බිමල් ශ්‍යාමන් ජයසිංහ
දෙමටගොඩ බේස්ලයින් ගුවන් පාලම මතදී මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර දී හිටියේ ගිනි ගැනීමට ලක් වි ඇතැයි දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් එම් එස් ජයරත්න මහතා පවසයි.
බොරැල්ල සිට ඔරුගොඩවත්ත ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථයේ දෙදෙනකු සිට ඇති බවත් ගින්නෙන් ඔවුන්ට කිසිදු තුවාලයක් සිදුවී නැති බවත් ස්ථානාධිපතිවරයා පවසයි
මෝටර් රථයේ එන්ජිම කොටසෙන් ගිනි ගැනීම ලක්වී ඇති අතර ඒ සමගම එම ප්‍රදේශය මං දුමාරයකින් වැසී යාමත් සමඟම ඒ හරහා ගමන් ගන්නා සියලුම වාහන මදකට නතර කිරීමට පියවර ගත් බවත් ස්ථානාධිපති වරයා කීය
කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ තුනක් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ කළත් ඒ වනවිටත් මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශයට පත්වී ඇත.
මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් කඩුවෙල පදිංචිකරුවන් ය
ගිනි ගැනීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැත
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙමටගොඩ ගුවන් පාලම මතදී ගින් ගත් මෝටර් රථය
Perera Sunday, 27 March 2022 12:16 AM
ඔය ලෑන්ඩ් රෝවර් ෆ්‍රී ලෑන්ඩර් එකක්... මළජරාවල්... ලෙඩ ගොඩවල්...
Kolla Sunday, 27 March 2022 06:04 AM
සංයුතිය වෙනස් කරලාවත්ද?
jayath Sunday, 27 March 2022 08:06 AM
මීට වසර 30 කට 40 කට විතර කලින් පාරේ තිබුණේ නිසාන් බී 11, ට්‍රැඩ් සනි. බී 310 ලාන්සර් බොක්ස් බී 210 මැස්ඩා පවුලේ වාහන, ෆර්ජෝ වොක්ස්වැගන්, ෆියට් වගේ වාහන මේවායින් වොක්ස්වැගන් එකෙත්, ෆියට් කාරෙකෙත් ඇරෙන්න මහා ලොකු ඉලෙක්ට්‍රිකල් ප්‍රශ්න තිබුනේ නැහැ. එහෙම තිබුණත් එහෙමකට මේ වගේ මහපාර මැද්දේ ගිනිගත්තෙත් නැහැ. මහපාරේ නතර වුණෙත් කලාතුරකින්... දැන් තමයි ඒකට වැඩේ. අලුත්ම අලුත් බ්රෑන්ඩඩ් වාහන මහපාර මැද්දේ ගිනිගන්නවා..! මම පිටත වටරවුම් මාර්ගය හැමදාම භාවිතා කරන කෙනෙක්.. ඔය පාරේ හැන්දෑවට එක අලුත් වාහනයක් හරි කැඩිච්චි නැති දවසක් නැතිතරම් (සමහර ඒවා නම් එලවන අයගේ මෝඩකම් ඔවුන්ට රේඩියේටරේට වතුර දාන්න මතක් වෙන්නේ බොයිල් කරලා මග හිටියාම !!!... (පෙට්‍රල් බවුසර්, කන්ටේනර්, පරණ ලොරි වගේ ඒවා නම් පාරේ තියන් ඉන්න එක හිතාගන්න පුළුවන්) නමුත් මේ අලුත් වාහන මෙහෙම ගිනිගන්නේ කොහොමද? ඉස්සර අර "කුස්සි ගෑස් සිලින්ඩර් අටවාගෙන දුවපු කාලේ වත් මෙහෙම ඒවා වුණේ නැහැ... මේක ටිකක් කල්පනා කළයුතු දෙයක්.. මේක පිටිපස්සේ මොකක් හරි රහසක් තියෙන්න බැරි කමකුත් නැහැ.
pakeer Sunday, 27 March 2022 01:52 PM
මේක බ්‍රිටිෂ් බ්‍රෑන්ඩ් එකක් වුණාට දැන් මේක කරන්නේ ඉන්දියන් ටාටා. ඉන්දියන් කාරයින්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද? ලෑන්ඩ් රෝවර්, ජගුවර් ඔක්කොම දැන් ටාටා..
Bunny Preena Monday, 28 March 2022 08:45 AM
කාර්මික දෝෂවලට වගකිව යුත්තේ නිෂ්පාදන සමාගම් මිසක් රටවල් නෙවෙයි..