IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


දරුවාගේ කකුල් බකල්ද?

කුඩා දරුවන්ට ඇති වන විකෘතිතා අතර බහුල ලෙස දැකිය හැකි තත්ත්වයක් වශයෙන් කකුල් බකල්වීම හැඳින්විය හැකිය. වෛද්‍ය විද්‍යාත්මකව මෙය ජිනු වේරම් ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය පිළිබඳව මෙන්ම ඒ සඳහා සිදු කළ හැකි භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව මවුවරු දැනුම්වත්වීම ඉතා වැදගත්ය.

බොහෝ දරුවන්ගේ මෙම තත්ත්වය උපතේදීම දැකිය හැකිය. එහෙත් අවුරුදු දෙකක පමණ කාලයක් ගත වූ පසු ස්වාභාවිකවම මෙම තත්ත්වය මගහැරී යන අවස්ථා ද දැකිය හැකිය. එහෙයින් වෛද්‍ය මතය වන්නේ දරුවන්ගේ මෙම බකල් ස්වභාවයට අවුරුදු දෙකක් යනතුරු ප්‍රතිකාර නොකළ යුතුය යන්නයි.

එහෙත් වර්තමානයේ මේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමේදී මීට මුල් අවස්ථාවේ සිටම ප්‍රතිකාර කිරීමේන් බකල්වීමේ ප්‍රවණතාව අවම කරගත හැකිය.

කකුල් බකල්වන ප්‍රධාන හේතුව

පාදවල ඇතිවන බකල් තත්ත්වයන්ට ප්‍රධාන හේතුව වන්නේ දරුවන් ස්වෝත්සහයෙන් නැඟී සිටීමට ප්‍රථමයෙන් මවුපියන් විසින් දරුවන් නැඟිටුවා තැබීමට උත්සාහ දැරීමයි. එහිදී ස්වාභාවිකව සිදු විය යුතු මෙම ක්‍රියාව ආයාසයෙන් සිදු වීම නිසා පාදවල බකලතාව ඇති වේ.

එමෙන්ම මේ තත්ත්වය අධික බරින් යුක්ත දරුවන්ගෙන්ද දිස් වේ. බොහෝ විට කුඩා අවධියේදී නිසි ප්‍රමාණයට වඩා බර වැඩි දරුවන්ගේ බර, පාදවලට දරා ගැනීමට අපහසුවීම නිසා මෙම තත්ත්වය ඇති වේ. මීට අමතරව ඔස්ටියෝපොරෝසිස්, මාංශ පේශිවල දුර්වලතා ආදී තත්ත්වයන්ද මේ සඳහා හේතු වේ.

නිසි වයසට පෙර ඇවිදවීමේ උපකරණවල තබන්න එපා

එමෙන්ම යම් දරුවකු නිසි වයසට පෙර සිටගන්නා අවස්ථාවලදී මෙන්ම දරුවන් ඇවිද්ද වීමේ උපකරණවල (walker) යෙදවීම නිසාද මෙවැනි බකල තත්ත්වයක් ඇති විය හැකිය. එමෙන්ම ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය නිසා ද මෙම පාද බකලතාව හෙවත් ජිනු වේරම් (genu verum) තත්ත්වය ඇතිවේ. පාද බකලතාව හෙවත් ජිනු වේරම් රෝගය නිවැරදි කර ගැනීම සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර යොදාගත හැකිය.

පෝෂණ ඌනතාවත් බලපායි

මෙම රෝගය සඳහා ප්‍රතිකාර සිදු කිරීමට පෙර මූලික වශයෙන් දරුවාට ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය වැළඳී ඇත්දැයි යන්න පිළිබඳව සනාථ කරගත යුතුය. එමෙන්ම දරුවාගේ යම් පෝෂණ ඌනතාවක් නිසා මෙම තත්ත්වය ඇති වී දැයි යන්න සොයා බැලිය යුතුය. බොහෝ විට සීරම් කැල්සියම් මට්ටම මෙහිදී බලපායි. එහෙයින් රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට පෙර ඒ තත්ත්වයට මූලික හේතුව සොයා බැලීම වැදගත් වේ.

ප්‍රතිකාර

මෙම ප්‍රතිකාර සිදු කිරීමේදී පේශි ශක්තිමත් කිරීම පිළිබඳව මූලික අවධානය යොමු කෙරේ. එහිදී විශේෂයෙන්ම පාදයේ Quadricep පේශි ශක්තිමත් කිරීමට කටයුතු කරයි. එම පේශි ශක්තිමත් කිරීමේදී පාදයේ අස්ථිවලට යොමුවන බර නිදහස් වන අතර පාදයේ බකලතාව මගහැරී යයි. මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා භෞතචිකිත්සක ප්‍රතිකර්මවලට අදාළ වන ව්‍යායාම කළ හැකිය. ඒ සඳහා කළ හැකි ව්‍යායාම කිහිපයක් හඳුනාගත හැකිය.

