(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ත්‍රිරෝද රථ සංගමයේ සාමාජිකයන් හය දෙනෙකු බන්ධනාගාර ගත කිරීම සඳහා පොලිසිය ක්‍රියාකිරීම සහ කුලී රථ ධාවනය කිරීම නිසා තම රැකියාවට හානි සිදුවී යැයි චෝදනා කරමින් දඹුල්ල, සීගිරිය, හබරණ, ත්‍රි රෝද රථ සංගම්වල සමාජික සාමාජිකාවෝ අද (07) දින පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූහ.
විද්‍යුත් ඇප් දෙකක් උපයෝගී කරගෙන කුලී රථ ධාවනයනය කරන නවගත්තේගම ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකුට දඹුල්ල නගරයේදී පහරදී මංකොල්ලකෑවේ යැයි චෝදනාව මත ඔවුහු බන්ධනාගාරගත කරතිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසත් නගර මධ්‍යයේ ඇති ආරක්ෂිත කැමරා පරීක්ෂා කොට අභූත චෝදනාවලට විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස උද්ඝෝෂකයෝ පොලිස්පති වරයාගෙන් සහ රජයෙන් ඉල්ලීමක් කර සිටිති.
ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නවෝත්පාදන වැඩපිළිවෙළ මගින් සිදු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය .
දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් බවත් රටේ විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා රජය විශ
ඉසිමග ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම නමින් නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන එම සමාගමේ සැකකාර අධ්‍යක
මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත් එය මෙරට ආර්ථිකය වසර හතකින් වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (8) පස්වරු වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු ම
දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් පටිපාටිය අනුමත කිරීම සහ වසර පහෙන් පහට උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද කළහොත් වෘත්තීය ක්‍රියා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
දඹුල්ල ත්‍රිරෝද සංගමය පාරට බසිති
sachith Tuesday, 07 January 2025 08:59 PM
මේ කියන විදිහට නම් පක්ෂේ පාට වැඩක් නෑ, මේ කැගහන කට්ටියම තමා වැරදි කියලා ඇප් භාවිතා කරලා ගමන යන මිනිස්සු දන්නවා
Lalla Tuesday, 07 January 2025 11:16 PM
ත්‍රී රෝද රථ රියැදුරෝ අපිව මංකොල්ල කනව.කි.මී එකක ගමනටත් රු. 200/=ක් ගන්නව.මීටර් නෑ.මීටර් සීයක් ගියොත් රු.සීයයි මේ ගම්පහ ඉඹුල්ගොඩ ඉස්කෝල හන්දියේ තත්ත්වය...
Mahesh Tuesday, 07 January 2025 11:55 PM
මේ කලාකන්නි හිතෙන හිතෙන ගණන් වලට හයර් දුවනවා. ඇප් එක සාධාරණයි. මුන්ට ඇප් එක හින්දා බඩට වදින හින්දා කැගහන්නෙ.. කොලබට ඇවිත් බලපල්ලා ඇප් එක හින්දා උබලාගේම එවුන් කී දාහක් ගොඩද කියලා.. ලින් මැඩියට ඉතින් හැමදාම කැගන්න විතරයි පුළුවන්. අප්ඩේට් වෙයල්ලා උබලත්... කොලබත් මුල් කාලේ පාර්ක් ලග නවත්වන්න බෑ .ඇප් එකෙන් දුවන එකාට කෙලිනවා ... පස්සේ මුළු පාර්ක් එකම ඇප් එකෙන් දුවන ගත්තා...
Madhuranga Wednesday, 08 January 2025 02:14 AM
ඕකට තමා කියන්නෙ කැලේ ඉන්න නයි ඔඩොක්කුවට දාගන්නවා කියල
sam Wednesday, 08 January 2025 02:53 AM
අනිවාර්යෙන්ම නෑ මලගේ , බින් කුන්ඩෝ මේක අස්සේ ඇති
Suresh Wednesday, 08 January 2025 04:15 PM
ත්‍රීවිල් මහත්වරුන්ට දැඩි සේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මහා මාර්ගයේ වෛරසයක් තමයි සරලවම...!