(නිමල කොඩිතුවක්කු)
ආසන ප‍්‍රමාණයට මගීන් රැගෙන යාම ඇතුලූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කරන්නැයි රජය උපදෙස් දුන්නත් ඒවා ක‍්‍රියාත්මක කිරීම සඳහා දුම්රිය බලධාරීන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අද(26) පස්වරුව වනවිටත් දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමට බලධාරීන් කටයුතු කර නොතිබූ බවද ජයසේකර මහතා සඳහන් කළේය.
සති අන්තයේ දීර්ඝ නිවාඩුවකින් පසු විශාල පිරිසක් හෙට(27) දිනයේ සිට දුම්රියවල ගමන් කිරීමට නියමිත බැවින් කොවීඞ් වයාප්ත වීමේ වීශාල අවදානමක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම ඔක්තොම්බර් මාසයේ සිට දුම්රිය සේවකයින්ට සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කර නොමැති බවත් හෙතෙම පැවසීය.
දුම්රිය බලධාරීන්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් දුම්රිය සේවකයින් සහ මගීන් විශාල අවදානමකට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘දුම්රිය සේවකයන් අනාරක්ෂිතයි‘‘
wicky Monday, 26 April 2021 03:45 PM
කොහොමත් පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක භාවය ගැනනම් කියන්න අමාරුයි.. බස් කෙසේවෙතත් දුම්රිය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. වෙන මොනවා කියන්නද?