IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දේපොළ හරකා බාන දන් දී පවුල පිටින්ම සසුන් ගත වෙති

(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවීර)

කෙලෙස් බර ලෝකය පිටු දකිමින් පදිංචි නිවහන සහ ඉඩම ඇතුළු, තමන් සතු වටිනා සම්පත් සියල්ලම, මෙහෙණි ආරාමයකට පූජා කොට මව,දියණිය, බෑණා සහ තවත් දස දෙනෙක් ඇතුළු දහතුන් දෙනෙක් කැබිතිගොල්ලෑව පහල උස්ගොල්ලෑව දී පැවිදි දිවියට ඇතුළත් වුහ.

මෙලෙස පැවිදි දිවියට ඇතුළත් වූයේ, කැබිතිගොල්ලෑව පහල උස්ගොල්ලෑව පදිංචි ධනවතී හේරත් (56) උපාධිධාරී ගුරුවරියක් වන ඇගේ දියණිය වත්සලා දුෂ්මන්ති අබේරත්න (33) සහ ඇයගේ සැමියා වන තිස්තුන් හැවිරිදි කාර්මික ශිල්පියකු වන නුවන් මධුසංඛ යන තිදෙනා ඇතුළු දස දෙනෙකි.

මෙම එකම පවුලේ තිදෙනා ඇටඹගස්කඩ ගෝසිංග වන අරණ සේනාසනාධිපති  කැබිතිගොල්ලෑවේ අමර තිස්ස ස්වාමීන් වහන්සේගේ මව ,නැගණිය, සහ මස්සිනා වීම විශේෂත්වයකි.

ඒ අතර වයස අවුරුදු 56 සහ 59 වයස් කාණ්ඩවල පසුවන තවත් මව්වරු දෙදෙනකුද එදින සසුන්ගත වූ අතර, එම මව්වරු දෙදෙනාද ගෝසිංග වන අරණෙහි වැඩවසන ස්වාමීන් වහන්සේ දෙනමකගේ මෑණිවරු දෙදෙනෙකි.

පැවිදි දිවියට ඇතුළත් වූ සෙසු අට දෙනා වයස අවුරුදු 48, 44, 32, 31, 30, 29 27, 23 , යන වයස් කාණ්ඩවල පසුවන කුරුණෑගල, මීගලෑව, මාවනැල්ල, මොණරාගල, කොළඹ, අවිස්සාවේල්ල, කන්තලේ, ගල්ගමුව, යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මෙම පිරිස ද රැකියාවල නිරත වූවෝ වෙති.



අදහස් (17)

දේපොළ හරකා බාන දන් දී පවුල පිටින්ම සසුන් ගත වෙති

Samadhi Wednesday, 30 August 2023 01:37 AM

තෙරුවන් සරණයි !! බුදු සසුන බැබලේවා !!

:       5       48

Mohan Mapa Wednesday, 30 August 2023 01:40 AM

ඔවුන්ට ඇත්ත තේරුනා

:       6       41

ලුම්බිණි Wednesday, 30 August 2023 04:56 AM

ඇයි මේ?

:       21       13

Anonymous Wednesday, 30 August 2023 06:40 AM

මහණවී විමුක්ති මාර්ගයේ ගමන් කිරීම ලෝකයේ සියලු කාර්යයන්ට වඩා උතුම්වේ. සදාකාලික විමුක්තිය ලැබේවා!

:       6       49

උධුලී Wednesday, 30 August 2023 07:33 AM

ඔබ සෑම දෙනාටම ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා....... එක්ව පාරමී පිරූ පින්වත් පිරිසක්.

:       5       47

Kamal Wednesday, 30 August 2023 08:29 AM

ආර්ථික ප්‍රශ්න වැඩිවෙනකොට සසුන්ගතවන අයත් වැඩි වෙනව.

