IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


දුම්රිය වෘත්තීය සමිතිවලින් රතු එළියක්

(යොහාන් භාසුර)
දුම්රිය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල පත්‍රිකාව හකුලා ගෙන බහුතර වෘත්තීය සමිති සමඟ ඒ පිළිබඳව සාකච්ඡා නොකළ හොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බව දුම්රිය සේවක අයිතීන් උදෙසා සන්ධානයේ ලේකම් සම්පත් රාජිත මහතා අද (22) පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත කළ පසු මහා භාණ්ඩාගාරයත් සමඟ සම්බන්ධය ඉවත් වී දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා මුදල් සොයාගත යුතු මෙන්ම අලුත් සේවයන්ට විශ්‍රාම වැටුප ද අහිමිවන බව කී සම්පත් රාජිත මහතා සේවකයන්ට වැටුප් කාණ්ඩ යෝජනා ඉදිරිපත් කරන ලෙස වෘත්තීය සමිතිවලට දැනුම් දී ඇති බව ද සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත කරලා වැටුප් විෂමතා ප්‍රශ්නයට විසඳුමක් දෙන්න සූදානම් වෙනවා නම් එයට විරුද්ධ බවත් වැටුප් විෂමතා පිළිබඳව සමස්ත වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කළ යුතු බවත් සම්පත් රාජිත මහතා කීය.
කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දුම්රිය සේවක අයිතීන් උදෙසා සන්ධානයේ ලේකම් සම්පත් රාජිත මහතා එසේ පැවසීය.
දුම්රිය සේවක අයිතීන් උදෙසා සන්ධානයේ සහ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා නොකර දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත දෙපාර්තමේන්තුවක් කිරීමට සූදානම් වීම සැක සහිත බවත් එම තීරණය සම්බන්ධයෙන් නියමිත පිළිවෙළට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත්ය.
එම මාධ්‍ය හමුවට දුම්රිය සේවක අයිතීන් උදෙසා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රසන්න උදයසිරි මහතා ද සහභාගි විය.   



අදහස් (3)

දුම්රිය වෘත්තීය සමිතිවලින් රතු එළියක්

සොරිසේන Monday, 22 November 2021 08:54 PM

සුමේධ සෝමරත්න කියන්නේ ඉස්සර ප්‍රවාහන ඇමති වෙල්ගමගේගේ හොඳ හෙන්චයියෙක්!

:       0       0

සිරන් Monday, 22 November 2021 10:30 PM

සේවකයන්ගේ අතිවිශාල අතිකාල ඇතුළු දූෂණ රැසකට ලක්වී ඇති දුම්රිය කෙසේවත් ගොඩ ගත නොහැකියි. වහාම පුද්ගලික කරන කල යුතු හෝ ඉන්දියාව වැනි රටකට කළමනාකරණය පැවරිය යුතුයි.

:       0       0

sankamali Tuesday, 23 November 2021 01:10 AM

හොඳ තීරණයක්, පාඩු ලබන ආයතන විකුනන්න ඕන. නැත්නම් අපිට බරක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 8 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 956 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2114 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 287 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 154 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26653 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1861 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site