IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


දරුවන්ගේ පාසල් කාලය වසරකින් අඩු කරන්න යයි

(යොහාන් භාසුර)
රජයේ පාසල්වල අධ්‍යාපන ශ්‍රේණි සංඛ්‍යාව 12 දක්වා අඩු කර සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියට සහ උසස් පෙළ විභාගය 12 වැනි ශ්‍රේණියට ගෙන ඒමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමත්‍යාංශය පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව දරුවකුගේ පාසල් අධ්‍යාපන වයස අවුරුදු 17 දී අවසන් වන අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පාසල පාදක කරගත් ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක සහ විභාගයෙන් යම් ප්‍රතිශතයක් ලෙස ලකුණු දීමේ ක්‍රමවේදයකට ගෙන ඒමින් ශිෂ්‍යත්ව විභාගය සරළ කර තරගකාරීත්වය අවම කිරීමට ද යෝජනා කර ඇත.  
අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නියමිත විෂයන්  සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු  කිරීමට සහ එම විෂයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට නියමිතය.

 



අදහස් (12)

දරුවන්ගේ පාසල් කාලය වසරකින් අඩු කරන්න යයි

chandana Tuesday, 05 December 2023 08:59 AM

විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ශිෂ්‍යත්ව විභාගයට කිසිම සංශෝධනයක් අවශ්‍ය නැත. පාසැල් පාදක කරගත් ඇගැයීම් ක්‍රමයේ අසාර්ථක බවට හොඳම උදාහරණය වන්නේ 1988 වර්ෂයේ අපොස සාපෙළ විභාගයයි. මුදල් හඹා යමින් වැඩ වර්ජන කරන ගුරුවරු සිටින අපේ රටේ පාසැල් පාදක කරගත් ඇගැයීම් වලින් දරුවන්ට සිදු වන හානිය අති මහත්ය. මොන අඩුපාඩු තිබුනත් සැබෑම දක්ෂ දරුවකුට තමා කැමති පාසැලක අධ්‍යාපනය හැදෑරීම සඳහා ලැබෙන සාධාරණම අවස්ථාව වන්නේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයයි. එම සාධාරණ අවස්ථාව නැති කිරීමේ අවශ්‍යතාවය අදක්ෂ දරුවන් සිටින බල පුළුවන්කාරයන්ට එදා ඉඳලම තිබුනා. සැබෑම දක්ෂයන් හඳුනාගැනීම සඳහා බුද්ධි මට්ටම පරීක්ෂා කිරීමේ අසීරු ප්‍රශ්ණ 25% ක් වත් තිබීය යුතු වීම තමයි හොඳම විසඳුම. ඊශ්‍රායලයට පමණත් දෙවැනි වෙතැයි සලකන අදටත් අපේ රටේ බුද්ධි මට්ටමෙන් ඉහල ජනතාවක් සිටින තත්වය නැති කර දමන්නද හදන්නේ...

:       0       4

ජේ ආර් ජයවර්ධන Tuesday, 05 December 2023 09:20 AM

ලංකාවේ සිවිල් නීතිය, දේශපාලන විද්‍යාව, දේශපාලකයකු ගේ වගකීම වැනි විෂය යන් අනිවාර්යයෙන් දරුවන් ට පොඩි කාලේ සිට ඉගැන්විය යුතුයි

:       0       2

NDF Leader Tuesday, 05 December 2023 09:35 AM

අධ්‍යාපනය වසර 12 කරන එක හොඳ වුවත් එක් වසරක සිසුන්ට අසාධාරණයක් නොවන්න නම් මාස 9 යේ අධ්‍යාපන වර්ෂ විශ්වවිද්‍යාල දක්වා හඳුන්වා දිය යුතුයි. තවද අතීතයේ මෙන් විෂයන් 8 ක් තිබීම සුදුසුය. මව් භාෂාව, ගණිතය, ‌භෞතීය (Physical) විද්‍යාව, ජීව විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, සමාජ අධ්‍යයනය (ඉතිහාසය-සංස්කෘතිය-පරිසරය) සහ තොරාගත් විෂයක්.

:       1       0

Lal Tuesday, 05 December 2023 09:40 AM

ටියුෂන් කාරයින්ට යන එන මං නැතිවෙයි.

