IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


දුප්පතුන් ලක්ෂ 57කට නැගලා

 

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින්  නිකුත් කෙරුණු  අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ   යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල  මහතා පැවසීය.

මේ පිරිස දරිද්‍රතාවයට පත්ව ඇත්තේ ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමිවීම සහ  ආදායම් කඩා වැටීම යනාදී හේතූ නිසා බවද    ලෝක බැංකුව සඳහන් කරන්නේ යැයි ඔහු සඳහන් කළේය.

ලෝක බැංකුව පහළ මධ්‍යම ආදායම්ලාභී දරිද්‍රතා රේඛාව වන දිනක වියදම ඩොලර් 3.65 සීමාව සැලකිල්ලට ගෙන කළ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ අතර මේ වර්ෂයේදී දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ලක්ෂ දෙකකින්ද ලබන වර්ෂයේදී එම සංඛ්‍යාව ලක්ෂ තුනකින්ද වශයෙන් සුළු අගයකින් අඩුවිය හැකි බව එම බැංකුව පුරෝකථනය කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රගතියට අදාළව නිකුත් කෙරුණු  අලුත්ම වාර්තාවේය.



අදහස් (11)

දුප්පතුන් ලක්ෂ 57කට නැගලා

Hafeel Saturday, 06 April 2024 10:40 AM

එතකොට පින් ජනාධිපති රනිල් කියන්නේ එයා ආර්ථිකය උස්සලා තියනවා කියලා...!

:       2       15

Kazi Shajahan Saturday, 06 April 2024 10:55 AM

ගෝඨාභය යනකොට ලක්ෂ 20, දැන් ලක්ෂ 57ට නැගලා... ඉතින් කට්ටිය කියනවා රනිල් ආර්ථික ඔස්තාර් කෙනෙක්ලු...

:       1       12

fairoosSunday, 07 April 2024 02:59 PM

එහෙනම් උත්සාහ කරලා බලන්න...!

:       0       0

සෞභාග්‍යයේ ඉදිරියට Saturday, 06 April 2024 11:23 AM

ඉතාමත් නිවැරැදියි කියන්න පුළුවන්. මොකද ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් 15% පොලිය කපාගෙන ඔවුන් හිඟමනට බස්සවා ඒ මුදල් ඇති හැකි අය සැනසීමට අස්වැසුම ලෙසට දෙනවා. ලංකාවේ වගාකරන්න පුළුවන් දේ ආනයනය කර ගොවීන් හිඟන්නෝ කරනවා. ඉතින් දුප්පතුන් ලක්ෂ 57 ක් නොවෙයි 69 ක් (දැන් 68යි මොකද නූගතුන් ලක්ෂයකට රැකියා දුන්නු නිසා) වුණත් ආර්ථිකයේ සංවර්ධනයක් නැතුව කකා බිබී සිටින නිසා වාර්තාව ගැන කිසිම පුදුමයක් නැහැ...

:       0       11

Bandula Saturday, 06 April 2024 11:32 AM

අදහාගත නොහැකිය. දියුණු වීම...!

:       0       13

Sara Saturday, 06 April 2024 11:46 AM

රාජපක්ෂලාත් මේ කන්දේ ඉන්නවාද දන්නේ නෑ.

:       0       9

Perera Saturday, 06 April 2024 11:55 AM

69 ලක්ෂයට ලක්ෂ 12ක් තව අඩුයි. ඔහොම යමු. ඔහොම යමු...

:       0       11

nanda Saturday, 06 April 2024 12:29 PM

දේශපාලකයෝ නම් කියන්නේ දැන් රට ගොඩ කියලා. ගොඩ කියන්නේ ජනතාව නෙවෙයි, එයාලා කියලා වෙන්න ඇති කියන්නේ...!

:       0       8

siri Saturday, 06 April 2024 02:40 PM

රට දැන් ගොඩ කියලා කියන්නේ ඕක වෙන්න ඇති. ඉතුරු ටිකත් දුප්පත් වුණොත් රට ගොඩම තමයි.

:       0       9

ගමේ එකාලා Saturday, 06 April 2024 04:10 PM

අපරාදේ කියන්න බැහැ ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්නලා ජනතාව අන්දවපු ඇන්දිල්ලක තරම...

:       0       10

රිතික් Saturday, 06 April 2024 07:36 PM

දුප්පතුන් ලක්ෂ 57 කට නැගලා කියලා එකපාරටම කියෙව්වාම මට අමුතු අමුතු දේවල් හිතෙන්න ගත්තා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 6 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 15 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 37 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 81 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 98 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2403 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site