IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දුප්පතුන්ට සහල් කිලෝ විස්සක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ වර්ෂයේ අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂා කරන බවද මෙමගින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා කීය.

මේ සා විශාල ප්‍රමාණයක මුදල් සහනාධාරයක් ඉතිහාසයේ කිසි කලෙක ලබාදී නැතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.


වසරකට  සංචාරකයන් ලක්ෂ 50ක්

2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ  ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ  හිඟය, 1977න් පසු පළමු  වරට 2023 වසර අවසානයේදී  අතිරික්තයක් ඇති කර ගත හැකි වූ බව 9 වන පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරය විවෘත කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2022 අවසානයේදී  දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීමට හැකි වූ බවත් නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වූ 6 වැනි අවස්ථාව මෙය බවත් ජනාධිපතිවරයා කීය.

2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී  1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ අතර මේ වසරේ ජනවාරියේදී පමණක් 200,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි බව ජනාධිපතිවරයා පැවසීය. වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවද සඳහන් කළේය.


ආර්ථිකය ප්‍රකෘති කළා 

ශ්‍රී ලංකා ආර්ථිකය කෙටි කලකදී ප්‍රකෘති කිරීම ලෝක වාර්තාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"දිගුකාලීන වේදනා හා දුෂ්කරතාවයකින් තොරව අප රටේ ආර්ථිකය ප්‍රතිසාධනය කර කරගන්න හැකි වුණා.

ග්‍රීසියට දිගු කලක් වේදනා විඳින්නට සිදුවුණා.ඔවුන්ට ආර්ථිකය ප්‍රකෘතිමත් කරගන්නට වසර දහයක් ගත වුණා. අපට කෙටි කලකදී සුවිශේෂ ජයග්‍රහණ ලබා ගන්නට හැකිවීම ලෝක වාර්තාවක්.

එය අහම්බ සිද්ධියක් නොවේ. ඉතා පරිස්සමෙන් සැකසූ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන් ඒ තත්ත්වය  උදාකර ගත්තා.

අපට අවාසි උනත් රටට හිතකර තීන්දු ගැනීමට අප පසුබට වුණේ නැහැ.පෞද්ගලික අභිලාස පසෙකලා රට වෙනුවෙන් තීරණ ගත්තා."


අර්බුදයට ශාප කරමින් සිට අර්බුද විසඳන්න බෑ

අර්බුද වලින් ගොඩ එන්න පුළුවන් වන්නේ අර්බුදවලට ශාප කරමින් සිටීමෙන් නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.

ජනපති එහිදී මෙසේද කීය.

ලෝකය විවිධ අර්බුදවලට මුහුණ දුන්නා. රටවල් අර්බුද වලට මුහුණ දුන්නා. පෞද්ගලික ජීවිත අර්බුද වලට මුහුණ දුන්නා.සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩ ආ අතර  සමහර අවස්ථාවලදී අර්බුදවලට ගොඩ එන්න බැරි වුණා. 

 තමා තමාටම පහනක් වන ලෙස බුදුන් වහන්සේ පවසා තිබෙනවා.අපටම අප පහනක් උනේ නැතිනම් අපට යහපතක් නැහැ. රටටත් යහපතක් නැහැ.

 



අදහස් (43)

දුප්පතුන්ට සහල් කිලෝ විස්සක්

අසිත Wednesday, 07 February 2024 11:32 AM

බොහොම හොද වැඩක් .ඔබතුමා මේ රට ගොඩගත්තා. ඉදිරියටත් මේ හොද වැඩ කරන්න අනාගතය සුබයි.

:       509       744

අරවින්ද මොනරවිල Wednesday, 07 February 2024 01:44 PM

හාල් කිලෝ 20ක් දීලා අනාගතය සුබ කරගන්න පුළුවන් කියලාද හිතාගෙන ඉන්නේ.., මෙදා සැරේ ඒවා වානා හලෝ, ලොක්කාට ජම්පරේ ඇඳගෙන වැලිකඩ යන්න ලැහැස්ති වෙලා ඉන්න කියන්න....!

