(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සඳහා නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු අද (7) ලිපියකට අත්සන් තැබූහ.
හෙලිකොප්ටරය ලකුණින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් නිදහස ජනතා සන්ධානයේ විධායක කමිටු රැස්වීමක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම ලිපියට අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාටද මෙම රැස්වීමට ආරාධනා කර තිබිණි.
මෙම රැස්වීම සඳහා තිලංග සුමතිපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහචාර්ය ජී.එල් පීරිස්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල,මහාචාර්ය චරිත හේරත්,වීරසුමන වීරසිංහ මහත්වරු ද අතුරලියේ රතන හිමි ඇතුළු ජනතා නියෝජිතයෝ සහභාගී වී සිටියහ.
මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පැවසූයේ තමා සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සමග එකතු නොවන බවයි.
අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කළේය.
පුත්තලම් දිස්ත්‍රික්කයෙන් 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා පත්‍ර වල හිටපු කැබිනට් ඇමති,රාජ්‍ය ඇමති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙ
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දයාසිරි වෙනුවෙන් මෛත්‍රීට ලිපියක්
sisil Thursday, 07 September 2023 10:04 PM
මේ කියවන අඳෝනාවලින්ම පෙනෙන්නට තිබෙනුයේ බලයට කෙතරම් තණ්හාවෙන් පෙලෙනේද කියා...? මහජනතාවට සේවය කිරීම නොව මොවුන්ගේ තනතුරු සහ වරප්‍රසාද ගිලිහීයාම මොවුන්ට ඉවසාදරා සිටීමට නොහැකි තත්වයකට මොවුන් දේශපාලන බලයෙන් මත්වී ඇත. දේශපාලනයට පැමිණිපසු මොහු ආරම්භ කළ දේශපාලන පක්ෂය කුමක්ද? සහ අවසානයේ නවතින්නේ කුමන දේශපාලන පක්ෂයේද? ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවාදී දේශපලන නැට්ටුවන් දේශපාලන පෙරහරේ අවසන් ජවනිකා රඟදක්වමින් සිටියි..
abaran Friday, 08 September 2023 04:46 AM
මහාචාර්ය කියන්නේ වි විද්‍යාලයක තනතුරක් . එය ආචාර්‍ය වගේ අදාල පුද්ගලයට අයිති ටයිටල් එකක් නොවෙයි. සම්මානිත මහාචර්ය වරයෙකුට හැර වෙනත් අයෙකුට වී විද්‍යාලයෙන් ඉවත් වීමෙන් පසුව මහාචාර්ය කියා ඇමතීම වැරදයි නමුත් අපේ සමහර දේශපාලකයින් මෙම වරද දැන දැනම කරනවා ඉන් යම් වාසියක් ලබගන්න . එනිසා අප මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි . කොහොම උනත් මෙතන නම් සඳහන් සෙට් එකම ලබන චන්දෙදි ගෙදර යනවා. එය ස්ථිරයි .
Lalla Friday, 08 September 2023 08:37 AM
එහාට මෙහාට පැනපු බයියෙක් ගැන මොකට කරදර වෙනවද? කලක් එජාප ආණ්ඩුවේත් හිටිය බුවෙක්....
Nimal Friday, 08 September 2023 09:07 AM
මෛත්‍රී ගේ බල තන්හාව .චන්ද්‍රිකා ,මහින්ද,ගෝඨා,මෛත්‍රී ,මේ නිදහස් පක්ෂයේ විනාශයට මග පෑදූ අයයි
K k d silver Friday, 08 September 2023 09:54 AM
දැන් ශ්‍රී ලංකාවේ මිනිසාගේ ගැටලුව නිෂ්ඵල දේ සඳහා ඔබේ කාලය නාස්ති නොකරන්න
ranjith Friday, 08 September 2023 01:57 PM
එක වතාවක් ආප්ප කාලා පාක්ෂිකයෝ පාවා දුන්නා... ඒ ආප්ප කෑමේ නාටකය අංක 01, ඔන්න ආපසු ආප්ප කෑමේ නාටකය 02ට සූදානම් වෙන්නේ මේ පාර අපි පොහොට්ටු හොරු සෙට් එකට සෙට්වෙන්න යන්නේ... හදන්න බොහෝම හොඳයි. හොරු ඔක්කෝම එක පැත්තකට යන එක...!