(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දියවන්නා ඔයේ මාලු ඇල්ලීමට යාමේදී ඔරුවක් පෙරලීමෙන් දියේ ගිලී අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර අද (27) අළුයම සොයා ගත් බව තලංගම පොලිසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ රාජගිරිය වැලිකඩ බුත්ගමුව පාර පදිංචි එස්. සයුර ගිම්හාන නමැති 18 හැවිරිදි තරුණයෙකි .
මොහු තවත් මිතුරන් තිදෙනකු සමඟ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි දියසරු උයන අසලට පැමිණ ඉන් දෙදෙනෙකු දියවන්නා ඔය වටා ඉදිකර ඇති ආරක්ෂක වැටකින් අනවසරයෙන් ඇතුළුවී ඔරුවක ආධාරයෙන් මාලු ඇල්ලිමට දියවන්නා ඔයට ඊයේ (26) අලුයම ගොස් තිබේ.
එම අවස්ථාවේදී එක්වරම තරුණියන් දෙදෙනා සිටි ඔරුව පෙරලී ඇති අතර ඉන් එක් තරුණයකු පිහිනා ගොඩට විත් ඇති අතර අනෙත් තරුණයා දියේ ගිලි අතුරුදන්ව තිබුණි.
පසුව ගොඩට පැමිණි තරුණයා සිද්ධිය මාර්ගය රැඳී සිටි තරුණයන්ට දැන් වීමත් සමඟ කලබලයට පත්වූ ඔවුන් මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ රියදුරෙකුට නිරීක්ෂණය වී තිබුණු අතර ඔහු, ඉදිරියේ ආරක්ෂාවට රැඳී සිටි පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමත් සමඟ එම නිළධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇත.
එහි සිටි තිදෙනාගෙන් දෙදෙනෙකු පළාගොස් ඇති අතර එක් තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .
ඒ අනුව මාළු ඇල්ලීම සඳහා භාවිතා කළ ඔරුව ද පොලිස් බාරයට ගෙන තිබේ
අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදාවේ සහ ජීවිත ආරක්ෂක නිලධාරීන් ඊයේ දවස පුරා මෙහෙයුමක් දියත් කළ ද අතුරුදන් වූ පුද්ගලයා සොයාගැනීමට නොහැකිවූ අතර අද අළුයම අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර පාවෙමින් තිබෙනු දැක තිබේ. ඒ අනුව නාවික හමුදා නිලධාරීන් හා ජීවිතාරක්ෂක නිලධාරීන් එක්ව දියවන්නා ඔයේ පාවෙමින් තිබූ මළ සිරුර ගොඩගනු ලැබීය.
පසුව එම ස්ථානයට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැමිණ ස්ථානය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය අයි ඩී එච් රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් වැඩිදුර පරීක්ෂණ පවත්වති .
මියගිය තරුණයා
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දියවන්නාවේ අතුරුදන්වූ තරුණයාගේ සිරුර හමුවෙයි