:       0       2

සුපුන් චාමර Tuesday, 05 December 2023 09:54 AM

බොහොම හොද වැඩක්. නමුත් ශිෂ්‍යත්ව විභාගය අයින් කරනවනම් ලංකාවේ සෑම පාසලකම එක සමාන පහසුකම් තියෙන්න ඕන. දුප්පත් ලමයෙක්ට හොද පහසුකම් තියෙන පාසලකට යන්න තිබෙන එකම අවස්ථාව ඒක. අනිත් එක 6, 7 වසරවල ලමයින්ට විෂයන් 13ක් තියෙනවා. . පුරවැසි, පරිසරය, ජිවන කුසලතා , සෞඛ්‍ය, භූගෝලය මේවා තනි විෂයක් විදියට අත්‍යාවශ්‍යම දේවල් විතරක් උගන්වන්න ඕන. ලෝකයත් එක්ක මේ ලමයි ඉස්සරහට යන්නනම් ඒක පාසලෙන් එන්න ඕන. මේ ලමයින්ට උගන්වන්න ඕන වර්තමානයේ රටට ඕන දේවල් . උදාහරණයක් විදියට කෘෂිකර්මය හරියට ඉගෙන ගත්තොත් රටටත් හොදයි.

:       0       17

Indika Tuesday, 05 December 2023 10:25 AM

හොඳ වැඩක්

:       1       14

චින්තක Tuesday, 05 December 2023 11:14 AM

මම දකින හැටියට අඩුපාඩු දෙකක් තියෙනවා එකක් ශිෂ්‍යත්ව විභාගය සමත්වෙන්න අල්ලස ප්‍රවර්ධනය වීම පාසල පාදක ලකුණු කියන්නෙ පංති භාර ගුරුවරු අල්ලසට යොමු කිරීමක් තමයි දෙවැන්න සාමාන්‍ය පෙළ විභාගයට සිංහල දෙමළ හා ඉංග්‍රීසි විෂයයන් ඇතුව විෂයයන් දහයක් නැතිකර විෂයයන් හතක් කිරීම හැත්තෑව දසකයේ සාමාන්‍ය පෙළ විභාගය සදහා විෂයයන් දහයක් තිබුනා උසස් පෙළ විභාගය සදහා විෂයයන් හතරක් තිබුනා විෂයයන් හතක් කිරීම කෙසේවත් සුදුසු නැහැ .

:       2       12

අජන්ත Tuesday, 05 December 2023 11:20 AM

ඉතා හොඳ වැඩක්. බෙහෙවින්ම අගය කරමි

:       3       11

Risna Tuesday, 05 December 2023 11:59 AM

ඉතා හොඳ තීරණයක් නමුත් කරුණාකර එය අවසානය දක්වා දිගටම කරන්න ... සහ එය වඩා හොඳ ආකාරයෙන් කරන්න

:       3       9

Banda Tuesday, 05 December 2023 01:28 PM

අම්මෝ මේ අය කියපුවා ගොඩාක් කරනවා දැක්කා. හරිම සතුටුයි අපිට... අනේ සුරංගනා කතා නොකියා දෙල්කඳ පොළ පැත්තේ රවුමක් ගහගෙන ඉන්න... ඔය දේවල් වෙනවා ඇත්තේ සමහරවිට 2048 දී වෙන්න ඇති. තව දෙයක්, පාසල පාදක කරගත් ඇගැයීම්වලින් යම් ප්‍රතිශතයක් දුන්නාම හැම ගුරුවරයාම 1 වසරේ ඉඳන් පන්ති දායි. එතකොට පන්ති යන කෙනා ශිෂ්‍යත්වේ පාස්. නොයන එකා (කොච්චර දක්‍ෂ වුණත්) ෆේල්. මොකද දැනටම ටියුෂන් කරන ප්‍රාථමික ගුරු හැත්ත, ළමයි පන්ති ගෙන්න ගන්න කරන බලුවැඩ ඕනෑතරම් අපි දකිනවනේ...

:       0       1

කමනි Tuesday, 05 December 2023 04:52 PM

ඔය පාසැල්වලට යන්න දඟලන්නෙ ්පහසුකම් නිසාමද? උස්ස් පෙළ ලකුණු මට්ටම සාධාරණ වැඩි ප්‍රතිශතයකින් සලකා බලා විශ්ව විද්‍යාල ප්‍රවේශයට වෙනම පරීක්ෂණ තිබ්බා නං පාසැල්වලට තිබෙන ඔය තරඟය අඩු වෙනවානේ....

:       0       0

chandima Wednesday, 06 December 2023 01:46 AM

එතකොට ටියුෂන් පන්ති කාරයින්ට මොකද වෙන්නේ ?

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 212 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 147 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 554 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 288 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 46 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


ෆොන් -චාර්ජ බන්ධනාගාරයට රැගෙන ගිය නියාමක මාට්ටු
2024 ඔක්තෝබර් මස 08 227 0

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 393 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site