න එම නිවසේ බෝවන රෝගියෙකු සිටින බව.... පැමිණෙන පුද්ගලයාගේ ආරක්ෂාව සඳහා.

:       0       1

එස් සමරනායක,, Sunday, 12 April 2020 01:49 AM

ඇඳිරි නීතිය දාල මිනිස්සු ගෙවල් ඇතුලේ හිරකාරයෝ කරලා... ඔවුන්ගේ ආදායම් මාර්ග බිඳ වැටිලා. පොඩි දරුවාගේ කරේ තියෙන පන්චායුදෙත් උකස් තියලා ජීවිතේ රැකගන්න. රාජපක්ෂලත්, අනිත් ලොක්කොත් ටී.වී එකේ පම්පෝරි ගගහා ,මහජන බදු මුදලින් සැප විඳිමින් කොරෝනා .චැම්පියන්වෙන්න දඟලනවා

:       193       24

lanka Sunday, 12 April 2020 02:32 AM

ඉදිරියට මොන වාතාවරණයක් උදා උනත්, දැනට රජය සහ නිලධාරීන් ගන්න මේ උත්සාහය ඉතාම අගය කරනවා. ගොඩක් නිලධාරීන් කැපවීමෙන් වැඩකරන බව පේනවා. කරුණාකර සියලු ගොවි නිෂ්පාදන රජයේ අනුග්‍රහයෙන් ලබාගෙන තැපැල් දෙපාර්තමේන්තුව හරහා ජනතාවට බෙදාහරින ක්‍රමයක් ඇති කරන්න. මේ සඳහා තැපෑලට වාහන නැතිනම් මේ දවස් වල ක්‍රියාත්මක නොවන සියලු රජයේ වාහන තැපෑලට දෙන්න. එළවලු සහ සහල් මාළු ප්‍රවාහනයට දුම්රිය, ලංගම, කෘෂිකර්ම සහ ධිවර අමාත්‍යාංශය සතු වාහන සහ සේවකයන් යොදවන්න... සියලුම ජනතාව පටි තදකර ගන්න. මාසයක දෙකක පඩියක් දෙකක් නොගෙවුව කියල නිවසට වෙලා ඉන්න රජයේ සේවකයා අමනාප නොවෙයි කියල හිතනවා . රටේ ආර්ථිකය සහ ආදායම නැවතිලා කියල ඔවුන් හොඳින් දන්නවා ඇති කියලත් හිතනවා. මේ තමයි මාසේ පඩියකට හෝ දෙකකට වඩා රට ගැන හිතල ඉවසන්න වෙලාව. මම කියන්නේ මුළු පඩියම නොගෙවන්න කියල නෙමෙයි. සියලු දෙනාට පඩි බාගයක් ලැබුනොත් ඇති .

:       0       186

Anurudda Sunday, 12 April 2020 02:43 AM

මෙය ඉතා හොද වැඩක්. අනිවාර්යයෙන්ම මේ ක්‍රියාමාර්ගයට අපි එකග විය යුතුයි. එය කරන්නේ අපගේ යහපත සදහා. කෙසේ වෙතත් රංග මහත්තයගේ අදහස දේශපාලනය කෙසේ වෙතත් බැහැර කළ නොහැකි දෙයක් ඇත. එනම් එදා වේල සරි කරගන්න රටක් ලොක් ඩවුන් කළ නොහැකි බවට පහුගිය දිනවල පළවූ අදහස නොවේද? රංගට ඇති ගැටළු ඔහුට විරුද්ධව කමෙන්ට් දැමූ අයට නැතිවෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේ මිනිසුන්ගේ දේශපාලනය ඇදගෙන අපහාස නොකර කලබල වන තැනැත්තන්ගේද හිත හදා මේ ගමන යමු. ඇත්තටම අපේ ගෙදරට කොයි තරම් අඩුපාඩු තිබුනත් ඇත්තෙන්ම අපේ ගෙදරට අඩුපාඩු කොයිතරම් තිබුනත් අපිට පුලුවන් විදියට දන්න කියන අයගැනත් හොයා බලනවා. ඒත් රටේ මිනිස්සු ගැන හිතනකොට හරිම දුකයි. මක් කියන්නේ කොහොමහරි ඉවසගෙන ඉන්න. මේ වෙලාවේ ඔයගොල්ලෝ නොපැකිලව ඔයාලට තියෙන අඩුපාඩු කාගෙන් හරි ඉල්ලන්න. අතීතයේ ඔයගොල්ලෝ හොදින් ඉන්න ඇති. අපි ඒ තත්වෙට ආයේ යන්න උත්සහ කරමු. පුලුවන් තරම් අනික් කෙනා ගැනත් හොයමු.

