(ඉන්දිකා රාමනායක)
මහපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන දෙමටගොඩ රුවන් නැමැත්තා 2017- 2019 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට මුහුදු මගින් කෝටි 700කට අධික වටිනා හෙරොයින් තොගයක් ගෙන්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම කාලය තුළ හෙරොයින් කිලෝ 720 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 321 ක, හෂීස් කිලෝ 30 මෙරටට ගෙන්වා ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
මෙම වසරේ අප්‍රේල් මස ඉන්දිය වෙරළාරක්ෂක බලකාය විසින් හෙරොයින් කිලෝ 340 ක් ප්‍රමාණක් සහිතව සැකකරුවන් පස් දෙනකු සමග බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය ද දෙමටගොඩ රුවන් නැමැත්තා වෙත රැගෙන එමින් තිබූ ඒවා බවට හෙළි වී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
සැකකරුවන් සතුව තිබූ සැටලයිට් දුරකථනයක් ඔස්සේ සිදුකළ විමර්ශනයේදී මේ බව හෙළි කර ගත් බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
2019 වසරේ දී බහුදින යාත්‍රාවකින් රටට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ දෙසියක ප්‍රමාණයක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබූ අතර එම මත් කුඩු තොගයද දෙමටගොඩ රුවන් නැමැත්තා වෙත රැගෙන එමින් සිට ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් හෙළි වූ බව ද හෙතෙම කියා සිටියේය.
2019 වසරේ දීම හෙරොයින් කිලෝ 200 ක්, අයිස් කිලෝ 5ක්, හෂිස් කිලෝ 30 ක් මෙරටට රැගෙනවිත් ඇති බවට අනාවරණය කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2021 වසරේ මේ දක්වා කාලය තුළ මොහු අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 21 රටට ගෙන්වා ඇති බවද ගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය.
දෙමටගොඩ රුවන් නැමැත්තා ඊයේ (29 ) දෙමටගොඩ පිහිටි ඔහුගේ නිවසේදී නීති විරෝධී දේපල හෝ වත්කම් පොලිස් විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එම ජාවාරම් වලින් උපයා ගත් මුදලින් මිලදී ගත් බව කියන සුඛෝප භෝගී වාහන හයක් ද පොලිසිය භාරයට ගෙන තිබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ අද සවස පැවැති මාධ්‍ය හමුවකදිය
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙමටගොඩ රුවන් කෝටි 700ක කුඩු ගෙනල්ලා
ජයන්ත මිලානො Saturday, 30 October 2021 05:37 PM
ආ' එතකොට ඔයාලා හිටියේ නිදාගෙන... ආ වැරදුණා.. අැමතිතුමා එක්ක කෝල් එකේ...
Sanjeewa Anthony Saturday, 30 October 2021 05:57 PM
කෝටි 700ක කුඩු ගේනකම් ආරක්ෂක අංශ මොනවද කළේ...?
ravin Saturday, 30 October 2021 06:16 PM
එත් එක්කම ඔයගොල්ලෝ පිටිපස්සේ ඉන්න දේශපාලුවෝ ටිකත් අත් අඩංගුවට ගත්තා නම් මත් ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කරන එක ලොකු වැඩක් නෙවෙයි
SL Saturday, 30 October 2021 06:21 PM
බිලියන 7ක.ඇබ්බැහිවුවන් ගණන???
Ruhunu Saturday, 30 October 2021 07:12 PM
දැන් මේවා ගේනකොට අපිටද අල්ලන්න කියන්නේ
fairoos Sunday, 31 October 2021 01:06 PM
හරි වෙලාවට පොලිසියේ ලොක්කන්ට කමිෂන් ගිහිල්ලා නෑ වගේ. නැත්නම් මෙච්චර ටොන් ගණන් ගන්නකම් අල්ලගන්න බැරි වුනාද ?
Shan Sunday, 31 October 2021 01:44 PM
මම හිතන්නේ දෙමටගොඩ රුවන් 2019 විශ්‍රාම යන්න ඇති
siri Sunday, 31 October 2021 02:38 PM
දැම්ම අප්පුඩි ගහන්න එපා. මේ වෙනත් බලවතෙකුට ඒකාධිකාරයක් හදාගන්න සප් එකක් දෙන ක්‍රියාදාමයක කොටසක්ද කියල කවුද දන්නේ.
sharm warn Monday, 01 November 2021 09:25 AM
මෙයාලවත් අල්ලන්නේ එයාලගේ කාලේ ඉවර කරන්න ඕන උනාම. හැබැයි කවදාවත් පළමු පෙලේ අය අල්ලන්නේ නැහැ.