(සුජිත් හේවාජුලිගේ)
සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා ඔවුන් කිසිම ආකාරයකින් හෝ සවිබල ගන්වා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මේ අනුව සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ අරමුණු සහ කාර්යභාරය ඉටුවී නොමැති බවට විගණන නිලධාරිහු චෝදනා කරති.
සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ විවිධ වැඩසටහන් සඳහා 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි 126 ක් වැය කර ඇතැයි පවසන විගණන කාර්යාලය සවිබලගැන්වීම් පිළිබඳව නිශ්චිත ඉලක්කයක් හඳුනා ගැනීමකින් තොරව එම මුදල් වැය කර ඇති බවද සඳහන් කරයි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 2020, 2021 සහ 2022 වර්ෂවලදී පිළිවෙලින් සමෘද්ධිලාභීන් 1958ක්, 18629ක් සහ 21189ක් වශයෙන් හඳුනාගෙන තිබූ බවත් වාර්ෂිකව සවිබල ගැන්වූ ප්‍රතිලාභීන් පිළිබඳ නිශ්චිත ඉලක්ක ඇතුළත් සැලැස්මකට අනුකූලව කටයුතු කර නොතිබූ බවත් එම වාර්තාවේ දැක්වේ.
සමෘද්ධිලාභීන් සවි බල ගැන්වීම සඳහා රජය වාර්ෂිකව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට සාපේක්ෂව දෙපාර්තමේන්තුවේ සවිබලගැන්වීම අවම මට්ටමක පැවතුණු බව එම වාර්තාව සඳහන් කරයි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක ආදායම් උත්පාදන ව්‍යාපෘතිවල නියැලී සිටින ප්‍රතිලාභීන් 1112 දෙනකුගේ සමෘද්ධි සහනාධාර ඉවත් කිරීමට කටයුතු කළ යුතු වුවත් ග්‍රාමීය කමිටු ඒ සඳහා නිර්දේශ ලබාදී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දුප්පතුන් ලක්ෂ 3ක් ගොඩ ගන්න බැරිවෙලා
සිල්වා Saturday, 30 September 2023 05:04 PM
ගොඩගැනිල්ල කෙසේවෙතත් සමුර්ධිය "දෙනවා කපනවා" යයි කියලා දේශපාලකයින් කීදෙනෙක් ගොඩගිහින් තිබෙනවා දැයි ගණනය කෙරුවේ නැතිද?
Bamunuarachchi Saturday, 30 September 2023 05:47 PM
අශ්වයාව එක්කෙනෙකුට වතුර ළඟට අරන් යන්න පුළුවන් නමුත් දහ දෙනෙකුටවත් ඌට වතුර පොවන්න බැහැ. තමන්ට නැගිටින්න දියුණු වෙන්න උවමනාවක් නැතිනම් සමෘද්ධිය නොවෙයි ලොටෝ ඇදුණත් ඔය මිනිස්සු ඔහොම්මයි.
කිරිපුතා Saturday, 30 September 2023 06:34 PM
ඡන්ද බලාගෙන අතපය හතර හොඳට තියෙන මිනිසුන්ට නිකම් කන්න දුන්නා කියලා කවදාවත් දුප්පත් ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ඒ මුදල් හොරකම් නොකර සංවර්ධන ව්‍යාපාර කරලා ඔය නිරෝගී දුප්පත් අයට රැකියා අවස්ථා ලබාදිය යුතුයි. එයාලා උත්සාහයෙන් නැගිටියි.