IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


දුම්රිය සීනු අක්‍රිය වෙලා: කෝටි 50ක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ  සහ නිමන්ති රණසිංහ)

දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය හරස් මාර්ගවල සවිකර ඇති සීනු සහ විදුලි පද්ධතිවලින් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් අක්‍රියවීම හේතුවෙන් මේ සඳහා වැය කර ඇති රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් නාස්තිවී ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම අක්‍රිය සීනු හා විදුලි පද්ධති හේතුවෙන් දුම්රිය හරස් මාර්ග වල ගමන් කළ පුද්ගලයන් සහ රථවාහන  අනතුරු රාශියක් පසුගිය වර්ෂයේදී වාර්තා වී තිබූ බවද  එම වාර්තාවේ දැක්වේ.

දුම්රිය හරස් මාර්ග භාවිත කරන අයගේ ජීවිත හා දේපළවලට දැඩි අනාරක්ෂිත තත්වයක් ඇතිවී තිබුණද  ව්‍යාපෘතියෙන් අපේක්ෂිත අරමුණු ඉටුකර ඉටුකර ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත්ව තිබූ බව   ජාතික විගණන කාර්යාලය පවසයි.

පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට කොන්ත්‍රාත් මුදලින් සියයට 95 ක් එනම් කෝටි සියයකට වැඩි මුදලක් ගෙවීම් කර ඇතත් සවිකර වසරක් ගත වීමටත් ප්‍රථම පහළ මාර්ගයේ සීනු හා විදුලි පද්ධති 142 න් 60 ක්ද පුත්තලම මාර්ගයේ සීනු හා විදුලි පද්ධති හතළිස් හයෙන් 34 ක්ද වශයෙන් සමස්ත සීනු හා විදුලි පද්ධති 94 ක්   ක්‍රියා විරහිත ව පැවතුණ බව  එම වාර්තාව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පවසන්නේ  අවසාන පද්ධතිය 10 සඳහා කිසිදු මුදලක් ගෙවීම් කර නැති බවයි.

ඉහත දෝෂ සහිත පද්ධති 94ට ගංවතුරින් හා හදිසි අනතුරු වලින්විනාශවූ පද්ධති විස්සක්ද ඇතුළත් බව එම ප්‍රධානීහු පෙන්වා දෙති.

විදුලි උපාංග ඇනවුම් කර ඇති හෙයින්  ඒවා ලැබුණු පසු පද්ධති නිවැරදි කිරීමට පියවර ගන්නා බවද   ඔවුහු සඳහන් කරති.

අපේක්ෂිත ව්‍යාපෘති අරමුණු ඉටු නොවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අවශ්‍ය පියවර ගත යුතු බව විගණන  කාර්යාලය දුම්රිය බලධාරීන්ට නිර්දේශ කර ඇත.



අදහස් (1)

දුම්රිය සීනු අක්‍රිය වෙලා: කෝටි 50ක් වතුරේ

පැරකුම් Tuesday, 24 October 2023 04:38 PM

මොන බයිලා ගැහුවත් අන්තිමට යන්නේ අපේ බදුසල්ලි...!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 26 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 162 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


සුදු සීනි තොග මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 10 140 0

පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.


හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 443 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER නිල වශයෙන් පිළි ගනී
2024 ඔක්තෝබර් මස 10 101 0

ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 459 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39768 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 69 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1248 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site