:       658       383

KumbakarnaWednesday, 07 February 2024 08:04 PM

ලංකාවට නිදහස ලැබෙන්න අවුරුදු හයකට පමණ පෙර ලෝක යුද්ධය නිසා සලාක ක්‍රමයට භාණ්ඩ දුන්නා... නිදහස ගත්තාට පසුවත් එහෙම කරන්න කියලා සමාජ වාදීන්ගේ ඉල්ලීම තිබුණා හාල් මිල වැඩිකළා කියලා කරපු හර්තාලය තවමත් රසකර කර කනවා. ඊට පස්සේ පළමුවෙන්ම හාල් කිලෝවක් නිකම්ම දුන්නා මිනිස්සු කම්මැලියන් වුණා... ඊළඟ වතාවේ

:       0       3

Dilshan Wednesday, 07 February 2024 11:36 AM

මට බ්‍රේස්ලට් එකක් අවශ්‍යයි

:       106       275

අරවින්ද මොනරවිල Wednesday, 07 February 2024 11:45 AM

ප්‍රතිපත්ති කතාවක් නොවෙයි කරලා තියෙන්නේ චන්ද රැස්වීමක කතාවක්, ඊළග වතාවේ සර්ව පාක්ෂික අපේක්ෂකයා වෙන්න පෙරුම් පුරනවා. ඒක හාල් කිලෝ විස්සක් දීලා කරගන්න පුළුවන් සරළ සිල්ලර වැඩක් කියලා හිතාගෙන ඉන්නේ. ජනතාව අන්ත හිගන තත්වයට පත්කරලා හාල් කිලෝ විස්සක් දීලා චන්ද මංකොල්ල කන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න මෝඩ මහලු පිනෝ දැන් කාලය වෙනස් තාලය වෙනස් බව දැන ගනින්.

:       398       290

WCA Wednesday, 07 February 2024 12:04 PM

20 මදි ලොක්කා චන්දෙ දෙන්න

:       325       216

Saman Wednesday, 07 February 2024 12:04 PM

මුලින්ම චුයින්ගම් , ඊටපස්සේ බ්‍රේස්ලට් , ,ටැබ්ලට් , දැන් හාල් කිලෝ 20ක් , දුප්පත් කට්ටිය වැඩිවෙන තරමට රනිල් මහතාට දේශපාලනය කරන්න පුළුවන්

:       307       198

Muthu Wednesday, 07 February 2024 12:13 PM

මේවා අර ලිංගික අල්ලස් අරන් රස්සා දෙනවා වගේ වැඩ.....

:       247       193

චතුර Wednesday, 07 February 2024 12:15 PM

මට මේවට බත් කලා ඒවා ජිර්ණය වුනාම පිට කරන තැනින් හිනා යනවා... අලුත් අවුරුද්දේ ඒ හාලුත් අර ගෙන මාලිගාවට කතිරෙ ගහන්න අපි සැදි පැහැදි ඉන්නවා ඔං.

:       250       163

උදේනිය Wednesday, 07 February 2024 12:36 PM

නිකන් කන්න බලාගෙන ඉන්න පිරිසක් මේ රටේ ඉන්නකම් මේ රට හදන්න බෑ.හැමදාව මිනිස්සු අහුඋනේ ඕවා ගන්න ගිහින් තමයි. මේ පාරත් ඕවා කනවද? කෑවට කමක් නෑ බැරිමනම් නමුත් අහුවෙන්න එපා.

:       83       199

චන්දන Wednesday, 07 February 2024 12:43 PM

එහෙනම් රජයේ සේවකයන් සියළු දෙනාටම දෙන්න වෙයි.

:       203       138

Ranjith Wednesday, 07 February 2024 01:29 PM

ඔබත් ඒවා ගෙනඑන්නේ හඳෙන්ද?

:       195       105

Nimal Wednesday, 07 February 2024 01:37 PM

ඡන්ද ලක්ෂ 100ක් ගන්න දමන උප්පරවැට්ටි මොනවාද? මොන උප්පරවැට්ටි දැම්මත් ඡන්ද පන්ලක්ෂයක් ගන්න හැකිවෙන්නේ නැහැ මුළු රටින්ම...!

