(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සාමාජිකත්වය දරණ ශ්‍රී ලංකා දුම්රිය සේවක යහසාධක සංගමය සාමාජිකයන්ට ණය වෙනුවෙන් නිකුත් කළ චෙක්පත් මුදල් කරගැනීමට නොහැති වීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව දුම්රිය සේවකයෝ පවසති.
එම සංගමය ණය සඳහා චෙක්පත් නිකුත් කිරීමේදී මාස දෙක තුන ඉදිරි දින යෙදූ ඉදිරිදාතම චෙක්පත් නිකුත් කළ බවත් අවසන් වරට නිකුත් කළ රුපියල් 30,000 ක චෙක්පත් මුදල්ගැනීමේ හැකියාවක් නොමැති බවත් සේවකයෝ කියති.
චෙක්පත්වල දිනය පූර්ණවීමට පෙර බොහෝ සේවකයෝ වට්ටම් දී චෙක්පත්වලට මුදල් ලබාගෙන ඇති බව කියන සේවකයෝ ඒවා මිලටගත් පුද්ගලයන්ට චෙක්පත්වල දිනය සමපූර්ණ වුවද මුදල් කරගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවද සඳහන් කරති.
මෙම තත්වය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමේදී පැවසුවේ අදාල සංගමයේ නිලධාරී මණ්ඩලය පිළිබඳව ගැටලුවක් හේතුවෙන් මේ වන විට අක්‍රීයව පවත්න බවත් එම සංගමයේ ඇතැම් ක්‍රියාකාරකම් පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවත්ය.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දුම්රිය සේවක සුභසාධක සංගමය දුන් චෙක්පත් මුදල් කරන්න බෑලු