(නිමල් ජයරත්න)
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලිය නැවත දුන්නද රුපියල් දොළොස් ලක්ෂ දොළොස් දහස් පන්සිය හැට පහයි ශත අසූඅටක මුදලක් හා ඇමුණුම් ගාස්තු වශයෙන් රුපියල් 3,000ක මුදලක් නොගෙවුවහොත් මේ මස 14 වැනිදා යළි විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරුවරිය ලිපියකින් දැනුම් දී ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාමියෝ සඳහන් කළහ.
ආරණ්‍ය සේනාසනයේ විදුලිය ඉකුත් 27 වැනිදා විසන්ධි කළ අතර ඒ පිළිබඳ ලංකාදීප පුවත්පතින් අනාවරණය කිරීමෙන් පසු බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ බවත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී දැඩි කතාබහට ලක්වීමෙන් පසුව 28 වැනිදා විදුලිය නැවත ලබාදීමට කටයුතු කළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉකුත් සැප්තැම්බර් මස විදුලි බිල ලෙස රුපියල් හයලක්ෂ හැත්තෑ දහස් තුන්සිය අසූවක් බවත්, ඒ අනුව ඉකුත් 28 වැනිදා විදුලිය විසන්ධි කිරීමෙන් පසු එම විදුලි බිල ගෙවීමට දින දාහතරක සහන කාලයක් ලබාදුන් බවත් ප්‍රධාන විදුලි ඉංජිනේරුවරිය එවා ඇති ලිපියේ සඳහන් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරු ඩබ්ලිව්.එම්.ඩී. නිසංසලා මහත්මියගේ අත්සනින් යුතුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත එම ලිපිය යොමු කර ඇති බව රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුණ්‍යභූමියක් කොට සලකමින් හා අපවත් වී වදාළ මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් ශාසනයට ආගමට ජාතියට ඉටුකරන ලද සේවයට ගෞරවයක් වශයෙන් විහාරස්ථානයට නොමිලේ විදුලිය ලබාදුන් බවය.
හිටිහැටියේ විදුලිය විසන්ධි කිරීම බරපතළ අර්බුදයක් බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මෙම පිළිබඳව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දායක කාරකාදීන් සමග සාකච්ඡා කර යම් තීරණයක් ගන්නා තුරු සේනාසනයේ විදුලිය විසන්ධි නොකරන ලෙසත් මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ මෙන්ම විදුලිබල අමාත්‍යවරයාගේ ද දැඩි අවධානයට යොමුකරන ලෙසත් රාහුලාලංකාර නාහිමියෝ ඉල්ලීමක් කළහ.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිඹුලාගල සෙනසුනට ලක්ෂ 12ක විදුලි බිලක්
Onil Tuesday, 06 December 2022 12:40 AM
මෙතරම් විදුලි බලයෙන් ඔවුන් කරන්නේ කුමක්ද?
Li Tuesday, 06 December 2022 02:49 AM
සියල්ලෝ ගෙවිය යුතුය.
Rasi Tuesday, 06 December 2022 04:36 AM
රටේ දැනට පවතින තත්වයත් එක්ක, සැවොම රටේ ධනය ඉතිරි කර ගැනීමට දායක විය යුතුයි. නැතහොත් මේ තත්වය තව දුරටත් වර්දනය විය හැකියි. පන්සල් , පල්ලි මේ සියල්ල අනවශ්‍ය විදුලි පහන් නිවා දැමිය යුතුයි. පෝය හෝ වෙනත් උත්සව අවස්ථාවකදී හැරෙන්න අනවශ්‍ය ලෙස විදුලි පහන් නොදල්වා සිටිය යුතුයි. අවසානයේ මේ සියල්ල ගෙවා දමන්න වෙන්නේ. මම ඔබ, සහ අපේ දරුවන්ටයි. දේශපාලකයන් හෝ පුජකයන් මේ පිළිබද වගකීමක් දරන්නේ නැහැ. ලෝකය වෙනස්වෙමින් පවතී. අනවශ්‍ය නාස්ති සෑම රටකම ඉවත් කරමින් පවතී. පසුගිය වසර 40 තුල, අප රට ඊට අනුගත නොවූ විපාකය දැන් අප විදිමින් පවතී. තව දුරටත් දේශපාලනයට හෝ පසුගිය කාලයට බැන වදිමින් ඉන්නවට වඩා රටේ සියලු ශේත්‍ර ස්වයං හික්මීමකට ලක් විය යුතුයි.
MissakaTuesday, 06 December 2022 12:10 PM
මේ තොරන් ගහලා ආපු විදුලි බිලක් නෙමේ. ජීවිතේට දිඹුලාගල ගිහින් නැති උන් ගෙදර ඉඳන් කොමෙන්ට් කොටල රට හදන හැටි උගන්නන්නවා.