:       0       1

Tharuka Sunday, 12 April 2020 04:48 AM

අනේ රංග වගේ ළිදේ ඉන්න මෝඩයෙක්. මෙයා දන්නේ නෑ ලෝකේ මොනවද වෙන්නේ කියලා.

:       114       127

ලුම්බිණි Sunday, 12 April 2020 04:49 AM

දැන් සමහර පළාත් වල ඇඳිරි නීතිය අවසන් කරන්න කාලේ කියලා මට හිතෙන්නේ.

:       14       1

amila Sunday, 12 April 2020 05:26 AM

මිනිස්සු පින් දෙන්න ඕන ජනපතිතුමාට. ආයුධ වලින් කරපු යුද්දෙට වඩා මේක භයානකයි. අර හිටන් හුටන් ඩබල හිටියනං ලංකාවේ භාගයක් මැරිලා මෙලහට. අමන අදහස් ගැන කනගාටුයි.

:       8       21

Oshan Sunday, 12 April 2020 05:44 AM

මාලදිවයිනේ වගේ හරි වෙලාවට තිරන ගත්ත නම් මෙහෙම කරදර වෙන්නෙ නැ. රටේ රෝගීන් වාර්තා වු වහාම එයාර් පෝට් වහලා රට සම්පුර්නයෙන්ම නිරෝදනය කරලා රට බේරගත්ත. ඒකට ලංකාවෙ ලොක්කො ලෙඩ්ඩු 28 ඉන්න කොට රට ලොක්ඩවුන් කරන්නෙ මොන පිස්සුවකටද චන්දෙ තියන්න ඕන කිව්වා. සැමනුයි පරිප්පුයි අඩු කරලා මැතිවරන අල්ලස් දුන්න. GMOA එකටයි, මැතිවරන කොමසාරිස්ටයි පිං සිද්දවෙන්න මෙහෙම හරි බේරුනේ. චන්දෙ කල් දැම්මට කොමසාරිස්ට ආන්ඩුවේ අය පතුරු ගහනවා. තාමත් මේ බොරුව සම හරක් සිංහලයන්ට තේරෙන්නෙ නැ.

:       1       17

කනිෂ්ක Sunday, 12 April 2020 07:25 AM

මේ වන විට අර ජනාධිපති සහ අගමැති බලයේ සිටියානම් නම් තත්වය...ඇත්තටම මේ රටේ ජනතාව ඉතා වාසනාවන්තයි ඒ අතින්....

:       14       23

isurandi Sunday, 12 April 2020 08:13 AM

අපි සැවොම එකාමෙන් හිතලා වැඩ කලොත් මේ උවදුරෙන් ඉක්මනටම රට බේරගන්න හැකිවේවි. මේ වෙලාවේදී හදවතයි බුද්ධියයි දෙකම යොදවාගන්න ඕනේ හැකිපමනින්. අපේ විරුවන් 30 අවුරුද්දක යුද්ධයක් කෙටි කාලයකින් ඉවර කලේ තමන්ගේ ජීවිතය පවා පරදුවට තබලා රට වෙනුවෙන් අපිරිමිත කැප කිරීමක් කිරීමෙන්.... එහෙව් එකේ අපිට බැරිද ආත්මාර්ථකාමී නොවී සහයෝගයෙන් වැඩ කරන්න. මෙතනට පාට කන්නාඩි අනවශ්‍යයි...

:       7       33

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 488 1

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 250 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


ජනපති කාර්යාලයේ තව සැප වාහන 27ක් වෙන්දේසියට
2025 අප්‍රේල් මස 26 426 1

ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.


පොලිස්පති දේශබන්දුට මැතිසබා කමිටුවෙන් චෝදනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 26 332 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත


ඡන්දෙට ගමේ යන්න නිවාඩු දෙන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 26 386 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 1417 0

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 857 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 388 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site