IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


දෙපාවාරු නැති සිසුවියට සා.පෙළට ඒ නවයයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ දෙනගම යසන්ත ආරියසේන)

දික්වැල්ල රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ උපතින්ම දෙපා ඇතුළු ශරීරයේ බොහෝ කොටස් අප්‍රාණික තත්වයේ පසුවන ආබාධිත දියණියක් මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයයන්වලට ඒ සාමාර්ථ ලබා ගැනීමට සමත් වූවාය.

ගතින් වාරු නැතත් සිතේ ශක්තියෙන් හා නොපසුබට ආත්ම විශ්වාසයෙන් බොහෝ අභියෝග මැද මෙම විශිෂ්ඨ දක්ෂතාවය දක්වා ඇත්තේ රත්මලේ කුරුදුගහ හේනේ පදිංචි දෙව්මි රන්සරා කුලතුංග රාජපක්ෂ නමැති දියණියයි.

වයස අවුරුදු 16 ක් වුවද අවුරුදු පහක් තරම්වත් පෙනුමක් නොමැති මෙම දැරියගේ ඉගටියෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික වී තිබේ.

දෑත් ද සම්පූර්ණයෙන් ක්‍රියාශීලී නොමැති අතර ඇයට සාමාන්‍ය දරුවකු තරමට නොහැකි වුවත් සෙමෙන් අකුරු ලිවීමේ හැකියාවක් පවතී.

එහෙත් ඒ සදහා පොතපත මෙන්ම සියලු ලිපි ද්‍රව්‍ය ඇය ළඟටම සපයා දිය යුතු වෙයි.පෑනේ විල්ල පවා ගලවා ඇයගේ අතේ තැබිය යුතු අතර පොතේ පිටු පවා පෙරලා දීම වෙනත් කෙනකු විසින් සිදු කර දිය යුතුව ඇත.

ඇය පාසලට කැදවා ගෙන ඒම හා නැවත කැදවා ගෙන යාම මාපියන් විසින් සිදු කරන්නේ වඩා ගෙනය.

වසර 100 කට වැඩි ඉතිහාසයක් ඇති පාසලේ අ.පො.ස.සාමාන්‍ය පෙල හොදම ප්‍රතිඵලය ද මෙවර වාර්තා වීම විශේෂත්වයකි.

විභාගයට පෙනී සිටි දරු දැරියන් 21 දෙනා අතුරින් දෙව්මි සහ ඇගේ මිතුරියක් විෂයයන් සියල්ලටම ඒ සාමාර්ථ හිමි කර ගෙන තිබුණාය.

ඊට අමතරව දෙව්මිගේ ජයග්‍රහණය තවත් සුවිශේෂී වන්නේ ඇය කිසිදු උපකාරක පන්තියකට සහභාගී නොවී පාසලෙන් ඉගෙනුම ලැබු අධ්‍යාපනයෙන් හා පොත පත කියවීමෙන් ලැබු දැනුමෙන් මෙම ජයග්‍රහණය ලබා ගෙන තිබීමයි.

ඇයට සුබ පැතීම සදහා ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද අමතක කර නොතිබුණි.

දෙව්මි ගේ මව වන කුසුමිණි අබේගුණවර්ධන (45) මහත්මිය සිංහල විෂය උගන්වන ගුරුවරියක වන අතර ඇයද එම පාසලේම සේවය කිරීම දරුවා රැගෙන ඒම හා රැගෙන යාමට විශාල පහසුවක් වී තිබේ.

ඇයගේ පියා වන මහින්ද කුලතුංග රාජපක්ෂ (49) මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර අඩවි වන නිලධාරී කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරියෙකි.

දෙව්මිට බාල සහෝදරයින් දෙදෙනෙකු සිටින අතර දිනුක රාජපක්ෂ (13) ශිෂ්‍යත්ව විභාගය සමත් වී මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 08 වන ශ්‍රේණියේ ද සිතුක රාජපක්ෂ (11) සද්ධර්මරාජ විද්‍යාලයේම ද ඉගෙනුම ලබමින් සිටී.

අධ්‍යාපනය සිදු කර ගෙන යන අතරතුර දෙව්මි නිතර අසනීප වන අතර එම නිසා විටින් විට රෝහල ගත කිරීමට සිදු වීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව තිබේ.

ගණිත අංශයෙන් අ.පො.ස.උසස් පෙළ හැදැරීම ඇයගේ ආශාව වුවද ඒ සදහා මනස වැඩි වශයෙන් වෙහෙසිය යුතු නිසා එම ආශාව අතහැර දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි තොරතුරු තාක්ෂණය සමග වාණිජ අංශයෙන් ඉදිරියට යාමට ඇය මේ වන විට හිත හදා ගෙන ඇත.