:       225       149

Thilini Perera Wednesday, 07 February 2024 01:41 PM

හාල් කිලෝවලට ඡන්දෙ දුන්න කාලේ ඉවරයි පප්පේ. ඔබලා මේ රට කාලා කාලා දැන් හාල් ටිකක් දීලා මිනිස්සුන්ව අන්දන්න හදනවා. මේ පාර නාකිපරපුරටම ගෙදර යන්න වෙනවා.

:       246       162

Dewa Wednesday, 07 February 2024 01:47 PM

රැවටෙන්න නම් එපා... පසුතැවෙන්න වේවි...!

:       250       154

Vithana Wednesday, 07 February 2024 01:54 PM

මේ කියලා තියෙන දේ නොතේරෙන මෝඩ ජනතාව අපි මාලිමාවට කිය කියා රස්තියාදු වෙනවා. රටක් පාලනය කරනවා කියන එකේ බැරෑරුම්කම එයාලගේ සිල්ලර බුද්ධියට වැටහෙන්නේ නෑ. එයාලාගේ නායකයෝ කියන විදියට පේමන්ට් එකේ ඉන්න කෙනෙක්ටත් ආර්ථිකය ගොඩගන්න රට ගොඩගන්න පුළුවන්. එහෙම නිසයි මෙච්චර කල් මහපාරේ රස්තියාදු වෙච්චි එයාලා ආණ්ඩුව ඉල්ලන්නේ. අපි දැක්කනේ එයාලාගේ නායකයෝ රට වැටුණු වෙලාවේ පැනලා දුවපු හැටි... දැන් මේ මනුස්සයා ආර්ථිකය මේ මට්ටමට හරි ගොඩ ගත්තාම කට්ටියගේ කටවල්වලට පණ ඇවිල්ලා තියෙනවා. දැන් ඔක්කෝම පොරවල් වෙලා.

:       202       372

AkilaWednesday, 07 February 2024 02:19 PM

අනේ Vithana මහතෝ, රට වැටෙන්න පටන් ගත්තේ රනිල්ගේ යහපාලන කාලේ... මතකයිනේ ඩොලර් එක 130ට විතර තිබ්බ එකට වෙච්චි දේ, ඒත් ආර්ථික ප්‍රශ්න විසඳන්නේ නැතිව ජනතාවට බොරු කියමින් පුළුවන් තරම් විදේශ ණය අරගෙන චූන් එකේ හිටියා, ගෝඨාභයගේ කාලේ කවුරුත් ණය දුන්නේ නැති නිසා, භාණ්ඩාගාරය හිස් කරගෙන පෝලිම් යුගය නිර්මාණය වුණා.

:       216       113

Surain Wednesday, 07 February 2024 02:01 PM

මෙයාලා හිමදාම බදුසල්ලි ටික නිකන් දීලා එයා සැප විඳිමින් අපිව හිඟන්නන් කරපු එක විතරයි කළේ...! 

:       355       109

Vithana Wednesday, 07 February 2024 02:12 PM

අරවින්ද මොණරවිල පිස්සුවෙන් දොඩවනවා. මාලිමාව පැරදුණාම පිස්සන් කොටුවට යන්න වෙන සෙට් එකේ එයත් ඉන්නවා...

:       100       135

විජේ Wednesday, 07 February 2024 02:20 PM

හාල් කිලෝ විස්සට දෙකට නැමුණු කාලේ ගියා පප්පේ, කාලෙට ඡන්දේ තියන්න මොකද වෙන්නේ බලන්න...

:       256       145

disssanayaka Wednesday, 07 February 2024 02:21 PM

කමෙන්ට් කරපු ගොඩක් අයට ඇත්ත තේරෙන්නේ නෑ. ගිනිගෙන දැවෙන රට භාරගත් තැනැත්තා ජනාධිපතිතුමායි. රට බාර ගැනීමට කිසිවකු නොසිටි අතර ජාත්‍යන්තර හා දේශපාලන අත්දැකීම් ඇති එකම නායකයා ඔහුයි. දේශපාලනය එහෙට මෙහෙට වෙනස් කර රටතුළ නිසි ක්‍රමවේදයක් ඇති කිරීමට කිසිවකු කළ නොහැකියි. එබැවින් රටවල් ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉදිරියට යාමට අපි ඔහුට සහය දිය යුතුයි. සෑමවිටම බඳුනේ කිඹුලන් සොයන්න එපා...!

