IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘‘දරුවන් වෙනුවෙන් ප්‍රියන්තට සාධාරණයක් කරන්න‘‘

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)

මහත්තයා නිතරම අපිට කතා කරනවා. කිසිවිටෙක කරදරයක් හිරිහැරයක් ගැටලුවක් ගැන කිව්වේ නැහැ. ප්‍රවෘත්තිවලට කිව්වාම තමයි අහස පොළොව නුහුළන මේ අපරාධය අහන්න ලැබුනේ. ලංකාවේ ජනාධිපතිතුමන්ගෙනුත් පකිස්ථානේ ජනාධිපති අගමැති තුමන්ලාගෙනුත් මම ඉල්ලන්නේ දරුවන් දෙදෙනා වෙනුවෙන් සාධාරණයක් කරන්න යැයි පකිස්ථානයේදී අන්තවාදීන් පිරිසක් පහරදී මරා පුලුස්සා දැමූ ශ්‍රී ලාංකික ඉංජිනේරු දියවඩනගේ දොන් ප්‍රියන්ත කුමාර (49) මහතාගේ බිරිය නිලූෂි දිසානායක මහත්මිය පැවසුවාය.

ආගමික උන්මාදයකින් පෙළෙන නරුම පිරිසකගේ ක්‍රියාවලියක් හේතුවෙන් ශ්‍රී ලාංකික ඉංජිනේරුවාගේ දිවි අහිමිවීමේ සිද්ධිය සැලවීමත් සමග ගම්පහ ගනේමුල්ල පෙදෙසම දැඩි ශෝකයට පත්ව ඇත. තැන තැන ලෙල දෙන ශ්වේත වර්ණ ධජ පතාකයන් කියා පාන්නේ ඔවුනගේ ශොකාලාපයයයි.

ගනේමුල්ල කැන්දලියැද්දපාලුවේ විසූ ජයවර්ධන දියවඩන මහතා සහ ඩී.ඇම් කිරිඇල්ල මහත්මියගේ පුතුන් තිදෙනකු හා දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බඩ පිස්සාවූ ප්‍රියන්ත කුමාර දියවඩන මෙලොව එළිය දුටුයේ 1972 වසර අවසන් වෙන්නට ඔන්න මෙන්න තිබියදී දෙසැම්බර් මස 30 වැනිදාය.

ගලහිටියාව විදුහලෙන් නවවැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ දක්ෂ සිසුවකුවූ ප්‍රියන්ත අපොස සාමාන්‍ය පෙල හදාරන්නට මාතර රාහුල විදුහලට ඇතුලත්වූයේය. ඒ සිය අක්කන්ඩියගේ නිවසේ සිට අධ්‍යාපනය හදාරන අදහසිනි. පියාගේ හදිසි අභාවයත් සමග ඔහුට මෙවැනි පියවරක් ගන්නට සිදුව තිබිනි. එහිදී සාමාන්‍ය පෙල විභාගය උසස් ලෙස සමත්වූ ප්‍රියන්ත උසස් පෙල හැදෑරීම පිනිස ඇතුලත් වූයේ කැලනිය ධර්මාලෝක විදුහලටය.

අනතුරුව ඔහු පේරාදෙනිය සරසවි පියසට ඇතුලත්වූයේ උසස් පෙළ ඉහලින් සමත්වීමේ සතුට ඇතිවය. එහි ඉගෙනුම අවසන් කළ ඔහු 1999 දී ඉංජිනේරු උපාධිධරයකු ලෙස සරසවියෙන් බැස දිවයිනේ නමගිය ආයතන කීපයකම රැකියාව කරනු ලැබුයේ කාගේත් සිත් දිනා ගනිමිනි.