RasiTuesday, 06 December 2022 02:22 PM
උඹලා වගේ එවුන් හදපු රට තමා දැන් ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ යස අගේට. Light දාගෙනම හිටපල්ලා
සුන්දරා Tuesday, 06 December 2022 05:39 AM
දෙසැම්බර් 7 වෙනිදා ශ්‍රීපාද වන්දනා කාලය ආරම්භ වෙනවා කොතලාවල මැතිතුමා ලංකාවෙ විදුලිය නිපදවන අවස්ථාවෙ එය සාර්ථක වුනොත් ශ්‍රීපාදය සදහා හැමදාම නොමිලයේ විදුලිය සැපසැපයීමට භාරයක් වෙලා තමයි වැඩ ආරම්භ කලේ ඉතින් වැඩ සාර්ථක නිසා විදුලිය දුන්නා දැන් ඉන්න ඉංජිනේරු තරුණ තරුණියෝ මේවා මොකුත්ම දන්නවා කියලා හිතන්න අමාරුයි ඒකනේ දිඹුලාගලට විදුලිය දෙන්න බලධාරීන් නියෝග කලාම විදුලිය දීලා පොතේ නීති ක්‍රියාත්මක කරන්න හදන්නෙ (කරන්ට් එක නිසා කල්පනා ශක්තිය අඩුවෙලාද මන්දා ) ඒ නිසා ඔවුන්ට උපදෙස් දෙන්න ශක්තියක් තියෙන කෙනෙක් ඔවුන්ට ඒබව කියලා දුන්නොත් හොදයි
HemanthaTuesday, 06 December 2022 12:15 PM
දිඹුලාගල පන්සල වැහුවම කැලේ කපන්න ලේසියිනේ මහත්තයා. වස්ගමුවෙ තියෙනව කෝටි ගානක දැව සහිත ගස්. පන්සලේ හාමුදුරුවො කැලේ කපන්න දෙන්නෙ නැති නිසා දේශපාලුවොන්ට ඕන පන්සල වහගන්න. අද කාලකන්නි මිනිස්සු කොටි කලබල කාලෙ ඔය පන්සලෙන් වෙච්ච සේවාව ගැන දන්නෙවත් නෑ.
චන්දන Tuesday, 06 December 2022 06:33 AM
මැති ඇමති විදුලිය බිල වතුර බිල ගෙවන්නේ නැහැ . ඒපව ගෙවන්න ඕන අහිංසක ජනතාව ද ඊලඟ රැල්ල වැඩි ඈතක නැහැ . ඒක බරපතල අනතුරු ඇඟවීමක් හරිද.
Ananda Tuesday, 06 December 2022 08:59 AM
කවුරුන් විසින් හෝ විදුලි බිල් ගෙවිය යුතුය.සේනාසනයේ භාරකරුවන් එය නොගෙවන්නේ නම් මෙරට පොදු ජනතාව විසින් එය ගෙවිය යුතුය.එය සාධාරණද.මෙ රට.පොදු ජනතාව මත එම බර නොපටවා එය ගෙවීමේ ක්‍රමවේදයක් භාරකරුවන් විසින් සකසා ගත යුතුය.
ranjith Tuesday, 06 December 2022 09:40 AM
ජාතිය ආගම ඔලුවේ තියන් සමහර පන්සල් වල නාගලෝකේ නාගයෝ පෙන්වලා බලේට ආවේ දැන් පෙන්වන්නේ ජාති ආලය බෞද්ධ කම.
sujeewar Tuesday, 06 December 2022 11:14 AM
නූතන පරම්පරාව අතීතය ගැන දන්නෙත් නැහැ. ඔවුන්ට ඒ ගැන හැඟීමකුත් නැහැ. මට තියෙන පුදුමේ මණ්ඩලයේ දූෂණය හා නාස්තිය නවත්තන්න කවුරුත් පියවර නොගෙන පන්සල් වල විදුලිය ගැන කෑ මොර දෙන්නේ මොන බලාපොරොත්තවකින්ද කියන එකයිග
KithsiriTuesday, 06 December 2022 12:22 PM
පුදුම වෙන්න එපා මහත්තයා, වස්ගමුව කැලේ අලි ඇතුන් ගොඩායි. උන්ට දළ තිබේ. කැලේ විශාල ලී නිධානයක්. මනම්පිටියේ වැලි ගොඩයි. හාමුදුරුවො ඉන්නකන් එව්වා බෑ. පන්සල වහ ගත්තොත් වැඩේ ගොඩ. අනිත් එක සිංහලයා පොලොන්නරුවෙන් එලවන්න පන්සල ලොකු බාධාවක්.
surasena Tuesday, 06 December 2022 12:26 PM
සමාජ දූශකයන්ට අන...අන දෙනකොට ඒ් ගැන කතා නොකල යුතුද ? දුප්පත් අහිංසක මනුස්සයො හාමතේ මංමාවත්ත්වල වැටිල මැරෙනව !
Senaka Tuesday, 06 December 2022 12:08 PM
හාමුදුරුවරු විශාල පිරිසක් වැඩ සිටින පන්සලක් මේ. පන්සල්, පල්ලි, කෝවිල් විශාල ප්‍රමාණයක් මේ ප්‍රශ්ණයට මුහුන දෙනවා. ආගමික ස්ථාන වලට යන මිනිස්සු විස්තරේ දන්නව.