:       151       255

Deepthi Thursday, 08 February 2024 02:28 AM

දිසානායක මහත්තයෝ, තේරෙන්නේ නැත්තේ ඔබටයි. මේ හාල් කිලෝ විස්ස සහ ඔය කියන ජාත්‍යන්තර අත්දැකීම් අතර සම්භන්දය කුමක්ද? මේ හාල් බෙදන්නේ රටේ සංවර්ධන පියවරක් ලෙසද ඔබ දකින්නේ?

:       73       5

Vithana Wednesday, 07 February 2024 02:47 PM

අකිල ළමයෝ ඔයා දන්නේ නෑ... ඒ සල්ලි අරන් කරපු දේවල්. මුලින්ම කළේ විදේශ සංචිත ඩොලර් බිලියන අටට නග්ගපු එක... ඊට පස්සේ ණය වාරික ගෙව්වා. ඊටත් වඩා රටේ සංවර්ධනයට යෙදෙව්වා. සෞඛ්‍ය සේවයටම කොච්චර මුදල් වෙන් කළාද? මෙගාපොලිස් වැඩසටහන, උදාගම් ව්‍යාපාරය තව කොච්චරක්ද? ඔයාලා පොඩි වැඩියි ඕවා තේරුම් ගන්න...!

:       111       259

Prabha Wednesday, 07 February 2024 03:24 PM

1977 ඉඳලා, පස්වතාවක් අගමැති පේනවා නේද? ආඩම්බරයෙන් හාල් කිලෝ 20ක් දෙනවා කියලා කියන ලස්සන...!

:       229       106

රෝහිත Wednesday, 07 February 2024 04:20 PM

තව අසරණවෙලා ඉන්න මිනිස්සුන්ගෙන් බදු ගහලා ඒ මුදල්වලින් හාල් බෙදන්න. එතකොට රටත් සංවර්ධනය වෙයි. ඡන්දෙත් දෙයි නිකං කන්න බලාගෙන ඉන්න හාල්පාරුවෝ...!

:       220       85

බද්රානි Wednesday, 07 February 2024 04:20 PM

බොහෝමයක් කමෙන්ට්ස් දැක්කාම මට නම් අර කොහෙන්ද මන්දා හිනා යනවා.. අර්බුධය මතුපිටින් දැකලා අර්බුධය තලු මරමින් අර්බුධ ඇතිකළ අයටම දෙකට බෙදී ආවඩනවා... මහබැංකු මංකොල්ලය, ඩොලර් මිලියන තුන්සිය ගණනක් වැය කරමින් චිචී කොල්ලා ජොලියට යැවූ රොකටය, නිරුපමා රාජපක්ෂගේ පැනමා පේපර්ස් වල ඇති ඩොලර් මිලියන, මිග් යානා ගනුදෙනුවෙන් මේ රටට කල ඇති අලාභය, කඩා වැටෙන ග්‍රීසියේ බැඳුම්කර ආයෝජනය, හෙජින් තෙල් ගනුදෙනු සූදුව, සීනි බදු වංචාව, ව්‍යාපාරිකයින් ගේ ඍජු බදුවලට සහන දෙමින් රාජ්‍ය ආදායම අහිමි කර ගැනීම, කාබනික වගාවක් නිසා දේශීය ගොවිතැන විනාශ වීම, ආර්ථිකය ගැන මෙලෝ දැනුමක් නොමැති ඇමරිකන් සොහොයුරා හිතුමතේ රුපියල් කොළ අච්චු ගැසීම වැනි කරුණු. සමහරක් බක පණ්ඩිතයෝ කියන ලෙස, පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගයකින් තොරව පත් වෙන ජනාධිපති වරයෙකුට පැවැත්මක් තිබිය හැකිද..? රාජපක්ෂ සමයේ මේ රටේ ආර්ථිකය විනාශ කළා යයි පැවසු, වික්‍රමසිංහ අද ආර්ථිකය ගොඩ ගන්නේ කොහොමද.? යුධ සමයේ වත් බංකොලොත් නොවුන ආර්ථිකය බංකොලොත් වුයේ කෙසේද..? දැන් ලංකාවේ ආර්ථිකය හොඳද? "ලෙඩා උන්නු හැටියට මළා මදිද" නේද..?

