(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දරිද්‍රතාවය පිටු දැකීම සඳහා විධිමත් සැලැස්මක් වහාම සකස් කරන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මේ අතර දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු පවුල් හඳුනා ගැනීමට කඩිනමින් සමීක්ෂණයක් කරන්නැයි එම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව කාරක සභාවේ සභාපති අනතුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 19 වැනි දා රැස්විය. ඉහත නියෝග කෙරුණේ එම රැස්වීමේය.
මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් දෙදෙනකු මියගොස් කුඩා ළමයෙකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දුප්පත්කම නැති කරන්න මැතිසබා කමිටුවෙන් නියෝගයක්
ravin Sunday, 01 October 2023 03:44 PM
දරිද්‍රතාවය අඩුකිරීමේ පළමු පියවර ලෙස රටම උලාකන 225 දෙනා කොමිස් ගැසීම ඇතුළු අනිකුත් දූෂණ නතර කළා නම් නරකයිද? රට ගොඩගැනීම කියා තවතව හූරා කෑම නේද කරන්නේ?
ගමේ එකාලා Sunday, 01 October 2023 04:41 PM
දුප්පත්කම නැතිකරන්න තිබුණා... කාලකන්නි බලලෝභී, දූෂිත දේශපාලුවෝ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය නොකෙරුවා නම්? අවතැන් වූ අසරණයින්ට ලැබුණු සුනාමි ආධාර හොරාකාපු දූෂිත නායකයෙක් හිටියේ. මහින්ද චින්තනේ, ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම කියලා ජනතාව රවට්ටලා බලය අරන් අන්තිමට කරපු හරියම මදිද? දූෂිත දේශපාලුවෝ හැම එකාටම සාපවෙනවා... රටට කරපු විනාසෙට...
Janakasantha Monday, 02 October 2023 08:58 AM
අම්මේ නියමෙටම වැඩේ කරයි... ආයේ අහන්න දෙයක් මෙච්චර කාලයක් ගිහින් බැරිවුණා... අහිංසක මිනිස්සුන්ගේ දුප්පත්කම නැති කරන්න දැන් තමයි කරන්න හදන්නේ... ඇත්තටම මේ වගේ මෝඩ නුගත් හරක් ටිකක්නේ මෙව්වා කියන්නේ... මොවුන් එදා ඉඳලාම කරේ අහිංසක මිනිස්සුන්ගෙන් රිරි මාංශ සුරාගෙන කාපු එක... දැන් එනවා දුප්පත්කම නැති කරන්න... පුළුවන් දෙයක්ද කියන්නේ? මේ හරක් මේ රටේ දූෂිත දේශපාලනය තියන තාක්කල් කවදාකවත් දුප්පත්කම නැති කරන්න බැහැ. ඒක මේ නූගත් මෝඩහරක් වැනි නිලධාරින්ට නොතේරෙන එකයි දුක...!
Bunny Preena Monday, 02 October 2023 11:40 AM
දරිද්‍රතාවය ගැන මේගොල්ලෝ දැනුම්වත් වෙලා තියෙන්නේ හරියට අද ඊයේ වගේනේ... මෙච්චර කාලෙකට ජනගහනයෙන් වැඩි කොටසක් පොහොසතුන් කියලා මෙයාලා හිතාගෙන ඉඳලා තියෙන්නේ...!
Rata Perata Monday, 02 October 2023 11:58 AM
හැම දේශපාලුවම බලය ගන්නෙ දුප්පත්කම නැතිකරනව කියල. දැන් එක නිලදරින්ට පවරල. ඇත්තටම මුන් 226 දෙනා මොනවද කරන්නෙ රටෙ යහපත වෙනුවෙන්?
Sanju Monday, 02 October 2023 08:07 PM
අමාරුම දේ... දුප්පත් මනුස්සයා හොයාගන්නත් බෑනේ මේ ගොල්ලන්ට...!