IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


දෙමළ පක්ෂය උපසම්පදා සැමරුම් පිංකමට විරුද්ධ වේ

(අමදෝරු අමරජිව)

සියම් දේශයෙන් ශ්‍රි ලංකාවට රැගෙන ආ උපසම්පදා විනය කර්මය ස්ථාපිත කර වසර 270ක් සපිරුනු අද (14) සියම් දේශයෙන් වැඩමවා වදාල භික්ෂුන් වහන්සේලා 50 නමකගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිට පිහිටි පුරාවිද්‍යා භූමියේ පැවැත්විමට තිබු සැමරුම් පිංකමක් දෙමල දේශපාලන පක්ෂ විරෝධතා හමුවේ එම වැඩසහටහන අත්හිටුවා ත්‍රිකුණාමලය ජයසුමානාරාම විහාරස්ථානයට වැඩම කිරිමට එම හිමිවරුන්ට සිදුවූහ.

විදේශ ආක්‍රමණ හමුවේ ලංකාවේ නැතිවි ගිය උපසම්පදා විනය කර්මය රැගෙන මීට වසර 270කට පෙර සියම් දේශයෙන් රුවල්නැව් මගින් ත්‍රිකුණාමලයට ගොඩබැස දිනක් විවේකගත් ස්ථානය පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කර ඇති අතර එම ස්ථානයට පැමිණි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාජා ගජේන්ද්‍ර කුමාර් මහතා ඇතුලු පිරිසක් තාවකාලික කුඩාරමක් ඉදිකර තවත් පිරිසක් සමග විරෝධතාවයක නියැලුණි.

සියම් හිමිවරුන් රුවල්නැව් මගින් ගොඩබැස ත්‍රිකුණාමලය නගරසභා ක්‍රිඩාංගණය ඉදිරිපිට ඇති පුරාවිද්‍යා භූමියට පැමිණිම අතීතය සිහිපත් කරමින් සියම් හිමිවරුන් පිරිසක් නාවික යාත්‍රා මගින් ත්‍රිකුණාමල පැරණි වරායෙන් ගොඩබැස අද (14) පුරාවිද්‍යා භුමියට පැමිණ සැමරුම් පිංකම පැවැත්විමට කටයුතු කර තිබු අතර එම පිංකම අවලංගු කෙරිණි.

ඒ අනුව නාවික යාත්‍රා මගින් ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල වරයා පොලිස් පරිශ්‍රයේ පිහිටි ජැටියෙන් ගොඩබැස බස්රථ මගින් දැඩි ආරක්ෂක රැකවල් මැද ත්‍රිකුණාමලය ජයසුමනාරාමයට රැගෙන ඒමට සංවිධායකයන්ට හා ආරක්ෂක අංශ වලට සිදුවිය. 

සියම් දේශයෙන් පැමිණි හිමිවරු ත්‍රිකුණාමලය දිසාපති බි.එච්.එන්.ජයවික්‍රම මහතා විසින් පිළිගනු ලැබිය.

 



අදහස් (10)

දෙමළ පක්ෂය උපසම්පදා සැමරුම් පිංකමට විරුද්ධ වේ

prasanna Sunday, 14 May 2023 01:05 PM

ජීවිතේට හැදෙන ජාතියක් නෙවෙයි. ඔවුන් දන්නේ නැහැ බුදු හාමුදුරුවෝ ඔවුන්ගේ මුල් රටේ ඉපදුණා කියලා...

:       1       79

kahawita Sunday, 14 May 2023 01:10 PM

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කියන්නේ තනිකරම කොටියෙක්... ඒ කාලේ ප්‍රභාකරන්ගෙන් රන්කාසි තෑගි ගත්තු මිනිහෙක්... මේ මිනිහා ජීවත් වෙන්නේ කොටි සන්ධානය කියන මළකුණ විකුණ විකුණ තමයි.

:       0       60

කිරිපුතා Sunday, 14 May 2023 01:59 PM

ඔන්න ඔවුන් ඉල්ලන සහජීවනය. ඉඩක් ලැබුණද පුල්ලි එළියට එනවා...

:       0       52

උපාලි Sunday, 14 May 2023 02:46 PM

තරහ ගන්න එපා... සහජීවනයට හානිවෙයි.

:       0       28

Surathala Sunday, 14 May 2023 02:46 PM

අද ලංකාවේ ආගමික සහ සංස්කෘතික නිදහස නැතිවෙලා තියෙන්නේ මොන ජනවර්ගයාටද කියලා මේ සිද්ධිවලින් තහවුරු වෙනවා.

:       0       34

සමන් Sunday, 14 May 2023 02:53 PM

අපේ පිං ජනාධිපතිතුමා කීවා මතක නැද්ද පුරාවිද්‍යා ස්ථාන ගැන. දැන් ඉතින් සහජීවනේ දෝර් ගලනවා. තව ඉස්සරහට හොඳටම තියෙයි. NGO කුක්කොත් සෑහෙන්න උදව් කරයි හොඳේ...

:       1       34

Samitha S. Aluthgamage Monday, 15 May 2023 07:51 AM

මේ රටේ බොහෝ ජාතිවාදී උසිගැන්වීම්වලට මුල්වී ක්‍රියාකරන්නේ බොහෝවිට දේශපාලනඥයින්. ඒත් ඒ සම්බන්ධව ඔවුන්ට නිසි දඬුවම් නැහැ...

:       0       1

rattu Monday, 15 May 2023 08:56 AM

සිංහල පළාත්වල කෝවිල් ඕනෑතරම් හදනවා. කවුරුත් විරුද්ධ නැහැ. මොවුන්ගේ කටවල්වලට හෙණම ගහන්න ඕනේ...

:       0       5

Bunny Preena Monday, 15 May 2023 12:30 PM

අපේ දේශපාලන පක්ෂවලට ඉතින් බෙදා තියෙන තරමට වැඩිවන තරමට හොඳයිනේ... ඉතින් වඩාත්ම ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ ආගම් භේද සහ ජාති භේද...

:       0       1

Bamunuarachchi Monday, 15 May 2023 03:10 PM

බෞද්ධයින් නිවටයින් කරලා. සූදානම් වෙලා නැවත උපසම්පදා උත්සවය පටන් ගනිමු. හාමුදුරුවන් උත්සවය ගැන කලින් අපිට දැනුම් දෙන්න. අපි එන්නම් සූදානම් වෙලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උද්ධමනය ඉහළට
2025 අප්‍රේල් මස 21 45 0

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.


’’ජනපති තවත් පොරොන්දුවක් කඩ කළා’’
2025 අප්‍රේල් මස 21 106 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 333 1

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


ක්වාති විනිසුරු අල්ලස් ගනිද්දී මාට්ටු
2025 අප්‍රේල් මස 21 3 0

ක්වාති විනිසුරුවරයකු රුපියල් ලක්ෂ දෙකකට අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 383 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 362 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 464 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site