:       261       100

ajith Wednesday, 07 February 2024 04:22 PM

සුපුරුදු ඡන්ද ගුණ්ඩු...!

:       227       98

ගමේ එකාලා Wednesday, 07 February 2024 04:52 PM

කලින් හිටපු ජනපතිලා ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යෙය් දැක්ම යහපාලනේ තාරුණ්‍යයට හෙටක් කියලා ජනතාව ඇන්දුවා. පින් ජනපතියා හාල් පිනට දෙනවා කියලා ජනතාව අන්දවන්න හිතාගෙන ඇති...!

:       116       99

amila Wednesday, 07 February 2024 05:24 PM

හාල් කිලෝ 20ට තමන්ගේ වටිනා ඡන්දෙ පාවලා දෙනවද කියලා ඔබම තීරණය කරන්න.

:       154       43

සිල්වා Wednesday, 07 February 2024 07:48 PM

බදු අඩු කරන්න. නොමිලේ හාල් එපා...

:       0       9

අපකීර්ති වර්ණකුලසූරිය Thursday, 08 February 2024 01:26 AM

අනේ කොච්චර දෙයක්ද. අපිට දැන් මේ දෙන හාල් වලින් බිරියානි හරි නාසි රයිස් එකක් හදන් කාලා, රත්‍රන් බ්‍රෙස්ලට් එකක් දාගෙන, අලිමන්කඩට ... සොරි සොරි, පාමන්කඩට ගිහිල්ලා ළමයට ලප්ටොප් එකක් අරගෙන, චුඉන් ගම් කකා වොක්ස් වැගන් එකෙම එන්න පුලුවන් නෙ.

:       49       4

Pradeep Thursday, 08 February 2024 01:31 AM

ධාන්‍ය කිලෝග්‍රෑම් අටක් ලබාදීමට ද ජේ.ආර්.ජයවර්ධන පොරොන්දු වෙයි. කරුණාකර සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම සහල් කිලෝ විස්සක් ලබා දෙන්න.

:       55       3

chandima Thursday, 08 February 2024 06:18 AM

ඕවා දෙන්න වෙන්නේ නැහැ එයිට කලින් බඩගින්නේ මැරෙනවා .දැන් ඕක දුන්නම අපට කන්න දීපු උත්තමයා කියලා පෝලිමේ ඇවිත් චන්දෙ දෙයි නේද ?අම්මපා තවමත් හිතන්නේ අපි හරක් කියලා

:       87       7

Chathuri Thursday, 08 February 2024 06:41 AM

මහ ජනතාවට ඔය හාල් වලින් වැඩක් නැහැ. ඔය නඩේමකෑවානම් ඉවරයි. හාල් කිලෝ 20 ගාන්ස්ට අසරන මිනිසුන්ව මායිම් කරන් ඉන්නෙ. මී හරක් රෑනට වෙන්කරන්නෙ කෝටි ගනන් මිල අදික වාහන. බිල් රහිත නිවාස. ආරක්ශාව මිනිස්සු ඔය තරම් නිවට මුන්ගෙ හාල් කන්න. මුන්ට වැඩිය හොෆ්හට මිනිස්සු හම්බ්කරන් කනවා. මුන් තම්‍යි මිනිසුන්ගෙ සල්ලි වලින් හොරා කන්නෙ. ඔය සැප විෆ්හින එකෙක් මහන්සි වෙලා රැකියාවක් කරනවද. ඔය හාල් එකතුකරලා. මුන්ගෙ දානේ ලැස්තිකරලා බල්ලන්ට දුන්නානම් හරි .