2011 වසරේදී ප්‍රියන්ත තරුණයා පකිස්තානයේ පයිසල්බාද්හි ඇගලුම් ආයතනයක කාර්මික ඉංජිනේරවෙරයකු ලෙස විදේශ රැකියාවක වරම් හිමි කර ගනු ලැබීය. එහි වසරක් සේවය කරද්දී ලැබුනු ඉල්ලීමක් මත 2012 දී රාජ් කේ ඉන්ඩස්ටීස් ආයතනයට එකතු වූයේ එහි සාමාන්‍යාධිකාරිවරයා ලෙසය. එහි සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා ලෙසද ඔහු හැදින්වුනු බවට තොරතුරු ලැබිනි.

රාගම පදිංචිකාරියකවූ නිලූෂි දිසානායක යුවතිය හා විවාහ දිවියට පත් ප්‍රියන්ත දෙදරු පියෙක්වූයේය. 14 හැවිරිදි වැඩිමහල් පුතු ගවින් ජෙනුක ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඉගෙනුම ලබන අතර වයස අවුරුදු නවයක් වන බාල පුතු මිතුල නෙසර ගනේමුල්ල වැලිපිල්ලෑව කණිටු විදුහලේ ඉගෙනුම ලබයි.

විදේශ රැකියාවක නිරතව සිටියද ප්‍රියන්ත වරින් වර මාස හයක් අවුරුද්දක් ඇතුලත ගම් බිම් බලා පැමිනියේ ආදරණිය මව බිරිය මෙන්ම දරු දෙන්නා බලන අදහසිනි. එහෙත් 2019 වසරෙන් පසු ප්‍රියන්තට මව්බිමට එන වරම් අහිමිවී ගියේ කොරෝනා වසංගතය නිසාය. ලගදීම මම ලංකාවට එනවා ඔහු නිතර බිරියටත් දරුවන්ටත් පැවසුයේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඒ වරම අහිමිව ගියේ ආගම මුල්කරගත් පිරිසකගේ ප්‍රචන්ඩකාරි හැසිරීම නිසාය.

මව්බිමට දෙපයින් එන්නට තිබූ සියලු බලාපොරොත්තු අහිමිව ඔහු අද හෝ හෙට ලක්බිමට එන්නේ පෙට්ටියකට සීමාවූ සිරුරු කොටස් කිහිපයක් ලෙස පමනි. එය බිරියටත් දරුවන්ට මෙන්ම ඥාති හිතවතුන්ට හා ආදරණීය මවටද දරාගන්නට හැකියාවක් නැති බව නම් පැහැදිලිය.

එහෙත් ආදරණීය මව තම පවුලේ බඩ පිස්සා මෙවනු රුදුරු ඉරණමකට ගොදුරුව ඇති බව තවමත් දන්නේ නැත. ඇය ඒ බව දැනගත් පසු කුමන තත්ත්වයක් උදාවනු ඇතිදැයි දන්නේ නොපෙනෙන දෙවියන් පමණී.

නිලුෂි මහත්මිය වැඩිදුරටත් සදහන් කළේ මෙම සිද්ධියත් සමග තමන් දැඩි ලෙස අසරණව සිටින බවයි. එමෙන්ම දැන ගන්නට ඇති පරිදි පුලුස්සා දමා ඇති බව කියන තම සැමියාගේ ඉතිරිව ඇති ඇට කටු ටිකවත් තමන්ට ලැබෙන්නේ නම් ආදර සැමියාට අවසන් ගෞරව දක්වන්නට අවස්ථාව සැලසෙන බවයි. ඒ සදහා රජයේ බලධාරීන්ගේ අවධානය යොමු වෙනු ඇතැයි ඇය බලාපොරොත්තු පළ කළාය.

 

 



අදහස් (8)

‘‘දරුවන් වෙනුවෙන් ප්‍රියන්තට සාධාරණයක් කරන්න‘‘

Raveendra Monday, 06 December 2021 05:59 AM

මුල්ම චායාරුපය දැකීමේදී අප සිත් තුලට ඇති වූයේ මහත් සංවේගයකි, දුකකි.....ඇත්තෙන්ම මොහුගේ සිය පවුලට සාධාරණය ඉෂ්ට කිරීමට "සියලුම පක්ෂ තමන්ගේ ගොන් දේශපාලන කෝණයන් අමතක කර" තමන්ගේ අවංක හඩ මොවුන් වෙනුවෙන් නැගිය යුතුමය.