:       40       26

කිරිපුතා Wednesday, 30 August 2023 09:30 AM

සාදු ! සාදු ! සසර දුක ඉක්මනින්ම කෙලවර කර ගැනීමට හැකිවේවා !!

:       7       40

sam Wednesday, 30 August 2023 02:17 PM

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න දිවි හිමියෙන් කැප වෙන්න .කාලකන්නි දේශපාලුවන්ට නම් අහුවෙන්න එපා

:       0       4

බද්රානි Wednesday, 30 August 2023 02:23 PM

මේ විදිහට මුළු රටේම ජනතාවට සසුන් ගත වෙන්න බැරි ඇයි..? ලංකාව වගේ රටක ඉපදිලා ජීවන බරින් පව් ගෙවනවාට වඩා, ඒ බරින් නිදහස් වීමම කොතරම් දෙයක්ද..?

:       1       1

NuwaanFriday, 01 September 2023 04:26 PM

සියලුම අය මහණ වූ විට ඔවුන්ට දානය දෙන්නේ කවුද? වෙන රටකින් ඇවිත් දානය දෙන්නේ නැහැ. ලංකාවේ බහුතරයක් අබුද්ධිමත් ඒ අබුද්ධිමත් අයගෙන් බහුතරය වංචනික ශ්‍රමණයින්ගේ මොල සෝදන කතා අසා ඒවාට රැවටී මේ වැනිදේ කරන්න පෙලඹෙනවා. ප්ලේටෝගේ allogary of the cave අහලා තිබුණා නම් මේ වගේ තීරණ ගන්නේ නැහැ.

:       4       1

Khg senarathna, Wednesday, 30 August 2023 06:02 PM

සියලු දෙනාටම තෙරැවන් සරනයි !මේ අධර්මිෂ්ඨ සමාජයෙන්,ඈත්වී නිර්වානය අවබෝද වෙත්වා, සාදු !සාදු!සාදු!

:       3       5

Lalla Wednesday, 30 August 2023 07:55 PM

භේද තාවකාලික පැවිද්ද. මෙහෙම දෙයක් කලා පවුලක් පිටින් මහණ වෙලා අවුරුදු දහයකට විතර ඉස්සර. අවුරුද්දක් තුල උපැවිදි වුනා ඔක්කොම... පහසු ජීවන මාර්ගය හොයනව වගේ...

:       0       3

ලතා Wednesday, 30 August 2023 10:30 PM

අවුරුදු 4 දරුවා අත ඇරලා දෙමාපියන් මහණ වීම සුදුසුද නැද්ද යන්න විවාදයට කරුණකි.

:       1       6

NathalieThursday, 31 August 2023 10:56 AM

රාහුල පුතා උපන් දවසේම බුදුන් ගිහිගෙය අත හැරියා.

:       0       2

Nandasena gr Thursday, 31 August 2023 05:44 AM

දිනෙන් දින සසුනට සංඛ්‍යාත්මකව එක්වන පිරිස වැඩි නමුත් අවසාන ප්‍රතිඵලය ගුණාත්මකව ඉහල නොයාම කණගාටුවට කරුනකි

:       1       3

ලෙනාඩ් රෝඩ්රිගෝපුල්ලේ Thursday, 31 August 2023 11:00 AM

මිනිස් ජිවිතයේ පැවදි නොවී කල හැකි කර්යන්, සේවාවන් බොහොයි. පසු කාලීනව තම සිරැරට වද දී ගස් ගල් යට භවනා යෝගි ව ගත කරන ජිවිතය නිස්පලයි කියලයි මගේ අදහස..

:       2       4

Dasanayaka Friday, 01 September 2023 05:27 PM

ජිවිතයේ හිස්බව අවබෝධ කොටම මෙ කාම භවයෙන් එතෙර වීමම අරමුණු කොටගත් මග අගය කරමි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 665 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1371 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 185 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 685 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 7666 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2564 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26141 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 427 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site