(නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් සැප්තැම්බර් මාසයේදී ප්‍රවේශපත් නොමැතිව ගමන්ගත් මගීන් 129 දෙනෙකුගෙන් දඩ මුදල් අයකර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම මගින් එකසිය විසි නම දෙනාගෙන් රුපියල් හාරලක්ෂ දෙදහස් දෙසීය ක දඩ මුදලක් අය කර ගෙන ඇත.
සැප්තැම්බර් 08 වන දින සිට කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නොමැතිව ගමන් කරන මගීන් සාමාන්‍ය පරිදි පරීක්ෂා කිරීමට දුම්රිය ස්ථානාධිපති සමන් කුමාර මහතා දුන් උපදෙස් මත මෙම දඩ මුදල් අය කර ගෙන තිබේ.
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ පිටවීමේ දොරටු දෙකක් ඇති අතර මෙම පරීක්ෂා කිරීම සිදු කොට ඇත්තේ විනිසුරු අක්බාර් මාවතේ පිහිටි පිටවීමේ දොරටුවෙන් පමණක් බවත් දුම්රිය ප්‍රකාශකයකු පැවසීය.
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය සතුව කණිෂ්ඨ කාර්‍යමණ්ඩලය සේවකයන් 18 දෙනෙකු සිටිය යුතු වුව ද මේ වන විට සේවට කරනු ලබන්නේ සේවකයන් 06 ක් පමණක් වන අතර ඒ හේතුවෙන් අනෙක් පිටවීමේ දොරටුව පිහිටි උත්තරානන්ද මාවතේ දොරටුවේ පරික්ෂා කිරීම් සිදු කිරීමට නොහැකිවී ඇත.
මේ වන විට දුම්රිය ස්ථානවල පවතින අධික සේවක පුරප්පාඩු හේතුවෙන් ප්‍රධාන දුම්රිය ස්ථානවල පිටවීමේ දොරටු වලට අවශ්‍ය පරිදි පරික්ෂා කිරීම සිදු කිරීමට සේවකටන් නොමැති වීම හේතුවෙන් මගීන් විශාල සංඛයාවක් මේ වන විට ප්‍රවේශපත් රහිතව ගමන් කිරීමේ ප්‍රවණතාවක් පවතින බවත් එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රියේ හොරෙන් ගිය 129කට වැඩ වරදියි
යෝගා Sunday, 02 October 2022 11:55 AM
විදුලිබල මණ්ඩලයේ සහ තෙල් සංස්ථාවේ වැඩිපුර කට්ටිය ඔය වගේ වැඩ වලට යොදා ගන්න බැරිද? AGA කන්තෝරු වලත් ඉන්නව වැඩ නැති නිකම්මු
කලනසිරි ගජසිංහ Sunday, 02 October 2022 02:48 PM
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න අය හොරකම් කරනවා. දුම්රියේ යන අය හොරෙන් යනවා. ඒ ඔක්කොම සල්ලි අපි ගෙවනවා. අනේ හොඳයි...!