එනම්, ග්‍රෑම් 100ක් පමණ බර වැලි කොට්ටයක් දරුවාගේ වළලු කරෙහි එල්ලා දරුවාට එය ඔසවන්නට සැලැස් වීම මේ සඳහා සිදු කළ හැකි එක් ප්‍රතිකර්මයකි.

මෙහිදී පාදයේ මාංශ පේශි ශක්තිමත් වේ. මෙමඟින් අස්ථිවලට යොමුවන බර නිදහස් වී පාදය යථාතත්ත්වයට පත් වේ. මෙම ව්‍යායාමය සතියක් පමණ එක දිගට සිදු කිරීමෙන් පසුව නැවත වැලි කොට්ටයේ බර ග්‍රෑම් 50කින් පමණ වැඩි කර දරුවාට එය ඔසවන්නට සැලැස්විය යුතුය.

ඒ ආකාරයට දරුවාගේ පාද බකලතාව යථාතත්ත්වයට පත් වනතුරු වැලි කොට්ටයේ බර සතියෙන් සතිය ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණවලින් වැඩි කිරීම කළ යුතුය. එමෙන්ම මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පාපන්දුවකට පයින් ගැසීමට සැලැස්වීමද සුදුසු ප්‍රතිකර්මයක් වේ. එහිදීද පාදයේ මාංශ පේශි ශක්තිමත් වී පාද අස්ථිවලට යොමුවන බර නිදහස් වේ.

ව්‍යායාම

ට්‍රයිසිකල් පැදීමට යොමු කිරීම, තරප්පු නැඟීම ආදියද මෙහිදී සිදු කළ හැකි තවත් ව්‍යායාම කිහිපයකි. එමෙන්ම මෙම තත්ත්වයේදී දරුවා නිදියන අවස්ථාවල දරුවාට මර්මේඩ් ස්පලින්ට් (Murmaid splint)  හෝ මිඩියල් ස්පිලින්ට් (Medial Splint) යෙදීම කළ හැකිය. දරුවා රාත්‍රියේ නිදාගත් අවස්ථාවේ පතුරු තබා බැඳීම සිදු කළ හැකි අතර මෙය පැය 5ක් 6ක් පමණ යෙදීම කළ යුතුය. එහිදී තදින් බැඳීම නොකළ යුතුය. යම් හෙයකින් පතුරු බැඳීමේදී තද වැඩි වුව හොත් රුධිර ගමනාමනයට බාධා වී, පාදයේ ඇඟිලි හා පතුල නිල් පැහැ වී, සීතල වී ඉදිමිය හැකිය. එහෙයින් එලෙස පතුරු බඳින ලද අවස්ථාවලදී දෙමාපියන් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.

එවැනි තත්ත්වයක් දුටු වහාම පතුරු ලිහිල් කිරීම කළ යුතුය. දරුවාගේ ආබාධය යහපත් තත්ත්වයට පත් වී ඇති බව නිවසේදීම මැන ගත හැකි ක්‍රමයක් නම් දරුවාගේ වළලු කර එකට සිටින සේ තබා, දණහිස් දෙක අතර දුර ප්‍රතිකාර කරන අතරතුර මැනීමය. ප්‍රතිකාර කිරීමේදී දරුවාගේ දණහිස් අතර පරතරය ක්‍රම ක්‍රමයෙන් අඩු වී ඇත්නම් දරුවා යථාතත්ත්වයට පත්ව ඇති බව නිගමනය කළ හැකිය.

-සටහන- ගයාන් සූරියආරච්චි



අදහස් (0)

දරුවාගේ කකුල් බකල්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උසස් පෙළ ප්‍රතිපළ නැවත සමීක්‍ෂණය අයදුම්පත් කැඳවයි
2025 අප්‍රේල් මස 28 55 0

උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


අල්ලස් කොමිසමේදී රනිල්ගෙන් පැය තුනක ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 28 370 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි


අකුණක් 5ක් රෝහලට යවයි
2025 අප්‍රේල් මස 28 219 0

අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ


‘මහනුවරට රෝග බෝවීමේ අවදානමක් නෑ‘
2025 අප්‍රේල් මස 28 375 0

දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය


ජනපති බංගලා ගැන ළඟදීම තීරණයක්
2025 අප්‍රේල් මස 28 473 0

ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්‍


විමර්ශන ගැන තීරණයක් ගන්න දේශබන්දු කමිටුව අද යළි රැස්වේ
2025 අප්‍රේල් මස 28 247 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනාව විමර්ශන කෙරෙන තිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද නැවත රැස්වීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 979 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 426 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 574 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site