( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත් , දියගම මල්ශාලාවේ කළමනාකරු ඇතුළු හත් දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම මල් ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කහතුඩුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී . සමරසේකර මහතා පවසයි
මේ හේතුවෙන් එම මල් ශාලාවේ සේවය කල පුද්ගලයින් දසදෙනෙකු මල් ශාලාව තුලම නිරෝධායනය කිරීමට පියවර ගත් බවද කියයි .
මීට දින කීපයකට පෙර මෙම මල්ශාලාවේ කළමනාකාර වරයාට සහ රියදුරුට කොරෝනා ආසාදනය වී තිබූ අතර පසුව ඔවුන්ගෙන් ආශ්‍රිතයින් ඉලක්ක කරගනිමින් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී එම මල්ශාලාවේම සේවය කළ තවත් සේවකයින් පස්දෙනකුට වෛරසය ආසාදනය වී තිබූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය
ඒ අනුව එම මල් ශාලාවේ සේවය කළ සෙසු සේවකයින් දස දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කොට ආසාදිතයින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
මෙම මල්ශාලාවේ සේවකයින් සියලු දෙනා එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිතා කරමින් දෛනිකව අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පාලනාධිකාරියට එරෙහිව ඉදිරි පියවර ගැනීමට නියමිත බව සෞඛ්‍ය අංශ පවසයි .
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දියගම මල්ශාලාවක කළමනාකරු ඇතුළු 7 කට කොරෝනා