IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


‘දුම්කොළ අධිකාරියේ මුද්‍රිත පත්‍රිකා 8000කට වෙච්ච දෙයක් නෑ.‘

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

දුම්කොළ හා මද්‍යසාර  පිළිබඳ ජාතික අධිකාරිය  විවිධ වැඩසටහන් සඳහා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය කෙරුණු  ස්ටිකර් අත් පත්‍රිකා හා පෝස්ටර් එක්ලක්ෂ තිස් හය දහස් අටසිය විසි හතරකින් ඒකක 8313 ක් අස්ථානගතවී ( ඌනතාවයක්) ඇති බවට හඳුනාගෙන ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොතිබූ බව ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ  අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම ස්ටිකර් , අත් පත්‍රිකා හා පෝස්ටර්  2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිටත්  ඉතිරිව තිබුණු නමුත්  ඒවා අධිකාරියේ අරමුණු වෙනුවෙන් තවදුරටත් භාවිතා කළ  හැකිද යන්න පිළිබඳව  විගණනයට තොරතුරු ඉදිරිපත් නොකෙරුණු බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම ද්‍රව්‍ය අස්ථානගතවීම( ඌනතාව) පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ එම අධිකාරිය 2021 වර්ෂයේ නොවැම්බර් 15 වැනිදා කර ඇති භෞතික පරීක්ෂණයකදී බවද  විගණන වාර්තාවේ දැක්වේ.

විවිධ වැඩසටහන් සඳහා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් විවිධ ස්ටිකර් 75,650ක්ද අත් පත්‍රිකා 47,828ක් සහ පෝස්ටර් 13,346ක්ද මෙලෙස මුද්‍රණය කර  තිබිණැයි කියති.

මේ අතර අධිකාරිය වෙනුවෙන් මිලදී ගෙන තිබූ ඩෙක්ස්ටොප් පරිගණක තුනක්ද ලැප්ටොප් පරිගණක පහක් සහ  ටැබ්ලට් හයක්ද ( 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා ක්‍රියාකාරීත්වයේ පැවැති) භාවිත නොකර පැවතුණු  බව  ජාතික විගණන  කාර්යාලය සඳහන් කළේය.

එසේම පුහුණු වැඩසටහන් සඳහා  අවශ්‍යතා  නිසි පරිදි හඳුනා ගැනීමකින් තොරව  2018 වර්ෂයේදී  මිලදීගෙන තිබූ රුපියල් දෙලක්ෂයකට ආසන්න වටිනා  පෙන් ඩ්‍රයිව් 119ක්ද  ආයතනයේ  ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව විගණන අංශ සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ  ජාතික අධිකාරියේ  2021 වාර්ෂික වාර්තාවේය.



 

 



අදහස් (1)

‘දුම්කොළ අධිකාරියේ මුද්‍රිත පත්‍රිකා 8000කට වෙච්ච දෙයක් නෑ.‘

Geeth Tuesday, 18 April 2023 02:59 PM

රජයේ වෙන වෙනත් දූෂණ අක්‍රමිකතා බැලුවාම මේක ඉතා සුළු දෙයක්. ඇයි මේ වගේ ඒ්ව මාධ්‍යයට දාන්නෙ. ඊට වඩා දරුණු ඒ්ව තියෙනව.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බළපිටියේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 17 203 0

බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.


කෝටි ගණනක මුදල් සහ රන් සමග සැක මෝටර් රියක් දෙවුන්දරින් අල්ලයි
2025 අප්‍රේල් මස 17 299 0

දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර


කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 204 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 59 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 254 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 255 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 363 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1085 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site