IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


දුම්රිය වර්ජනයට සහායට තැපැල් සහ අධ්‍යාපනත්?

(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් දුම්රිය ප්‍රධාන වෘත්තිය සමිති කීපයක් සහ මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතන නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් ‘ලංකාදීප’යට පැවසීය.

දුම්රිය වෘත්තිය සමිති රැසක ප්‍රධානීන් ස්ථානාධිපති සංගමය සමඟ සාකච්ඡා කළ බවත් ආණ්ඩුව තව දුරටත් මර්දනය යොදාගන්නේ නම් සමස්ත දුම්රිය පද්ධතියම අකර්මණ්‍ය කිරීමට පසුබට නොවන බවත් එම නිලධාරියා කීය.

තැපැල් සහ අධ්‍යාපන යන සේවාවල ප්‍රධාන වෘත්තිය සමිති කීපයක නියෝජිතයන් ද සාකච්ඡා කළ බව කී එම නිලධාරියා පැවසුවේ දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු වර්ජනයට සම්බන්ධ දුම්රිය සේවකයන්ට සහය දැක්වීමට එම වෘත්තිය සමිති සූදානම් බවත්ය.

දුම්රිය වර්ජනයෙන් මගී ජනතාව අපහසුතාවට පත්වීමේ වගකීම දුම්රිය බලධාරීන් සහ ආණ්ඩුව ගතයුතු බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (8)

දුම්රිය වර්ජනයට සහායට තැපැල් සහ අධ්‍යාපනත්?

Badara Thursday, 11 July 2024 03:28 PM

එතකොට අපිද පාඩුව ගෙන්න ඕනෙ.

:       2       26

ලසන්ත Thursday, 11 July 2024 03:41 PM

පුද්ගලික අංශයට දෙන්න බැරිනම් තියෙනෙ සේවය නිවැරදි මාවතට ගන්න. අකාර්‍යක්ෂම නිළධරීන් ගෙදරයවා කොන්ත්‍රත් පදනම මත යහපත් අවුරුදු 68ට අඩු විශ්‍රාමික නිළධාරීන් අවුරුදු කිහිපයකට බඳවා ගෙන අලුත් පිරිසක් පුහුණු කරන්න. නැත්නම් පහල මට්ටම් වල යහපත් නිළධාරීන් උසස්කර අවශ්‍ය සේවය ලබාගන්න. මීලඟ දශකයේදී වත් යහපත් දුම්රිය සේවයක් ලැබෙයි. 80ව දශකයේ රජයෙන් කරනකොට ජපානයේ දුම්රිය සේවයයි ඊට පස්සේ පුද්ගලික අංශයට දුන්නාට පස්සේ සේවයයි ගැන අධ්‍යනය කරන්න. අදහා ගතනොහැකි වෙනසකි! කාර්‍යක්ෂම හා ඉතා උසස් ගුණාත්මයෙන් යුතු සේවයකි.

:       4       47

රංබොඩ Thursday, 11 July 2024 03:55 PM

තක්කඩි රෑනම එකතු වෙනවා රට වට්ටන්න. මෙදාපාර හරි පාඩමක් දුන්නොත් එන ඕනෑම රජයකට රට කරන්න පුළුවන් වෙයි...

:       0       0

chandare Thursday, 11 July 2024 03:58 PM

මොනවා කරන්නද කොන්දක් නැති ආණ්ඩුවක් තිබෙන කොට... මේ වගේ කාලකන්නින්ට දැනෙන විදිහට උත්තර දෙන්න බැරි නම් ඒ ආණ්ඩුව ගෙදර යන්න ඕනෑ. මේ කරන්නේ තනිකරම බලුකමට... ඒ නිසා මොවුන්ට මිනිස්සු වටවෙලා ගොම ගහන්න ඕනෑ. ගෙවල් වලින් එළියට එන්න බැරි වෙන්න. ආණ්ඩුව දැනගන්න ඕනෑ මොවුන් ආයේ කොහොම ආවත් රැකියාව නොදී ඉන්න. මාසයක් පඩි නැතිවෙනකොට බල්ලෝ වගේ ඒවි...!

:       0       0

kotiya Thursday, 11 July 2024 04:24 PM

තැපෑල, අධ්‍යාපන, සෞඛ්‍යය, දුම් රිය, ලංගම. ඔය ආයතන කවදාවත් ලාභ ලබන ආයතන නෙවෙයි. හැම රජයෙන්ම ඔය ආයතන වාර්ෂිකව ලබන පාඩුව පියවන්න අයවැයෙන් මුදල් වෙන් කරනවා. ඒ වෙන් වෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල්. පිටකොටුවේ මුට්ට කරගහන මනුස්සයෙක් කෝච්චියේ යන්න ටිකට් එකක් අරගෙන දුම් රිය දෙපාර්ථමේන්තුවට සල්ලි දෙනවා. වැඩ ඇරිලා ගෙදර යනගමන් කන්න ගන්න පරිප්පු 100ට වදින බදු මුදලිනුත් කොටසක් ආයි වර්ෂාවසානයේ දුම් රිය දෙපාර්ථමේන්තුවට යනවා. එහෙම තියෙද්දිත් ඒ මනුස්සයාට වෙලාවට වැඩට යන්න සහා වැඩ ඇරිලා නිදහසේ ගෙදර එන්න කෝච්චි නෑ. ස්ට්‍රයික්. මේ ආයතන සියල්ල පෞද්ගලීකරණය කරලා මිනිස්සුන්ගේ බදු අඩුකරන්න ඕනේ. එතකොට මිනිස්සු අතේ සල්ලි තියෙයි පෞද්ගලික අංශෙන් සේවාවන් ලබා ගන්න. පෞද්ගලික අංශවලිනුත් අඛණ්ඩ සේවාවක් ලබා දෙයි මිනිස්සුන්ගෙන් ගන්න මුදලට සරිලන්න.

:       0       0

ranga Thursday, 11 July 2024 05:14 PM

මේ කාලකණ්ණි හදන්නේ ඔවුන්ට බලේ ගන්න බැරිවන නිසා ඇයි රට අස්ථාවර කරන්න, මේවාට උල්පන්දම් දෙන සෙට් එකට හොඳ ගුටි පූජාවක් දුන්නානම් හරි. තනිකරම කාලකණ්ණි..

:       0       2

chandima Thursday, 11 July 2024 05:55 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වෙට්ටු දදා ඉන්නේ නැතුව පිනා ගෙදර ගියානම් වැඩේ ඉවරයි නේ ඉස්සරහට පැරදිලා ගෙදර යන ජනාධිපතිවරුන්ටයි පැනපු ජනාධිපතිවරුන්ටයි විශ්‍රාම ඇතුළු ජනාධිපති වරප්‍රසාද නැති කරන නීතියක් ගෙන්න ඕනෑ

:       1       0

pakeer Thursday, 11 July 2024 07:32 PM

මුලු ලංකාවේම රජයේ එවුන් වැඩ වර්ජනය කරලාත් කමක් නෑ. මුන් ඉල්ලන ඒවා දෙන්න එපා ... අපි අමාරුවෙන් හරි මේක විදගන්නම්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2527 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1683 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2424 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 573 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3331 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 630 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site