(යොහාන් භාසුර)
උඩරට දුම්රිය මාර්ගයේ පල්ලේගමදී පසුගිය 9 වැනිදා ප ස්වරුවේ සිදුවූ පීලි පැනීමත් හේතුවෙන් කොළඹ සහ බදුල්ලේ සිට ධාවනය කළ වෙනත් දුම්රිය දෙක මගීන් දහසකට ආසන්න සංඛ්‍යවකට පැය 9 කට ආසන්න කාලයක් ගම්පොළ සහ නාවලපිටිය යන දුම්රිය ස්ථානවල ගතකර රැය පහන්කිරීමට සිදුවූයේ යැයි ජනතාව චෝදනා කරති.
මෙවැනි සිද්ධියකදී අදාල දුම්රිය ස්ථාන වෙත බස් රථ ගෙන්වා දුම්රිය දෙකේ මගින් දුම්රිය දෙක මාරු කර ගන්වා දුම්රිය දෙක ධාවනය ආරම්භ කළ දුම්රිය ස්ථාන වෙත හරවා යැවීම සාමාන්‍ය තත්වය බවත් කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී දුම්රිය බලධාරීන් එම සාමාන්‍ය පියවර අනුගමන නොකර මාර්ගය යථාතත්වයට පත්කරන තෙක් මගීන් අදාල දුම්රිය ස්ථානවල තැබීමට කටයුතු කළ බවත් චෝදනා එල්ල වේ.
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ අංක 8 දුම්රිය එදින පස්වරු 6.00 ට පමණ නාවලපිටිය සහ උලපනේ දුම්රිය ස්ථාන අතර පල්ලේගම දුම්රිය නැවතුම්පොළ ආසන්නයේදී පීළි පැනීමකට ලක්ව ඇතැයි කියන දුම්රිය මගීහූ ඒ සමඟම මාර්ගය අවහිරවීම නිසා කොළඹ කොටුවෙන් රාත්‍රී 8.30 ට බදුල්ල බලාපිටත්වූ දුම්රිය ගම්පොළ දුම්රිය ස්ථානයේ ද, බදුල්ලෙන් පස්වරු 6.30 ට කොළඹ කොටුව බලා පිටත්වූ දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයේ ද, නවතා තැබූ බව ද සඳහන් කළහ.
ඒ අනුව බදුල්ල දුම්රිය රාත්‍රී 12.30 ට පමණ ද, කොළඹ දුම්රිය අළුයම 1.30 ට පමණ ද නැවතූ බව කියන ජනතාව දුම්රිය බලධාරීන් බස් පහසුකම් සළසා අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් මාර්ගය යථා තත්වයට පත්කළ පසුදින උදෑසන දක්වා දුම්රිය ස්ථානවල රැදී සිටීමට සිදුවූ බව ද කීහ.
මෙම තත්වය හේතුවෙන් බදුල්ල දුම්රිය පසුදින පස්වරු 5.30 ට පමණ ද, කොළඹ දුම්රිය පසුදින පස්වරු 3.00 ට පමණ ද, ගමනාන්තයන්වලට ළගාවීමෙන් දැඩි අපහසුතාවට පත්වූ බව කියන මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූ බදුල්ල දුම්රියේ සිටි ඇතැම් මගීන් ගම්පොළ දුම්රිය ස්ථානයේදී නොසන්සුන්කාරීව හැසිරුණ බව ද සඳහන් කළහ.
මෙම සිද්ධිය පි්ළිබඳව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ ජනතාව ප්‍රවාහන කිරීමට බස් ලබාගැනීමට ලංගම ඩිපෝවලට දුරකථනයෙන් කතා කළ ද බස් සැපයීමට පැය තුන හතරක් ගතවනු ඇතැයි පැවසූ බවත් ඒ හේතුවෙන් මාර්ගය යථාතත්වයට පත්කරන තෙක් ජනතාව දුම්රාය ස්ථානවල තබාගැනීමට තීරණය කළ බවත්ය.
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කළ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට පෙර පීලි පැනීමක් හේතුවෙන් එම දුම්රිය ගම්පොළ දුම්රිය ස්ථානයේදී ධාවනය ප්‍රමාද වන්නේ යැයි මගීන්ට දැනුම්දුන් බව ද ඉදිපොළගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුම්රිය දෙකක මගීහු පැය 09ක් දුම්රිය අඩස්සියේ