IMG-LOGO

2024 ජුලි මස 07 වන ඉරිදා


දයාසිරි නිමල්ට තදින්ම කියයි

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය මගින් තමාට බලය පවරා ඇති හෙයින් ඊට එරෙහිව බාධා නොකරන ලෙස එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.

ඒ අනුව හෙට (05) දිනයේ පෙරවරු 9.30ට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ගොස් වැඩ බාර ගන්නා බව පැවසූ ලේකම්වරයා කිසියම් පිරිසක් ආණ්ඩු බලය යොදා ගෙන එය කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව අධිකරණයට යන බව පැවසීය.

එම නිසා කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු නොකර තමාට නිදහසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.

පක්ෂ මූලස්ථානය කිසිවකුගේ බූදලයක් නොවන බව පැවසූ ජයසේකර මහතා එම එම ස්ථානයට සහ තමා සමග එහි එන පිරිස වෙනුවෙන් දැඩි ආරක්ෂක විධිවිධාන සලසන ලෙස පොලිස්පතිවරයාට කොට්ඨාසය භාරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවද කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන සෑම සියලු දෙනාටම මෙම අවස්ථාවට පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරන බව පැවසූ ජයසේකර මහතා කිසිවෙක් කිසිවකට බිය නොවිය යුතු බවද අවධාරණය කළේය.

 



අදහස් (5)

දයාසිරි නිමල්ට තදින්ම කියයි

සමන්ත Thursday, 04 July 2024 07:14 PM

මේක හරි කෙලියක් නේ. රිලවෙක් වගේ එහාට මෙහාට පනින, පක්‍ෂේ අතහැරලා වෙන පක්‍ෂ පිහිටුවා ගත්තු කෙනෙක් පක්‍ෂයේ විධායක සභාව විසින් ඔහුව ඉවත්කර අලුත් නිලධාරී මණ්ඩලයක් පත් කරගෙන තියෙද්දී තවමත් අතීතය වළංගුයි කියලා හිතාගෙන නටන නැටිල්ලක්. කවුරුවත් පිළිනොගන්න සොම් බියෙක් කියන කතා ඒ තරම් ගණන් නොගන්න​.​

:       22       22

Bandula Amarasinghe Friday, 05 July 2024 02:21 AM

අධිකරණ නියෝගයක් අනුව ඔහු පක්ෂයේ මහ ලේකම් වහයෙන් පිලිඅරන් තියෙනවා. අපිට ඒ සඳහා අභියෝග කරන්න බෑ

:       1       3

kassapa Friday, 05 July 2024 04:04 AM

මොන පක්ෂෙන් ආවත් ආයේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ වද්දගන්න නුසුදුසු ගෙම්බෙක් තමයි මෙන්න මේකා . මේ රිලසිරි කයිවාරු මිසක කල කිසිම වැඩක් නැහැ මෙතක් කල්.

:       1       4

janahitha Friday, 05 July 2024 08:42 AM

සිරිසේනත් එක්කද ඔය ගමන යන්න හදන්නේ .ඔබට ශ්‍රි.ල.නි.ප යේ අයිතියක් නැහැ

:       2       1

ගමේ එකාලා Friday, 05 July 2024 09:49 AM

කලින් යූඇන්පීයේ ඉදලා මහින්දයාව පුලුවන් තරම් විවේචනය කරලා අන්තිමට සාටකේ ගිහින් එල්ලුනා.ආත්මාර්තකාම් අවස්තාවාදී බලලෝබී දේසපාලුවෙක්, එහෙට මෙහෙට පැනලා දැන් පස්ස බිම ඇනගෙන.?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

තරුණිය මරා ළිඳට දාන්න අනුබල දුන්නැයි 6ක් රිමාන්ඩ්
2024 ජුලි මස 07 253 0

තරුණියක් මරා සිරුර මුතූර් කුමාරපුරම් ප්‍රදේශයේ පාලු ළිඳකට දැමීම සම්බන්ධයෙන්, මිනීමැරුමට ආධාර බල දුන් ඝාතනය වූ තරුණියගේ අතුරුදහන් වී සිටින පෙම්වතාගේ


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ජයසූරිය
2024 ජුලි මස 07 386 1

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.


තැපෑල ලෙඩවන ලකුණු
2024 ජුලි මස 07 81 0

ඉල්ලම් කිහිපයක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති අද(7) මධ්‍යම රාත්‍රියේ සිට අනිද්දා(9) මධ්‍යම රාත්‍රිය දක්වා පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ත


සංචාරක යාත්‍රා පදවන්නෝ දියවැලකට හසු වූ 6කගේ දිවි බේරති
2024 ජුලි මස 07 417 0

නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට අසුවී ගසාගෙන ගිය තරුණයන් හය දෙනෙකු සංචාරක යාත්‍රා පදවන්නන් විසින් බේරාගෙන පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිල


නැ‘හිර දුම්රිය ගමනාගමනයට බාධා
2024 ජුලි මස 07 242 0

සීදුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන්නා ලද ප්‍රීමා භාණ්ඩ රැගත් දුම්රිය අද (07) කලාවැව දුම්රිය ස්ථානයත් අව්කන දුම්රිය ස්ථානයත් අතර මාර්ගයේදී පීලි පැනීම


රත්ගම විදුර ගේ මස්සිනා සැඟවු විදේශ ගිනි අවි උණ්ඩ හමුවෙයි
2024 ජුලි මස 07 435 0

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත ද සොයිසා නොහොත් රත්ගම විදුර ගේ මස්සිනා විසින් සඟවා තැබූ විදේශ ගිනි අවියක් උණ්ඩ 3 ක් සැකකරුගේ නිවෙස අ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 734 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1686 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3577 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site