ජීවිතයේ ලොකු බලාපොරොත්තු දෙව්මිට නොමැත.උසස් පෙළ විභාගයෙන් සමස්ත ලංකාවෙන් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා ගැනීම ඇයගේ මී ලග ඉලක්කයයි.ඉන් පසු ඊ ලග බලාපොරොත්තුව වෙනුවෙන් වෙහෙසෙන බවත් බලාපොරොත්තු පොදි බැද ගෙන නැති බවත් එසේ බලාපොරොත්තු තබා ගත හැකි තරමට තම සෞඛ්‍ය තත්වය යහපත් නොමැති බවත් ඇය වැඩි දුරටත් කිය් සිටියාය.

කෙසේ වෙතත් දෙව්මි රන්සරා තම පියාගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙවැනි සංවේදී සටහනක් තබා ඇත.

“ගතින් දුබල වු මා සිතින් කිසිදා නොවැටී දිවි මගේ කිසිදා නෙතග කදුලක් නොසලා අතරමග නොසැලී ආ අභියෝගාත්මක ගමන් මගේ ජය ටැඹක් වු අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ නවයක් ලබා ගත්තෙමි.වෙර නැති මා ගතට සෙවනැල්ල සේ වෙරදුන් මගේ සෙනෙහෙබර මෑණියන්ටත් පියාණන්ටත් මල්ලිලා දෙන්නාටත් නෑ හිත මිතුරන්ටත් පලමු ශ්‍රේණියේ සිට සිප් සතර දුන් ගුරුවරුන්ටත් විදුහල්පතිතුමාටත් සහෝදර මිතුරු කැලටත් ප්‍රදේශවාසීන්ටත්රදේශවාසීන්ටත් රටවාසීන්ටත් මේ ප්‍රීතිජනක අවස්ථාවේ කෘතවේදීත්වය පුද කරමි.”

 

 



අදහස් (10)

දෙපාවාරු නැති සිසුවියට සා.පෙළට ඒ නවයයි

Raveendra Sunday, 26 September 2021 05:32 PM

රත්තරන් දුවේ... ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්... අනාගතේ ඔබගේ සියලු පැතුම් ඉටුවේවා..!!!

:       0       41

ගමේ එකාලා Sunday, 26 September 2021 06:00 PM

දිරිය දියණිය ඔබ සැමටම ආදර්ශයක්... ඔබට ජයෙන් ජය....

:       0       38

Lal Sunday, 26 September 2021 07:19 PM

මේ දුවගේ ධෛර්යවන්තකම ගැන ඉතාමත් සතුටුයි. ඉතාමත් ප්‍රශංසනීයයි. හෘදයාංගම සුබ පැතුම්...!

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 26 September 2021 07:59 PM

මේ රත්තරන් දුවට යහපතක්ම වේවා ..!!! එමෙන්ම ඇයට අපගේ සුබ පැතුම්. මේ පුවත කියවීමෙන් හා මේ දිරිය දියණියගේ තොරතුරු දැකීමෙන් හදවත කම්පාවූවාක් මෙන් දැනුණි. දියණියනී ඔයාගේ ශක්තිමත් සිත අභියස අපි ලිලිපුට්ටන් වෙමු.

:       0       1

කනිෂ්ක Sunday, 26 September 2021 11:50 PM

මේ දුවට මගේ සුබ පැතුම් ! .... බුදු සරණයි !!!

:       0       3

Rashath Udawatta Monday, 27 September 2021 05:08 AM

ඉතා හොඳින් කළා දූ. ඔබ ඉතා සුවිශේෂී හා අතිශයින්ම දක්‍ෂ තරුණියකි. ඔබට සහ ඔබේ පවුලට මාගේ ආශිර්වාදය සහ සුභ පැතුම්. ඔබ ගැන සහ ඔබේ ජයග්‍රහණය ගැන වෙයා ආඩම්බර වෙනවා. කිසියම් උදව්වක් හෝ සහයෝගයක් අවශ්‍ය නම් කියන්න.

:       0       7

කල්පනා Monday, 27 September 2021 08:03 AM

මතු කිසිම ආත්මයක මෙවැනි ආබාධිත තත්ත්වයක් නැතුව ඉපදීමට තෙරුවනේ අනන්ත ගුණ බලයත් ලෝක පාලක දෙවියන්ගේ ආශීර්වාදයත් ලැබේවායි පතමින් දෙව්මි දැරියට සුබ පතමි.!

:       0       9

Senarath Monday, 27 September 2021 09:40 AM

ඔබට අපේ සුබ පැතුම් සුබ අනාගතයක්

:       0       0

Keppetipola Monday, 27 September 2021 10:19 AM

ඔබ ලොවටම ආදර්ශයක් දුවේ. ඔබට ජය සහ නීරෝගී සුව ලැබේවා!

:       0       2

ganegoda Monday, 27 September 2021 06:34 PM

නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට අපෙන් සුබ පැතුම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 866 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 5020 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5170 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 13682 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4687 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 627 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 272 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1707 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site