IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


දයාසිරිගෙ නඩුවකට දින දෙයි

(රෝෂන් තුෂාර)

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර  මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය දැරීමේ කටයුතුවලට බාධා කිරීම වළක්වමින්   හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා සරත් ඒකනායක මහත්වරුන්ට අතුරු   තහනමක්  නිකුත් කරනවාද? නැද්ද ?යන්න පිළිබඳ නියෝගය ලබන 31 දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ මහතා අද  (24) දන්වා සිටියේය.

මෙම නඩුවට අතුරු පෙත්සමක් ඉදිරිපත් කළ පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහතාට නඩුවට මැදිහත්වීම සඳහා අවසර ලබාදුන් අතිරේක දිසා විනිසුරුවරයා  මැදිහත්කාර පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා සිටින අවසන් සහනය පැහැදිලිව ඉදිරිපත් කර නොමැති බැවින් අතුරු පෙත්සම මගින් ප්‍රධාන නඩුවේ  අතුරු නියෝගයට බලපෑමක් විය හැකි යැයි තීරණය කළ නොහැකි බවත්,කෙසේ වෙතත් නඩුව මගින් නිදහස් පක්ෂයේ සාමාජිකයින් සියල්ල විත්තිකරුවන් කරමින් නඩු පවරා ඇති බැවින් නඩුවට මැදිහත්වීමට අයිතියක් ඇති බවත් පෙන්වා දුන්නේය.

ජයසේකර මහතා විසින් හිටපු සභාපති  මෛත්‍රිපාල සිරිසේන මහතාට හා සරත් ඒකනායක මහත්වරුන්ට එරෙහිව   පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී අතිරේක දිසා විනිසුරුවරයා එම නියෝග නිකුත් කළේය.

ජයසේකර මහතා පැවරු නඩුවේ අතුරු නියෝගයක් ලබාදීම පසුගිය 23දිනට නියමිතව තිබූ අතර ලසන්ත අලගියවන්න මහතාගේ මැදිහත්කාර අතුරු පෙත්සම ඉදිරිපත් කිරීම හේතුවෙන් එම නියෝගය අද (24) දින තෙක් කල් තැබීය.

මැදිහත්කාර පෙත්සමට අවසර ලබා දුන් දිසා විනිසුරුවරයා පැමිණිල්ලිකාර දයාසිරි ජයසේකර මහතා පැවරූ නඩුවේ තීන්දුව මෙසේ 31 දින තෙක් කල් තැබිය.



අදහස් (0)

දයාසිරිගෙ නඩුවකට දින දෙයි

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 382 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 77 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 728 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 95 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 638 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 969 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site