IMG-LOGO

2024 නොවැම්බර් මස 04 වන සඳුදා


දුමින්ද නාගමුවගේ බිරිදගෙන් හෙබයාස්කෝපුස් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පල්ලෙකැලේ  නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින තම ස්වමිපුරුෂයා  වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාගේ  බිරිඳ වන  එන්. දුලානි ප්‍රියංගිකා මහත්මිය අද (12)  අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස් පෙත්සමක් ගොනුකළාය.

නීතීඥ රවිහාර පින්නදූව මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම හෙබයාස්කෝපූස් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි, පල්ලෙකැලේ සමූපකර අධ්‍යයන ආයතනයේ පිහිටි නිරෝධාන මධ්‍යස්ථානය භාර ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම්කරනු ලැබ සිටිති.

කොවිඩ් ආසාදිතයෙකුගේ ළඟම ආශ්‍රිතයා පවා නිවස තුළ නිරෝධායනයට ලක්කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ නිකුත්කර තිබියදී  උද්ඝෝෂණයකට සහභාගිවීම හේතුකරගෙන තම සැමියා බලහත්කාරී ලෙස නිරෝධායන ක්‍රියාවලියට යොමුකිරීමට පොලීසිය ගත් පියවර නීතියට පටහැනි බවත් , ඒ අනුව නීතිවිරෝධී ලෙස නිරෝධායන මධ්‍යස්ථානයක රඳවාගෙන සිටින තම සැමියා වහා අධිකරණය හමුවට ඉදිරිපත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු  නිදහස්කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය

 

 

 

 

 

 

 

 



අදහස් (0)

දුමින්ද නාගමුවගේ බිරිදගෙන් හෙබයාස්කෝපුස් පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

දියත

ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 539 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 731 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 242 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ
2024 නොවැම්බර් මස 04 630 0

හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන


ජාජබ ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා පමණයි
2024 නොවැම්බර් මස 04 643 0

ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද


’’විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නෑ’’
2024 නොවැම්බර් මස 04 662 0

විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 388 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 685 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site