IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දුරකථන සංඥා සොයා මහරෑටත් වෑමැඬිල්ල ගල්තලාවට යන්න වෙලා

(ඉන්දික අරුණ කුමාර)

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන පහක පාසල් දරුවන් 2,000 කට ආසන්න පිරිසකට අන්තර් ජාල පහසුකම්  සපයා ගැනීමට දුරකතන සංඥා නොමැතිවීමෙන් ඔන්ලයින් ක්‍රමය යටතේ අධ්‍යාපනය හැදෑරිමේ හැකියාවන් අහිමි වී දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි කියති.


නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මේල්පිටිය,මුරුතෝළුව,නිකුළ,බිබිල හා උස්වැත්තෑව ආදී ගම්මාන වල පාසල් දරුවෝ මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ පාසල් වල අධ්‍යාපන කටයුතු සිදුකරති.

මේම ගම්මාන සියල්ලේම  ඔන් ලයින් හරහා අධ්‍යාපනය හැදැරීමට දුරකතන සංඥා පවතිනුයේ වෑමැඩිල්ල ජලාශය අසල පිහිටි ගල් තලාවට කිලෝමීටර් 3-4 පමණ දුරකිනි. ඒ සදහා ද වැඩිහිටියන්ගේ සහාය ලබාගැනීම සිදුවනු බව දරුවෝ පවසති.

ඔන් ලයින් අධ්‍යාපන ක්‍රමයන් යටතේ අලුයම් කාලයේ සහ මධ්‍යම රාත්‍රියේ ඉගැන්වීම් සිදුවන බවත්, රාත්‍රියේ වෑමැඩිල්ල ජලාශය අසල පිහිටි ගල් තලාවට නොයෑම හේතුවෙන් තමන්ට දෛනිකව පාඩම් ප්‍රමාණයක් අහිමි වන බව ද පාසල් දරුවෝ කියති.

මෙම ගම්මානවල දරුවන්ගේ මව්පියන් බොහෝදෙනා සිය ජීවිකාව සරි කරගනුයේ ගොවිතැනෙනි. ඇතැම් මව්පියන් සතුව දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපනය ලබා දීම සඳහා ජංගම දුරකතනයක් හෝ නොමැත.

අධ්‍යාපනය හැදැරීමට ඇතැම් අවස්ථාවල කිලෝමීර් 6 ක් පමණ දුරින් පිහිටි නාඋල නගරයට  දරුවන් යැවීමට සිදුවන බව මව්පියෝ කියති.
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දුරකතන සංඥා නොමැති ප්‍රදේශ පිළිබදව වගකිවයුතු බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නැයි මව්පියෝ සහ පාසල් දරුවෝ ඉල්ලා සිටිති.



අදහස් (9)

දුරකථන සංඥා සොයා මහරෑටත් වෑමැඬිල්ල ගල්තලාවට යන්න වෙලා

isurandi Thursday, 24 December 2020 10:45 AM

මෙක නම් මහ කරුමයක්... දුක් විදින එකාටම තමයි මෙ හැම හෙණයක්ම...

:       3       9

vinividaThursday, 24 December 2020 04:02 PM

දරුවන්ගේ මව්පියන් බොහෝදෙනා සිය ජීවිකාව සරි කරගනුයේ ගොවිතැනෙනි. මව්පියන් සතුව දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපනය ලබා දීම සඳහා ජංගම දුරකතනයක් හෝ නොමැත. මෙවැනි අවස්ථාවන්හිදී දුරකතනයක් හෝ නොමැති දරුවකුගේ මනසට කොතරම් වේදනාවක් සහ දුකක් ඇතිවනවද කියා කීමට අවශ්‍ය නැත. දරුවක් උපත ලද දිනයේ සිට පහේ ශිෂ්‍යත්වයට දෙමාපියන් සුදානම් වේ. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ දරුවන්ගේ මව්පියන් තම දරුවා දක්ෂයකු, උගතකු, බුද්ධිමතෙකු කිරීමට දරන උත්සාහය ඔවුන් විසින්ම විනාශ කරගනී. එය මෙසේ සදහන් කළහොත් ඔබේ දරුවා උගතකු හු බුද්ධිමතෙකු වීමට නම් රටටඋගත් බුද්ධිමත් අධ්‍යාපනයක් ලද නායකයන් පත්කර ගතයුතුවේ. එවිට ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලැබේවි. ජනප්‍රිය නායකයන්ගේ හෝ දෙපාමුලට පැමිණෙන්න නායකයන්ගේ සහ උගත් බුද්දිමත් අධ්‍යාපනයක් ලද පළපුරුදු නායකයන් ගේ වෙනස රටේ ජනතව අවබෝධ කරගන්න තෙක් සහ රටට පත් කරගන්න තෙක් රටේ ජනතාව පමණක් නොව ඔවුන්ගේ දු දරුවන්ද දුක් විදිනු ඇත. අධ්‍යාපනය යනු දරුවකුගේ මුලික අයිතිවාසිකමකි. එය ලබාදීමට නොහැකි අපොහොසත් රජය සහ ඇමැතිවරුනට මෙවැනි කටුක දුෂ්කරතා අවබෝද නොවන්නේ ඔවුන්ගේ දරුවන් සහ මුණුබුරන් විදේශ අද්‍යාපනය ලබන නිසා වන්නට ඇත.

