IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දුම්රිය වර්ජනය අඛණ්ඩව


(යොහාන් භාසුර)
ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් දින තුනක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 200 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා මහතා අද (9) පස්වරුවේ පැවසීය.

මෙම වර්ජනය හේතුවෙන් දිනකට දුම්රියය ගමන් වාර 65 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවත් වර්ජනය හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ ගමන් වාර වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බවත් ඉදිපොළගේ මහතා කීය.

කැලණිවැලි මාර්ගයේ වැඩි සංඛ්‍යාවක් බලවේග කට්ටල ධාවනය වීම නිසා එම මාර්ගයේ ගමන් වාර වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට කළ බවත් සාපේක්‍ෂව සෙසු මාර්ගවල ද ගමන් වාර වැඩි ගණනක් අවලංගු කළ බවත් ඒ මහතා පැවසීය.  

බලවේග කට්ටල දුම්රිය රියදුරන්ගේ මෙම වර්ජනයට හේතු වූ තෙවැනි ශ්‍රේණියේ හිට දෙවැනි ශ්‍රේණියට උසස්වීම ගැටලුව මේ වන විට නිරාකරණය කර ඇති බව කී දෙවැනි පංතියේ උසස්වීම්වලට සම්බන්ධ ලිපි 11 ක් හෙට (10) පෙරවරුවේ රියදුරන්ට යොමු කරන බව ද සඳහන් කළේය.

දෙවැනි ශ්‍රේණියට උසස්වීම රියදුරන් 57 කට මේ වන විට දී ඇති අතර තවත් 11 කට අද පෙරවරුවේ දෙන බවත් දෙවැනි ශ්‍රේණියට උසස්වීම බලාපොරොත්තුවෛන් සිටින රියදුරන් 10 ක් පමණ සුදුසුකම් සපුරා නොමැති බවත් ඉදිපොළගේ මහතා කීය.

විශ්‍රාමික රියදුරන් යොදවා පිට පළාත්වල සිට දුම්රිය ගමන් වාර 10 ක් පමණ හෙට (10) දිනයේ ක්‍රියාත්මක කරන බවත් අවශ්‍ය වුවහොත් දුම්රිය පරීක්‍ෂකවරු ද ධාවනයට යොදවන බවත් ඉදිපොළගේ මහතා පැවසීය.



අදහස් (5)

දුම්රිය වර්ජනය අඛණ්ඩව

Prabha Sunday, 09 June 2024 09:15 PM

මොන මගුල කලත් මුන්ට මාසේ අන්තිමට පඩිය ලැබෙනවානේ

:       0       0

Bandara Sunday, 09 June 2024 10:23 PM

ජනතාව පීඩාවට පත් කරන වෘත්තිය සමිතිවලට මුහුණ දෙන්න දුම්රිය පරිපාලනය සම්බන්ධ පූර්ණ දැනුම අවබෝධය සහිත හමුදා බලකායක් වහාම පුහුණු කළ යුතුයි...!

:       0       0

samantha thanthirige Monday, 10 June 2024 06:57 AM

සාක් රටවලින් රියැදුරන් ගෙන්වා දුම්රිය ධාවනය කළ යුතුයි. ඇන්. ඇම්. කළ පරිදි වර්ජිතයින් රැකියාවෙන් පන්නා දමිය යුතුයි...!

:       0       0

අසරණයා Monday, 10 June 2024 08:37 AM

දැන් එතකොට විශ්ව විද්‍යාල දරුවන්ගේ අධ්‍යාපන හෙනහුරා දැන්වත් ගිහිල්ලා නැද්ද? ඒ ගැන ආණ්ඩුවගත් ක්‍රියාමාර්ගවලට මොකද වුනේ කියන්න..!

:       0       0

Asanga samantha Monday, 10 June 2024 10:26 AM

අසරණ මිනිසුන් බැට කනවා. අයි මුන්ව එළියට දාන්න බර

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2415 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 427 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1707 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5049 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3396 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3749 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site