(සුරංග රාජනායක)
දුම්රිය දෙපාර්තමේන්තුව සතු දෙමටගොඩ ධාවනාගාරයට ඇතුළු වූ සොරුන් තිදෙදෙනකු අහසට වෙඩි තබා මෙල්ල කර අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක අංශ කියයි. එක් හොරෙකු පැන ගොස් ඇත.
අක්කර 54 ක් වූ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයට පිරිස් එහි ඇති විවිධ දෑ පැහැ ගැනීමට කාලයක් තිස්සේ පුරුදුව සිටින බව ආරක්ෂක අංශ කියයි.
ඒ ආකාරයට සොරුන් තිදෙනකු දුම්රිය ධාවනාගාරයට ඇතුළු ඇති බව දැනගැනීමෙන් පසු දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඔවුන් අල්ලා ගැනීමට උත්සහ කිරීමේදී එක් කොල්ලකරුවකු ආරක්ෂක නිලධාරියකු අත තිබූ ගිනි අවිය පැහැර ගැනීමට උත්සහා කර ඇත.
ඒ අවස්ථාවේ ආරක්ෂක අංශයේ සිටි සෙසු පිරිස අහසට වෙඩි තබා සැකකරුවන් දෙදෙනකු මෙල්ලකර අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිරිස ඩීසල් ,දුම්රිය අමතර කොටස් හා තඹ කම්බි ද සොරගෙන තිබූ බව ද දුම්රිය ආරක්ෂක අංශ කියයි.
පැය දෙකක් පමණ කාලයක් මෙම සොරුන් තිදෙනා මෙල්ල කිරීමට උත්සාහ කළ ද එක් අයකු පැනගොස් තිබේ.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුම්රිය අංගනයට පැන්න හොරුන් වෙඩි තබා මෙල්ල කරති