වැටකොටු,මුර කපොළු හුරු පුරුදුයි අපට
දරුවනි ! නොම සැලෙන් දෙවි පිහිටයි නුඹට - සුජිත් ප්‍රසංග
( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්. චන්දන)
පවතින අධික වර්ෂාවත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන පවතින පාසල් රැසක් ජලයෙන් යටවීමෙන් අද (24) සිසුහු දැඩි අපහසුතාවට පත්වූහ.
පුත්තලම නගරයේ ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය , පුත්තලම ෆාතිමා බාලිකා විද්‍යාලය ,සහිරා විද්‍යාලය, කිල්අඩිය මුස්ලිම් විද්‍යාල ඇතුළු විභාග මධ්‍යස්ථාන ඇතුළු පාසල් රැසක් අධික වැස්සට යට වී තිබේ.
මේ වන විට බාධාවකින් තොරව ආරක්ෂිත ස්ථානවලට සිසුන් රැගෙන ගොස් විභාගය පවත්වන බව පුත්තලම අධ්‍යාපන කාර්යාලය සදහන් කරයි.
අපදා කළමණාකරණ මධ්‍යස්ථානය, යුද හමුදාව , පොලීසිය මැහත්ව සිසුන් ආරක්ෂිත ස්ථානවලට රැගෙන ගොස් එම විදුහල්වලම උස් ස්ථානවල විභාගය පැවැත්වෙන බව අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල
ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දරුවනි ! නොම සැලෙන් දෙවි පිහිටයි නුඹට
Pradeep Kumara Wednesday, 25 May 2022 09:46 AM
බාධක මැදින් ඉදිරියටම යමු දරුවනේ...!
මුදියන්සේ. Wednesday, 25 May 2022 09:56 AM
රණවිරුවනි, ඔබගේ සේවාව සහ කැපවීම විශිෂ්ටයි.
ISURU Wednesday, 25 May 2022 12:15 PM
නාට්‍ය...!!!
මහිThursday, 26 May 2022 07:20 AM
විභාගෙ ලියන්න යන ළමයි කරෙන් ගෙනියන රණවිරුවෝ... මොනම දේකවත් හොඳක් නොදකින ඔක්කොම පුච්චලා දාන මිනිස්සු මාර වෛරයි හමුදාව එක්ක...
Prabha Wednesday, 25 May 2022 12:42 PM
ආපදාවක් වුණු වෙලාවට එන්න ඉන්නේ ඔය 8පාස් කියලා කියන අය විතරක් කියලා මතක තබාගන්න.
සමන්ත Thursday, 26 May 2022 08:16 AM
මේ කරන්නේ රඟපෑමක් බව නොවැටෙහෙන පිරිස ගැන දුකයි. මොකද අද වෙද්දී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජනතාවගේ අප්‍රසාදයට පත්වෙලා තියෙන්නේ. ඒක ආපසු හරවන්න කරණ රඟපෑමක් මේක. නැතිව ලංකාවට ආපු මුල්ම වැස්සද මේ...? මිනිස්සු රවට්ටන්න පුළුවන් කියලා දන්නවනේ...!
randunuFriday, 27 May 2022 07:42 AM
පුදුමාකාර කාලකණ්ණි කොටසක් ඉන්නවා... ඒ අයට හමුදාව පේන්න බෑ. හැබැයි ඒ තුප්පහි හැත්ත දන්නේ නෑ ඔවුන්ගේ පවුලේ අය අද ජීවත් වෙන්නෙත් අපේ කොල්ලන්ගේ ලේ වලින් කියලා...