IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


දරුවන්ගේ මන්දපෝෂණය වාර්තාගත ලෙස ඉහළට

(සුජිත් හේවාජුලිගේ )

ආහාර හිඟය නිසා  දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම සියයට  20 කින් පමණ වැඩිවී ඇතැයි   කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙන  ළමයින්ගෙන්  සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවක්ද  මන්දපෝෂණයෙන්  පෙළෙන බව හඳුනාගෙන ඇතැයි  හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලීම සඳහා  විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද .විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

මේ අතර  රටේ ආර්ථික තත්වය හමුවේ දරුවන්ගේ පෝෂණ  මට්ටම ඉතා විශාල වශයෙන් පහළට වැටෙමින් පවතින හෙයින්  මත්පැන්, සිගරට් සඳහා  වැය  කෙරෙන මුදල දරුවන්ට බිත්තරයක් හෝ වෙනත් පෝෂ්‍යදායි ආහාරයක් ලබාදීමට  කැප කරන්නැයි   මවුපියන්ගෙන් විශේෂ  ඉල්ලීමක් කරන බව  දීපාල් පෙරේරා මහතා පැවසීය.

එක සිගරට්ටුවක් සඳහා වැය කෙරෙන මුදලින්  දරුවන්ට බිත්තර දෙකක් මිලදී ගැනීමට හැකියාව පවතින බවද හෙතෙම සඳහන් කළේය.

ආහාර හිඟය නිසා  නියමිත පෝෂ්‍ය  පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයට  නොලැබෙන තත්වයක් පවතින හෙයින් දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම  සීග්‍රයෙන් වැඩිවන  තත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා  දරුවන්ගේ පෝෂණය ගැන මේ අවස්ථාවේදී  මවුපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

මන්දපෝෂණයට ගොදුරු වන දරුවන්  පහසුවෙන්ම වෙනත් රෝගාබාධ වලට  ලක් වන බවද  ඔහු සඳහන් කළේ‍ය.

වත්ත පිටියේ වැවෙන  කොළවර්ග පලාවර්ග මේ අවස්ථාවේදී දරුවන්ට වැඩි වැඩියෙන් ලබාදීමද ඉතා වැදගත් බවත්  විශේෂයෙන්ම මුරුංගා කොළ දෛනික ආහාර වේලට එකතු කර ගැනීමෙන්  ඉන්  පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා ගත හැකි  වන  බවත්  ඔහු පැවසුවේය.

ආර්ථික අර්බුදය හමුවේ  සිය ගෙවත්තේ එළවළු පලා වර්ග වගා කිරීමටද මවුපියන් වැඩි වැඩියෙන් උනන්දු විය යුතු බව  පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමද  මේ මොහොතේ දී ඉතා වැදගත් බව   විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (4)

දරුවන්ගේ මන්දපෝෂණය වාර්තාගත ලෙස ඉහළට

gampila Saturday, 25 June 2022 02:44 PM

මේ අපේ බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේද?

:       0       2

බද්රානි Saturday, 25 June 2022 02:55 PM

හරි පුදුමයි! පින්බිමේ උපන් ප්‍රෞඩ ජාතියේ දරුවන්ට මන්ද පෝෂණයද? ඇයි ඒ විතරද, මහ එවුන්ගේ වයසට අනුව මොලේ වර්ධනය නොවීමේ රෝගය? හොරාකන පාලකයෝයි, පිනට කන පූජකයෝයි එකට එකතු වෙලා ඔබලාට දුන්නු තෑග්ග තමයි ඔය. ලංකාවේ ඉඳගෙන මයියොක්කා තම්බලා ගිල්ලලා දරුවන්ව පෝෂණය කරලා, ලෝකෙට ගිහිල්ලා හිඟා කාලා පාලකයින්ගේ දරු මුනුබුරන්ව පෝෂණය කරන එක ඔබලාගේ ජාතික යුතුකමනේ ඉතින්.. දේශප්‍රේමය කියලනේ ඒකට කියන්නේ...

:       0       9

pakeer Saturday, 25 June 2022 03:32 PM

රටේ අනාගතය අඳුරු කළා... හෙණ ගහන්න ඕනේ.. !

:       0       8

ranjith Sunday, 26 June 2022 11:58 AM

කාබනික ගොවිතැනෙන් ආදර්ශයක් දෙනවා කියලා මෝඩචූන් ගත්තු එකේ ඵලවිපාක පේනවා නේද? අන්තිමට රටත් බංකොළොත් වුණා. මේ වගේ ගොන් ආදර්ශ ගන්න තරම් නායකයෝ වෙන රටවල සිටිය නැති නිසා හොඳයි... මේ ආදර්ශ ගත්තා නම් ඒ රටවල මිනිස්සුත් අද බඩගින්නේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1628 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 7 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 492 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 311 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1029 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 313 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1786 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site