IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දරුවන් 2,367 ක් ජනප්‍රිය පාසල්වලට හොරෙන් දාලා

(යොහාන් භාසුර)

අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදවලට පරිබාහිරව දරුවන් 2,367 ක් ජනප්‍රිය පාසල්වලට වසර තුනකට ආසන්න කාලයක් ඇතුළත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තෝබර් මස නිකුත් කළ වාර්තාවකින් හෙළිවූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා අද (26) පැවසීය.

කොළඹ ගුරුමැදුරේදී අද (26) පැවැති මාධ්‍ය හමුවේදී ජෝශප් ස්ටාලින් මහතා එසේ පැවසීය. 2020 ජනවාරි 1 වැනිදා සිට 2022 මැයි 31 දින දක්වා කාලය තුළදී විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණන වාර්තාවෙන් එම කරුණු එළිවන බවත් විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යාපන ලේකම්වරයා දරුවන් ඇතුළත් කිරීම සඳහා ලිපි 3,308 නිකුත් කර ඇති බවත් කීය.

එම ලිපිවලින් සියයට 72 ක් ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු නිලධාරීන් කළ ඉල්ලීම් මත ලිපි නිකුත් කර ඇති බව කී ස්ටාලින් මහතා ඇතැම් ලිපි විධිමත් අයදුම් පත්‍රයක් නොමැතිව ඉදිරිපත් කර ඇති අතර ළමුන් ඇතුළත් කිරීමේ ලිපිය නිකුත් කර ඇත්තේ දෙමාපියන්ට නොව ඉල්ලුම්කරුට ද බව ද සඳහන් කළේය.

මෙහි බරපතළ පීඩාවට පත් වන්නේ 5 වසර ශිෂ්‍යත්ව ලාභීන් වන අතර පසුගිය වසරේ 5 වසර ශිෂ්‍යත්වය පන්තිය සඳහා කොළඹ විශාඛා විද්‍යාලයට ලිපි 41 ක්, කොළඹ ආනන්ද විද්‍යාලයට ලිපි 48 ක්, කොළඹ නාලන්දා විද්‍යාලයට ලිපි 38 ක්, කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයට ලිපි 33 ක්, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ලිපි 31 ක්, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට ලිපි 48 ක්, මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලිපි 29 ක්, මහනුවර මහමායා බාලිකාවට ලිපි 30 ක්, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ලිපි 15 ක් සහ මහනුවර උසස් බාලිකාවට ලිපි 31 ලෙස ප්‍රධාන පෙළේ පාසල්වලට දරුවන් ඇතුලත් කිරීමට ලිපි නිකුත් කර ඇති බවත් මේ හේතුවෙන් ශිෂ්‍යත්ව සමත් දරුවන්ට 6 ශ්‍රේණියේ අවස්ථාව අහිමි වී ඇති බවත් ඒ මහතා කීය.

අතරමැද පන්තිවලට ලිපි හරහා සිසුන් දහස් ගණන් ඇතුළත් කර ඇති අතර එයින් කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් විශේෂත්වයක් ගෙන ඇති බව කී ස්ටාලින් මහතා අසාධාරණ ලක්වූ දෙමව්පියන්ට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

 



අදහස් (11)

දරුවන් 2,367 ක් ජනප්‍රිය පාසල්වලට හොරෙන් දාලා

රංබොඩ Sunday, 26 November 2023 07:59 PM

ලංකාවෙ දරුවන් කොහේ ඉගෙන ගත්තම මොකද. ගමේ ළමයිනුුත් ඉගෙන ගන්න ඕන නම් ඉගෙන ගන්නෙ නැතිව නෙවෙයිනෙ.

:       2       2

Sampath Abeygunasekara Sunday, 26 November 2023 08:04 PM

ඒක ඔඩිට් එකෙන් හොයනකම් මේ මනුස්සයා දැනන් ඉඳලා නේ කොහෙද ඕනේ නැති දේවල් මිසක ඕනේ දේවල් හොයන්නේ නෑනේ

:       2       2

සමන් Sunday, 26 November 2023 08:31 PM

අපේ රට විනාශ කරනවා...

