IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


දැරියක් පැහැරගෙන ගිය චීවරධාරියකු ඇතුළු 4 ක් 16 තෙක් රිමාන්ඩ්

(ආනන්ද ඉ ජයකොඩි)

වේයන්ගොඩ නුංගමුවේ දහතුන් හැවිරිදි දැරියක් පැහැර ගෙන ගොස් නිවාස දෙකක රඳවා ගෙන සිටි බව කියන සිද්ධිය සම්බන්ධ සැකකාර චීවරධාරියෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු තවදුරටත් මේ මස 16  වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද (02) නියෝග කළාය.

රාජගිරිය ප්‍රදේශයේ තෙල්දෙණියේ මේධානන්ද, ලියනගේ ධම්මික ජයලත්, පී ඩී සුමිත් ප්‍රසන්න කුලරත්න හා ඒ ඒ ජානක සංජීව යන සැකකරුවන් සිව් දෙනෙකු එසේ තවදුරටත් රිමාන්ඩ් කෙරිණි.

වේයන්ගොඩ නුංගමුව ප්‍රදේශයේ දේවාලයක් පවත්වා ගෙන යන නිවසක පදිංචි දැරියක් රවටා වාහනයක දමා ගෙන පැහැර ගෙන ගොස් රතුපස්වල හා වැලිවේරිය ප්‍රදේශයේ නිවාස දෙකක රඳවා ගෙන සිටි බව කියන සිද්ධියක් පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් පරීක්ෂණ පවත්වා චීවරධාරියා ඇතුළු සැකකරුවන් සිව් දෙනා අත් අඩංගුවට ගෙන තිබිණ.

මෙය ඊයේ (02) නැවත කැදවූ අවස්ථාවේ ජාතික ළමාරක්ෂක අධිකාරියේ උප පොලිස් පරීක්ෂක කේ ඒ ඩී සරත් මහතා කරුණු දක්වමින් දැරිය පැහැර ගෙන යාමට සම්බන්ධ සැකකාරියන් දෙනෙකු ප්‍රදේශය අතහැර පලා ඇති බව කියා සිටියේය.

ගම්පහ රෝහලේ දී දැරිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ බවත් ඒ අනුව දැරිය මේ වන විටත් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත් ඒ නිසාම දැරිය නැවත වතාවක් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බව වෛද්‍යවරයා දැනුම් දී ඇති බවද උප පොලිස් පරීක්ෂකවරයා කීය.

සිද්ධියට අවශ්‍යම සැකකාරියන් දෙදෙනෙකු සැගවී සිටින හෙයින්  ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවද උප පොලිස් පරීක්ෂකවරයා වැඩි දුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.

මෙහිදී  නීතීඥ මනිලාල් වෛද්‍යතිලක මහතා කරුණු දක්වමින් එක දෙක හා තුන  යන සැකකරුවන් පැහැර ගෙන යාමකට සම්බන්ධ නැති බව කියා සිටියේය.

 

මෙහිදී පරිවාස  වාර්තාව සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය දැරිය වසර දෙකක පරිලෝචන  නියෝගයකට යටත් කොට ඇය රුපියල් ලක්ෂයක ඇප බැඳුම්කරයක් යටතේ මවට භාර දීමටද නියෝග කළාය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී නීතීඥ වරුන් සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටි අතර ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් නිලධාරීන් ඇප දීමට දැඩිව විරුද්ධත්වය ප්‍රකාශ කළහ.

මෙහිදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් වලින් අනතුරුව සැකකරුවන් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් වරිය එසේ ඔවුන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට නියෝග කළාය.

 

නැවත කැදවීම මේ මස 16 වනදාට කල් තැබිණ.

සැකකරුවන් වෙනුවෙන් මනිලාල් වෛද්‍යතිලක, උපාලි කුමාරසිංහ, රුක්මන් සිල්වා හා හේමන්ත නාගොඩවිතාන යන නීතීඥ මහත්වරු පෙනී සිටියහ.

 

 

 



අදහස් (0)

දැරියක් පැහැරගෙන ගිය චීවරධාරියකු ඇතුළු 4 ක් 16 තෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

දියත

කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 63 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 69 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 43 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 270 0

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 217 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 741 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 32 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1357 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site