(නිමල් ජයරත්න)
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් නඩත්තු කරන සිරිපුර, දිඹුලාගල, නුවරගල, වෙහෙරගල යන ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථාන වල ටැංකිවලට කල් ඉකුත් වූ ක්ලෝරීන් දැමීම හේතුවෙන් ප්‍රදේශයේ ගම්මාන රැසක පාරිභෝගිකයින් 700 පුද්ගලයන් 25,000 වැඩි පිරිස්කගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බව එම මධ්‍යස්ථාන හතරෙහි ජලය ලබාගන්නා ජල පාරිභෝගිකයෝ සඳහන් කරති.
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් ක්ලෝරීන් බූලි ගෙනවිත් ඇති අතර එය 2022 ජනවාරි 01 වෙනිදා කල් ඉකුත් වන බවට මුද්‍රණය කර තිබුණද ඒවා වසර වෙනස් කර අදාළ ජල ටැංකිවලට යොදන බවද ප්‍රදේශයේ ජල පාරිභෝගිකයෝ සහ මහජන පරීක්ෂකවරු සඳහන් කරති.
මේ පිළිබඳ අප සොයා 23 වැනි දා දිනයේද සිරිපුර ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට ගිය විට එදින ද ක්ලෝරින් ග්‍රෑම් 500 ක් එම ටැංකිවලට යොදා ඇති බවට සටහන් කර තිබිණි, ඉකුත් ජනවාරියේ සිට මේ දක්වා අදාළ ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථාන වෙතින් ලබාදෙන ජලය අපිරිසිදු සහ අසූචි මිශ්‍ර බවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා නිවේදනය කරද වෙනත් ජල මූලාශ්‍ර ඔවුනට නොමැති නිසා එම ජලය පානය කිරීමට හුරුවී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳහන් කරති.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දිඹුලාගල ජනතාවට ජරා වතුර පොවති
Bunny Preena Thursday, 25 May 2023 11:12 AM
මා හිතන්නේ මොවුන් සභාව් ලොකු ලොක්කන්ගේ විශ්වාසය දිනාගෙන පසුව ඔවුන්ව නොමග යවලා මෙවැනි ක්‍රියාවන්ට යොමුවෙලා කියලයි .හොඳ වෙලාවට මෙම වංචාව අහු උනේ.නැතිනම් මිනිසුන් ලොකු අමාරුවක වැටෙන්න ඇති