:       71       2

Perera Thursday, 08 February 2024 06:47 AM

හාල් වලට අමතරව බත් උයන්න කුස්සියට හට්ටි මුට්ටි වලිනුත් දෙන්න .සල්ලි නැතුව ඒවා උකස් කඩේ

:       76       2

අසාධාරණ Thursday, 08 February 2024 06:48 AM

ඔබතුමා යහපාලනය කාලයේ අගමැති වෙලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා රවි මුදල් ඇමතිවරයා හරහා 15% ක ස්ථාවර තැන්පතු සදහා පොලියක් දුන්නා ඉතින් පුද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් ලෙසට ලැබුණු පාරිතෝශික හා අර්ථසාධක යොදාගෙන ස්ථාවර තැන්පතු අරඹා එයින් ජීවත්වුනා ඒත් ගෝඨාභය ආණ්ඩුව අරගෙන රට බංකොලොත් කර ඔබතුමාට දුන්නා ඔබතුමා අපිට ලබාදී තිබුන පොලිය මේ වනවිට 10%කට අඩුකර අපව ඉතාමත් දැඩිසේ පීඩාවට පත්කලා පසුගිය අයවැය මගින් 2500/=සොච්චම් ගණනක් ජනවාරියේ සිට ගෙවනවා කිව්වට ඒකත් නැහැ ඔබ 2015 ආණ්ඩුව ගත්තාට පසුව රජයේ සේවකයින් සදහා විශාල වශයෙන් වැටුප් වැඩිකලා 2019 විශ්‍රාමිකයින් සදහා යම් වැඩිකිරීමක් කලත් ඒක ලැබූ වැටුප් අනුව නොවෙයි තේරුම් ගන්න බැරි සමහර විට දේශපාලන හිතවත් කමට වෙන්න පුළුවන් විවිධාකාරයෙන් වැඩිකිරීම කර ගෙවීම් කලා ඒ ගැන ලිඛිතව කිව්වම අඩු කෙනාට තවත් අඩුකලා එහෙම ඒවා අනන්තවත් කලා ඉතින් ජනාධිපතිතුමා එහෙම අසාධාරණ අපිට වෙලා තියෙනවා කියලා මතක් කරන්න කැමතියි ඉතින් රටේ අන්ත දුගියන්ට දෙන යමක් තියෙනවා නම් යහපාලනය කාලයට පෙර විශ්‍රාම ලැබූ අපිටත් දෙන්න කියලා ඉල්ලනවා

:       3       161

Sk gunasekara Thursday, 08 February 2024 08:32 AM

හැමෝටම හාල් 20 ලැබෙයි .එතකොට රට ගිහින් ලෙඩ රෝග වලට ගොදුරු වී ඇති පවුලට මොනවත් ලැබෙන්නෙ නැහැ නේ

:       115       4

නාමල් Thursday, 08 February 2024 09:52 PM

රනිල් මහත්තියා බලයේ ඉන්නකම්ම හාල් දෙනවැයි...

:       0       3

sanju Thursday, 08 February 2024 09:57 PM

කිසිම දෙයක් ලැබිය යුතු අයට ලැබෙන්නේ නෑ .ඒකයි ඇත්ත .කාටවත් කඩේ ගියාට වැඩක් නෑ

:       0       1

වහල් වැසියෝ Friday, 09 February 2024 09:38 AM

මේ කොමෙන්ටු වලට ලයික් අන්ලයික් ගහන්න වෙනම්ම වහල්ලු සෙට් එකක් දාල වගේ නම් පේනවා

:       0       5

පුතානෝ Saturday, 10 February 2024 05:58 AM

පාර්ලිමේන්තුවට එන්න තරම්වත් නුසුදුසු නෑ කියලා දේශපාලනයෙන් සදහටම එලවාපු.. අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ ඉඳන් කරපුවා හදන්න අපිට බණ කියනවා.. ඉන්න මාස කිහිපය පාඩුවේ ඉන්න.

:       0       2

සජ්ජා Saturday, 10 February 2024 06:02 AM

පිනා...!

:       0       4

මහින්ද Saturday, 10 February 2024 06:18 AM

හාල් විතරක් නොවෙයි දෙන ඕනම දෙයක් අපි ගන්නවා. හැබැයි අපි ඡන්දේ දෙන්නේ මාලිමාවට...

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 36 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1267 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 573 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 965 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 279 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


දඹුල්ලේ හොර හරක් ජාවාරමක් වටලයි
2024 ඔක්තෝබර් මස 04 384 0

දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38884 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site