:       0       9

RaveendraFriday, 25 December 2020 01:06 AM

ඔබගේ වටිනා අදහස් අප අගයන්නෙමු. තුවාලය තිබෙන "එකා" එහි අපහසුතාවය දැනෙන අතර වෙන "කාටවත්" එය වගේ වගක් නැත. එලෙසම ඔබ සඳහන් කළ "රටට උගත්, බුද්ධිමත් අධ්‍යාපනයක් ලද නායකයන්" වාක්‍ය පිළිබඳව නම් යමක් කිව යුතුමයි. දශක 6ක් 7ක් වැනි කෙටි කාලයක් තුළ අප රටේ "ප්‍රධාන පට්ටියට" වැඩිපුරම තේරී පත්වුයේ "තකතීරු මෝඩ හාරත බූරුවන්" බව නොරහසකි. (එය අදටත් එලෙසමයි).. ඒ අතරතුර සුළු වශයෙන් හෝ "උගත්, බුද්ධිමත් අධ්‍යාපනයක් ලද" නියෝජිතයින්ද තේරී පත්වූ බවත් අප සැම දන්නා කරුණකි. එනමුත් එසේ උගතුන්, බුද්ධිමතුන් යයි සිතු නියෝජිතයින්ගෙන් මහජනතාවට, රටට මෙතෙක් කල් සිදුවූ සේවය කුමක්ද යන්න කිසිදු පක්ෂයකට ගැති නොවී විමසා බැලුවොත් "තකතීරු මෝඩ හාරත බුරුවන්" ගේ හැසිරීම් රටාවට, මෝඩ තීරණවලට සමාන තීරණ වල වෙනසක් අපට අවංකව දැකිය හැකිද?

:       0       0

hira Thursday, 24 December 2020 10:54 AM

මෙවා දකිනකොට අපේ රට කොතනද තියෙන්නේ කියලා හොදටම පැහැදිලියි. අපි එකතැන පල්වෙන ජාතියක්...

:       2       14

nimalThursday, 24 December 2020 04:10 PM

තව ටිකක් ඔහොම ඉවසලා ඉන්න... ජනාධිපතිතුමා හොඳ තීරණයක් ගනීවි.. එතුමා අධ්‍යාපනයේ වටිනාකම දන්නා කෙනෙක්...

:       0       0

manju Thursday, 24 December 2020 10:58 AM

වයිෆයි එකේ මුවාවෙන්... දැන් මෙයාලා වෙන වෙන හේතු නිසා වනජීවීන් බවට පත්වෙලා කියලත් ආරංචි මාර්ග කියනවා. අපි පස්සෙන් ගිහින් බලමු. රෑ තිස්සේ කලවැදිලා මොනවද කරන්නේ කියලා... හැබැයි හිනාවෙලා විතරක් එපෝ....

:       10       6

චමින්දSaturday, 26 December 2020 02:24 AM

මංජු ලංකාවේ කෙනෙක්ද කියලා හිතෙනවා. සමහර නගර ආශ්‍රිත ගම්වලටත් දුරකථන පහසුකම් නැහැ. මම දන්නා එක් පෙදෙසක් තියෙනවා කේබල් ඇදලා දැනට අවුරුදු 06ක් පමණ වෙලාත් තවමත් දුරුකථන පහසුව දීල නැහැ. මෙම අය යන්නේ කැලෑ විනාශයට කියලා කියන මංජු දන්නේ නැතිව ඇති දුරකථන සමාගම් වැඩිපුරම ඩේටා දෙන්නේ බස්සො බකමූනො හා වවුලන් එළිබහින වෙලාවට කියලා...

:       0       0

siri Thursday, 24 December 2020 12:01 PM

අපොයි රටකට ගිය කලක්. චන්දෙවත් ඉල්ලපු නැති සමහරු කියනවා " අපට බාරදුන්නේ බංකොලොත් උන රටක් " කියල. කවුද දන්නේ නැහැ එයාට රටක් බාරදුන්නේ? ලංකාවනන් වෙන්න බැහැ. සමහර විට ඇමෙරිකාව ගැන වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ....

:       0       8

pakeer Thursday, 24 December 2020 02:48 PM

බොරු ෂෝ.... ඔන්ලයින් අධ්‍යාපනය ....

:       4       1

ඔබේ අදහස් එවන්න

දියත

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 646 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 316 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 286 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2399 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 112 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1570 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32722 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23865 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site