(අංජුල මහික වීරරත්න)
රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
රටේ අනාගතය වන දරු පරපුරේ සුබ සිද්ධිය සහ දුප්පත් මව්පියන්ට සහනයක් සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දී ඇත.
උතුරු කොළඹ මහ රෝහලේ (රාගම ශික්ෂණ රෝහල) සිදු කරනු ලබන කුඩා දරුවන්ගේ (වයස අවුරුදු 16ට අඩු ) අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම වලදී පූර්ව සහ පසු පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යන අධික වියදම සලකා එවැනි රෝගීන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ඉල්ලුම් කිරීමේ දී සම්පූර්ණ කරගත යුතු සාමාන්‍ය හා අනෙකුත් කොන්දේසි සම්පූර්ණ වන්නේ නම් අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව මෙම ජනවාරි 1 දින සිට ජනාධිපති අරමුදලින් මුදල් ලබා දෙයි.
ශ්‍රී ලංකාවේ වර්ෂයකට කර්ණශංඛ බද්ධ සැත්කම සිදුකළ යුතු දරුවන් 200කට අධික ප්‍රමාණයක් උපත ලබන බව වෛද්‍ය පරීක්ෂණ වලින් පෙන්වා දී තිබේ. ලෝකයේ දියුණු රටවල මෙම සැත්කම සිදු කළ යුතු දරුවන් උපතේදීම හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම් උපතේදීම සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේද මේ වන විට උපතේදීම මෙම දරුවන් හඳුනා ගැනීම සිදු වුවද, එම දරුවන් සියලු දෙනාටම මෙම සැත්කම සිදු නොකරයි. මෙවැනි දරුවෙකුගේ මොලය වර්ධනයට මෙම සැත්කම දරුවාට වසර දෙකක් ඇතුලත කළයුතු බව වෛද්‍ය මතයයි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දරුවන්ගේ අක්මා,කර්ණශංඛ සැත්කම් බර ජනපති අරමුදලින් දෙයි
චතුරි Monday, 12 February 2024 03:06 AM
මේක හොද දෙයක්. ගොඩක් පරක්කුවෙලා පටන් ගත්තෙ. නායකකම නැතිවුනත් ඔබගෙ දේපල මුදල් මේ දරුවන් වෙනුවෙන් අයින් කරන්න. නැතිනම් චන්දේ ඉවරවුනාට පස්සෙ මේ කරන කියන දේවල් නවතිනවා
Chandima Monday, 12 February 2024 07:31 AM
කෙහෙළියගේ බේත්වතුර විදලා නරක්වුණු කට්ටියටත් දෙනවද?