IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දුප්පතුන්ට බෙදන්න දුන් සහල් පුස් කන්න ඇරලා

(උපුල් හේරත්, සහ සිඩ්නි රුවන් )

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට දුප්පත් ජනතාවට බෙදාදීමට දුන් සහල් තොගයක් කල් ඉකුත්වීමෙන් පසුව යළි බෙදා හැරීම සඳහා කහටගස්දිගිලියේ ප්‍රසිද්ධ සහල් මෝලකට යවා ශුද්ධ (පොලිෂ් ) කරමින් තිබියදී සිය බාරයට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

මෙම සහල් තොගය කොළඹ ප්‍රදේශයේ සිට ලොරි අටකින් පමණ කහටගස්දිගිලියට ප්‍රවාහනය කර ඇති අතර එහි සහල් කිලෝ 1,76,500ක් පමණ ඇතැයිද අධිකාරිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

කල්ඉකුත් වූ සහල් තොගය පොලිෂ්කර නව ඇසුරුම්වල අසුරා මහජනතාවට බෙදා හැරීම සඳහා සහල් මොල් හිමිකරු සමග ගිවිසුමක් අත්සන් කර ඇති බවත් කියැවේ.එසේ පිරිසිදු කිරීමට සහල් කිලෝවකට රුපියල් 12ක් අය කරන බවද එම ගිවිසුමේ සඳහන්වී අැත

සහල් රැගෙන ආ ලොරි රථ අටටම මුද්‍රා තැබීමට පියවර ගත් බව පාරිභෝගික සේවා නිලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක් විජේසුන්දර මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කරන බවයි.

 



අදහස් (5)

දුප්පතුන්ට බෙදන්න දුන් සහල් පුස් කන්න ඇරලා

SL Monday, 13 May 2024 12:30 AM

ඇමතිට ඉන්නවා ලේකම් ලා. පුද්ගලික ලේකම් ලා. අතට පයට වැඩ කාරයෝ. රාජ්‍ය සේවයේ ඉන්නවා හැත්තෑ බුරුත්තක් ...................... මොකටද අප්පා මුන් ? මුන් ඉන්නේ පඩි අරන්,කාර් පර්මිට් අරන් ...................පාර්ලිමේන්තු ගිහින් ආතල් අරන්....................... ඉන්න විතරද ඉස්සරවෙලාම ඇමතිය අල්ලගනිල්ල, ඊට පස්සේ රනිල් වත් අල්ලපල්ලා

:       0       8

සෙනෙවිරත්න Monday, 13 May 2024 04:34 AM

මේකයි, ඕව ගන්න පෝලිමේ එන මිනිස්සු සතුන් හැටියට තමයි ඕව බෙදන අය සලකන්නෙ. ඒ සතුන්ගෙ චන්දෙ විතරයි වැදගත්. ප්‍රශ්නය සතුන්ට අවබෝධයක් නැහැ වෙන්නෙ මොනවද කියල,

:       0       5

BITTER TRUTH Monday, 13 May 2024 09:55 AM

ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       1       0

haal amathi Monday, 13 May 2024 10:04 AM

බෙදුවාම නරක් වෙලා ගුල්ලෝ ගහලා කියනවා .බෙදන්නේ නැතුව හිටියම පුස් කන්න ඇරලා කියනවා.මොකද්ද බොලව් අපි කරන්න ඕන එහෙනම් ?

:       1       3

Bunny Preena Monday, 13 May 2024 02:06 PM

මෙම කරුණ ලෝක ආහාර වැඩසටහනට දන්වන්න තියෙන්නේ.... මුන්ගේ වෙස්මූනු ටික ගලවලා දාන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 106 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 140 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 135 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 109 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 337 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 349 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site