(අජන්ත කුමාර අගලකඩ)
දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහලේකම්ධුරයෙන් ඉවත් කිරීමට සිදුවූයේ ඔහු සියලු දෙනා පෙරළාගෙන පක්ෂයේ නායකයා වීමට ගිය නිසා යෑයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලු රැසක් තිබූ බව කී සිරිසේන මහතා එම තත්වය හමුවේ ඔහු පක්ෂයේ ලේකම්වරයා ලෙස තවදුරටත් තබා ගත නොහැකි බවද සඳහන් කළේය.
ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති බවත්,චෝදනා පත්‍රය ලබන සතියේ දී ඔහුට ලැබෙන්නට සලස්වන බවත්, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර, දයාසිරි ජයසේකර මහතා මහ ලේකම් ධුරයෙන් ඉවත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අගමැතිකම ගැනීමට දැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, තමාට එවැනි බොළඳ සිහිනයක් නොමැති බවය .
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දයා නායකයා වෙන්න දැඟළුවා
Rohana Sunday, 10 September 2023 09:22 AM
මෛත්‍රීපාල කොයි පැත්තට කරනම් ගහනවද කියල කවුරුවත් දන්නෙ නෑ. කිසිම විශ්වාසයක් තැබියහැකි කෙනෙකු නොවෙයි.
සල්ලි Sunday, 10 September 2023 09:41 AM
ලංකාවේ නිව්ස් වල උඩින්ම දේශපාලකයින් ඉන්නේ ඇයි තාත්තේ? අවුරුදු 75ක් තිස්සේ රට නොමග යැවුවේ ඔහොම තමා පුතේ...
de silva Sunday, 10 September 2023 10:16 AM
දයාසිරිගේ දේශපාලන මතවාදය මම අනුමත නොකළත් ඔහු උගත්කමෙන්, බුද්ධියෙන්, කලාවෙන්, ක්‍රීඩා අතින්, තරුණකමින් ඔබට වැඩිය ඉදිරියෙන් සිටින බව මගේ අදහසය. ජනතාව ඔබට ජනාධිපතිකම දීලත් කරගන්න බැරිවුණු දැන් ගෙදර යන්න. ඔය නිදහස් පක්ෂයකට ජනතාව දැන් ඡන්දෙ දෙන්නේ නැහැ...
Bamunuarachchi Sunday, 10 September 2023 10:36 AM
බය උනාද පුතාට නායක කම දෙන්න බැරිවෙයි කියලා. හැබැයි සිරෝ ඔහෙට වඩා දයාට වැඩක් කල හැකියාව තිබේනවා. ඔහේ ගේ වැඩවලින් පෙනෙනවා රාජ කපටියෙක් කියලා. ගේට්ටුව අරින විට එතන ඉන්නේ නොන්ඩි හරකෙක් උනත් ඌ තමයි ඉස්සෙල්ල එලියට එන්නේ. ඒවගේ තමයි ඔහේ පක්ෂ නායකයා උනේ.
Lalla Sunday, 10 September 2023 10:41 AM
උගත් වැඩ පුලුවන් එකෙකුට තැන දෙන්න නූගත් නාකි හම්පඩ පඹයින් කැමැති නෑ... ඒකයි ඇත්ත...
ගාමිණී Sunday, 10 September 2023 11:20 AM
මෙි මෛත්‍රීපාලයනමි සත පහකට විස්වාස කරන්ඩ බැරි ගං කබරයෙක්.
P.D Goonawardena Sunday, 10 September 2023 11:21 AM
ඔය චෝදනා කව්ද පිලිගන්නේ...ඔභේට අධිකරණයෙන් ආපු චෝදනාව ඔහේ පිලීගත්තද.....ඔවා දෙනු පරභට...තමා සම්මතෙහි පිහිටා සිට....
Rata Perata Sunday, 10 September 2023 12:26 PM
නායක කමට මෙයාට වැඩිය පොල්පිත්තක් හොඳයි.
සවින්ත Sunday, 10 September 2023 12:48 PM
ඇයි ඔය පක්ෂයේ නායක වෙන්න දයාසිරි සුදුසු නැද්ද? නැත්නම් පක්ෂයේ නායක තනතුර දීමට ඔහුට නුසුදුසුකමක් තිබේ නම් ඒක මොකක්ද කියන්න බැරිද?
Nimal Sunday, 10 September 2023 12:54 PM
පක්ෂය තවත් කා දමන්නේ නැතිව නැතිව කරන්න පුළුවන් කෙනෙකුට... දුන්නා නම් හොඳයි. කෙසේවෙතත් පක්ෂය යළි ගොඩගැනීමට නොහැකියි.
Sunil Sunday, 10 September 2023 02:49 PM
නායකයා වෙන්න උත්සාහ කිරීම ඕනෙම කෙනෙකුගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක්... එවන් කෙනෙකුට පක්ෂයෙන් නෙරපීම වැරැදියි.
abaran Monday, 11 September 2023 01:53 AM
දෙන්නම පොළොංගු තමයි. මෙදාපාර ඡන්දෙදී දෙන්නවම ගෙදර තියන්න කුරුණෑගල සහ පොලොන්නරුව ජනතාව සැදී පැහැදී තමයි බලාගෙන ඉන්නේ...
Bunny Preena Monday, 11 September 2023 10:45 AM
දයාසිරිට පක්ශ නායක්ත්වය ලැබීමට කාලය එලබ ඇත.
ගාමිණී Monday, 11 September 2023 11:34 AM
මේ මෛත්‍රිපාල වගේ කෙනෙක් මේ ලෝකයේ කොහේවත් නැතුව ඇති... කෙළෙහි ගුණයක් නැහැ.