(ප්‍රේමතිලක පෙරමුණ සහ ඉන්දිකා රාමනායක)
වයස අවුරුදු 09 ක පිරිමි දරුවෙකුට අමානුෂික ලෙස පහර දුන්නා යැයි සැකපිට දරුවාගේ සුළු පියා යැයි සැලකෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය පවසයි
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න ලිහිණියාව හලවල් කැලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවද දරුවාගේ මව විදේශගතව ඇති බවත් පොලිසිය පවසයි
සැකකරු වෙත දරුවා බලා ගැනීමට බාරදි මව විදේශගතව ඇති බවත්, සැකකරු බීමත්ව පැමිණ දරුවාට ප්ලාස්ටික් බටේකින් වැනි දෙයකින් පහර දුන් බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත
පහර දීම් ඉවසාගත නොහැකි වූ දරුවා නිවසින් පිටව මහා මාර්ගය දිගේ ඇවිද යන අතරතුර පොලිසිය වෙත ලැබුණු තොරතුරක් අනුව එම දරුවා පොලිසිය වෙත රැගෙන ආ බව මීගහතැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක දහනායක මහතා පැවසීය
තම සුළු පියා බීමතින් පැමිණ නිවසින් පිටවන ලෙස පවසා තමාට පහර දෙන බව ද , ඒ අවස්ථාවලදී අසල්වාසී නිවෙස් වලට ගිය විට සැකකරු අසල්වාසීන්ට ද බැන වදින බවත් , ඒ නිසා තමා වෙන කොහේ හරි යන බවත් දරුවා පැවසූ බව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය
දරුවාගේ ශරීරයේ ස්ථාන කිහිපයක යම් කැලැල් කීපයක් තිබෙන බවත් ,අධිකරණ උපදෙස් ලැබීමෙන් පසු දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන
මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දරුවාට පහර දුන්නැයි සුළු පියා අත්අඩංගුවට
Dharmatileke Tuesday, 19 September 2023 10:34 AM
සුළු පියාට ප්ලාස්ටික් බටයකින් ගහන්න .වේදනාව දැනෙන්න