IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


දරුවන් ලක්ෂ 14 කට උදේ කෑම නෑ

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් එනම් දාහතර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බවවෛද්‍ය පර්යේෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි ආර්ථික  අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ  මහතා පැවසීය.

උදය ආහාරය නොගැනීම දරුවන්ගේ  මොළය මෙන්ම ශරීරයේ වර්ධනයට ඉතා අහිතකර ලෙස බලපාන බව එම පරීක්ෂණවලින් තොරතුරු හෙළිවී  ඇතැයිද  ඔහු සඳහන් කළේය.

මේ අතර දරුවන්ගෙන් පහෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් රටේ පවතින නරක ආර්ථික තත්වය දරුවන්ට  එරෙහි  අපයෝජන සහ ප්‍රචණ්ඩත්වයේ වැඩිවීමටද ප්‍රධාන  හේතුවක්වී තිබෙන බවත්  ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවල දැක්වෙන බව පවසන මන්ත්‍රීවරයා මේ    ප්‍රවණතාව දිගින් දිගටම පැවැතුණහොත් ළමයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගොඩනඟා ගෙන ඇති  ප්‍රගතිය ආපසු හැරීයෑමේ  මෙන්ම සමහරවිටෙක එය ස්ථීරවම නැතිවීමේ අවදානමක්  පවතින බවද  පෙන්වා දුන්නේය.

දරුවන් පෝෂණය කිරීමේ වගකීම අද  මවුපියන්ට දරාගත නොහැකිවූ බරක්වී ඇතැයි  පවසන ගාමිණී  වලේබොඩ මහතා ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දරුවන්ට ලබා දිය යුතු පෝෂ්‍ය පදාර්ථ පිරි සත්ත්ව ආහාර මෙන්ම ශාක ආහාරද ලබා දීමට වෙනදා මෙන් මවුපියන්ට හැකියාවක් නැතැයිද  සඳහන් කළේය.

මේ හේතුවෙන් නුදුරු අනාගතයේදීම පෙනෙන හා නොපෙනෙන  පෝෂණ ඌනතා ළමයින් අතර වැඩි විය හැකි බවට  සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇතැයිද විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී හා අඩු පෝෂණ අධ්‍යාපනයක් සහිත පවුල්වල දරුවන් අතර මේ තත්වය වඩාත් දරුණුවිය හැකි  යැයිද මන්ත්‍රීවරයා  පෙන්වා දුන්නේය.

 

 



අදහස් (4)

දරුවන් ලක්ෂ 14 කට උදේ කෑම නෑ

J.Dhayalan Sunday, 14 May 2023 05:02 PM

කයිවාරුව නම් 2045 රට ගොඩගන්නවා කියලා. නමුත් 2045 වනවිට රට ගොඩගන්න නම් දැන් පාසල් වියේ පසුවන දරුවන්ට නිසි අධ්‍යාපනයක්, නිසි සෞඛ්‍ය පද්ධතියක්, නිසි පෝෂණ වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මේ කිසිවක් නැතිව 2045 මන්ද පෝෂණ තරුණ තරුණියන් සමග කෙසේ රට සංවර්ධනය කරන්නේද?

:       2       10

Nihal Sunday, 14 May 2023 07:48 PM

කමක් නෑ. ඔබලාගේ පවුල් වල අය හොඳට කනවානේ, ජීවිතය මල් මල් ඡන්දෙ දෙන ඒ කට්ටිය ඉන්න කල් කල්...

:       0       9

විතාරම Monday, 15 May 2023 07:00 AM

ඒකට තමනුත් වියතෙක් හැටියට වග කියන්න ඕන තමුන්ලා 2019 ගෝඨාභය ගෙනැවිත් ක්ෂනිකව කාබනික වගාව කියලා ගොවිතැන කාබාසිනියා නොකළානම් මෙහෙම වෙන්න බැහැ. ඒ වගේම ගල්මෝල් පවත්වා ගන්නකොට අවට ප්‍රදේශයේ ජලය සිදීයාමට ඉඩ තියෙනවා.. එයිනුත් අඩුම තරමින් මිරිස් පැලයක්, බතල වැලක්, මයියොක්කා පඳුරක්වත් හිටවා ගන්න බැරිව යනවා... බීමට වතුරවත් නැතිවෙනවා. ඔබ එහෙම අවස්ථා ඇතිකර තිබේ නම් ඔය කියන ඒවාට ඔබත් දායකවෙලා තියෙනවා නේද?

:       0       0

fairoos Monday, 15 May 2023 12:40 PM

ලංකාවේ ඉන්න බයි සෙට් එක නැතිවෙනකන් මෙහෙම තමයි ඉන්න වෙන්නේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 102 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 550 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 717 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 36 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 133 3

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම්
2025 අප්‍රේල් මස 21 702 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 424 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 269 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 425 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site