IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


දියණිය-ඥාති දියණිය අපයෝජනය කිරීමට තැත් කළ පියෙක් අත්අඩංගුවට

( රේඛා තරංගනී ෆොන්සේකා)
 
බීමතින් සිය දියණිය  සහ ඥාති දියණිය අපයෝජන කිරීමට තැත් කළ බව කියන සැකකරුවෙක්  (11)  අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පවසයි.

සැකරුගේ බිරිඳගෙන්  ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කරන පොලීසිය ඔහු මත්පැන් භාවිතයට අධිකව ඇබ්බැහි වී සිටින අයකු බවද පැවසීය.

ලිංගික අපයෝජනයට ලක් වීමට ගිය බව කියන සැකකරුගේ දියණිය සහ ඥාති දියණිය පානදුර මූලික රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව සඳහන් කරන පොලිසිය සැකකරු අද මොරටු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසීය.
 
මෙම දියණියන් වයස අවුරුදු 16 පසුවන්නියන් බව සඳහන් කරන පොලීසිය අදාළ සැකකරුගේ බිරිඳ  ඇඟලුම් කම්හලක සේවය නියුතු සේවිකාවක බවත් ඇය රැකියාවට ගිය අතරතුරදී සැකකරු මෙසේ නොමනා ලෙස හැසිරී ඇති බවත් පැවසීය.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ මොරටුව එගොඩඋයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනිල් මාසකෝරාල මහතා විසින් සිදුකරනු ලබයි.



අදහස් (2)

දියණිය-ඥාති දියණිය අපයෝජනය කිරීමට තැත් කළ පියෙක් අත්අඩංගුවට

Clarence de Silva Sunday, 11 October 2020 09:47 PM

මොහුට හොඳ දඬුවමක් දිය යුතුය

:       0       0

C G Monday, 12 October 2020 09:22 AM

මෙය ලියන්නේ අද දින පුවත්පතේ දැක්ක ළමා අපයෝජනය සම්බන්ධයෙන්.. මට හිතාගන්න බැරි ඇයි රජය දැඩි ක්‍රියා මාර්ගයක් නොගන්නේ කියලා..? මේ තියෙන නීතිය ලිහිල් වැඩියි. අලුත් නීති දාන්න ඕනේ... අපි සෙල්ලම් කරන්නේ අනාගතේ බාරගන්න ඉන්න දරුවන්ගේ ජීවිත එක්ක... මල් වගේ ඉන්න දරුවෝ මේ... ඔය වගේ දෙයක් වුණාම කවුද එ් ළමයාගේ මනස හදන්නේ? අපරාධකාරයා පොලිසියෙන් ගෙනියනවා. ඊට පස්සේ ඇප මත එළියට එනවා.. එක්කෝ උසාවි දාලා අවුරුදු ගණන් නඩු කියනවා... පස්සෙ වන්දියක් දීලා සමාදාන වෙනවා. එ්ත් අර දරුවා මුලු ජීවිත කාලෙටම ඒක බලපානවා කියලා කවුරුත් හිතන්නේ නැහැ.. එ් ළමයා මානසිකව කොච්චර වදවිඳිනවා ඇද්ද? මේක එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවීමක් නැහැ. එක්කෝ දෙමව්පියන්, ළමයින් ගැන මීටවැඩිය සැලකිලිමත් වෙන්න ඕනෑ. දැන්ම මේකට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් මේ පුංචි දරුවන් ගේ ජීවිත අපි විසින්ම අඳුරු අගාධයකට ඇද දමන එකයි කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 4 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 648 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 199 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 254 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 142 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 12591 3

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site