:       0       0

පියුමාල් Monday, 06 December 2021 10:08 AM

ලබන්නා වූ ආත්මය හොද මනුශ්‍ය හෝ දිව්‍ය ආත්මයක් ලබා ගෙන පංචශීලය අනුව ජීවිතය හැඩගස්වාගෙන අමා මහ නිවන් සුවය අත්කර ගනිත්වා! තෙරුවන් සරණයි! සුමන සමන් දෙවි පිහිටයි !

:       0       0

dasun Monday, 06 December 2021 10:30 AM

අගමැති ඉම්රාන් ඛාන්, කරුණාකර රුපියල් බිලියන 1ක්වත් ගෙවන්න

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 06 December 2021 10:58 AM

ආගමික අන්තවාදය විසින් බිලිගත් මේ ලාංකේය අහිංසක උගතා මුහුණ දුන්නේ අහස පොළව නුහුලන විපත්තියකට නොවේද ? මිනිස් වෙස් ගත් ආගමික අන්තවාදී රකුසන්ට හිත්පිත් තිබුණේම නැත. පාකිස්තානයේම ඇතැම් කාරුණික මුස්ලිම් ජනතාව එක්ව සංවිධානය වී එම සාහසික ක්‍රියාවට විරෝධය පෑම ගැන පැසසිය යුතුව ඇත.

:       0       0

විශ්ලේෂක Monday, 06 December 2021 11:24 AM

මෙවන් වටිනා පුද්ගලයෙක් රටට දයාද කරන්න ඔහුගේ දෙමව්පියන් , ගුරුවරුන් වගේම රටේ සම්පත් සහ ඔහුගේ කැපවීම හේතු වුනත් මුග්ධ මිනිසුන් රැලක් ඒ සියළු මිනිස් ශ්‍රමය මොහොතකින් විනාශ කර දැමුවා. මිනිසුන්ගේ අධ්‍යාපනය සහ සමාජීය දියුණුව රටට සම්පතක් සේම රටක ජනතාව මෝඩයන් සේ ගත කරයි නම් ඔවුන් සතුන්ටත් අන්තවන බව මෙම ක්‍රියාවෙන් පෙන්වනවා. ඔය කොයි ආගම ගත්තත් එහි යම්කිසි කොටසක් ඇත්තටම ප්‍රබන්ධයක් සහ සාහිත්‍යය වටිනාකමක් ඇති දෙයක් පමණයි. බොහෝ ආගම් අදහන්නන් තමාට අවශ්‍යය කොටස සමබරව වටහාගත්තත් නූගතුන්ට ආගම යනු ඇබ්බැහිවීමක් හරියට අබිං වගේ. එය තමන්ගේ මොළ සෝදා දමන්නේ සමාජයට පවා භයානක ප්‍රතිඵල අත්කර දෙමින්.

:       0       0

Shan Monday, 06 December 2021 01:29 PM

ඉතා ශෝඛජනකයි

:       0       0

Asela Monday, 06 December 2021 01:51 PM

ඉතා කණගාටුදායක මොහොතක්.

:       0       0

Bamunuarachchi Tuesday, 07 December 2021 06:52 AM

ප්‍රියන්තට පමණක් නොවෙයි මේ මෙලෙච්ච ආගමෙන් ලෝකෙම අන්‍ය ආගමිකයින්ට වෙන අසාදාරනය වෙනුවෙන් සාදාරණයක් කරන්න. වැරැද්ද මිනිසුන්ගේ නොවෙයි ආගමේ. ඒ ආගම අදහන නිසයි ඒ මිනිස්සු ගුන්දර්මයක් නැති මෙලෙච්චයින් වෙලා තිබෙන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 61 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1864 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4311 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1068 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2859 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1487 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 667 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site