:       0       2

Thraka Sunday, 26 November 2023 10:00 PM

ඇත්තටම එහෙම වෙලා තියෙනවා නම් ඒක වැරදියි. ඒ දෙයින් අසාධාරණයට ලක්වන්නේ අහිංසක දුප්පත් දරුවන්. ඉදිරියේදීවත් එහෙම දේවල්වලට ඉඩ නොදෙන්න ඕනේ...!

:       0       2

NIMAL Sunday, 26 November 2023 10:20 PM

ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය ඇතුළු නිලධාරීන් කළ ඉල්ලීම් මත ලිපි නිකුත් කර තිබේනම් ඇතැම් ලිපි විධිමත් අයදුම් පත්‍රයක් නොමැතිව ඉදිරිපත් කර ඇති අතර ළමුන් ඇතුළත් කර ඇතිනම් මහපාරේ ගැටළු විසඳා ගැනීමට උත්සාහ නොකර උත්ඝෝෂණ නොමැතිව අධිකරණයට යාම වෘත්තීය සමිතිවල වගකීමක්...!

:       0       3

විපරමා Sunday, 26 November 2023 10:52 PM

රාජකීය විද්‍යාලයේ නම නැත්තේ මොකද දන්නේ නැහැ.

:       0       0

Bamunuarachchi Monday, 27 November 2023 01:40 AM

ජනප්‍ප්‍රිය පාසල් වලට ඇතුල් වෙන බොහෝ ළමයි බොරු දත්ත දීල ඇතුල් වෙන ළමයි තමයි. නැතිනම් කොහොමද ඈත ප්‍රදේශ වල ඉඳලා ළමයි කොළඹ ජනප්‍ප්‍රිය පාසල් වලට එන්නේ. ළමයිගේ අද්‍යාපනය කාබාසිනියා කරපු තමුන් වගේ පල් හොරිකඩයෙකුට ඒ ගැන කථා කොරන්න අයිතියක්‌ නැහැ. තුම්සේ ගුරුඅයිතිය ගැන කථා කොරනවා අනික් ප්‍රශ්න අපි බලාගන්නම්. හොරිකඩයා

:       3       6

City Monday, 27 November 2023 05:59 AM

ස්ටාලින් ගුරු සංගමයේ නායකයා නේද මේ කාලයේදී?

:       0       0

නන්දසේන Monday, 27 November 2023 06:41 AM

දරුවො පාසැල් වලට ඇතුළත් කිරීමේදී තරම් දූෂණයක් වෙනත් කිසිම තැනක වෙන්නෙ නැහැ කියන්න පුළුවන් මගේ අත්දැකීම් දෙකක් කියන්නම් එකකදී නියෝජ්‍ය විදුහල්පති රුපියල් ලක්ෂ දෙකහමාරක් ඉල්ලුවා දෙවනුව මගේ බිරිඳගේ මල්ලිගෙ පංතියේ සගයෙක්වූ ජාතික පාසලක මෙන්ම බිරිඳගේ උගත් පාසැලේ විදුහල්පති මගහැර ගියා ඒත් විද්‍යා අංශයේ අධිපති කියන දෙයක් කලොත් පුළුවන් කියලා මෙයට පෙර හිටපු ජනාධිපතිගේ ප්‍රචලිත නොවූ නමක් ඇති කෙනෙකුට පැවරුවා රජයේ සේවයේ සිටි මට විද්‍යාලයේ තිබූ උසම ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන්න කිව්වා ඒ සමග පැමිණි ෆැජරෝ එකකින් පැමිණි කෙනෙකුගේ කරට අත දමාගෙන ගොස් ඔහුට එතනම තිබුනු සින්ක් එක අලුත්වැඩියා කරන්න පමණක් භාරදුන්නා මේවාට ඔය සංගමේ ලොක්කොත් වගකියන්න ඕන අනුන්ට දෙස් කියන සංගම් ලොක්කො හරියට අසූචි හිස මුදුනේ තියෙන ඉස්සන්ට දෙවැනි නැහැ කොහොම වුනත් පාසැල් වල කරන ඔය අලුගුත්තේරු වැඩට සම්බන්ධ කාට කාටත් කවදාහෝ ස්වභාව ධර්මයාගෙන් බේරෙන්න බැහැ

:       0       11

Avanthi Monday, 27 November 2023 10:11 AM

ලොකු බොරු කාරයෙක්.

:       1       9

Asanga samantha Monday, 27 November 2023 10:24 AM

මේ කාලකන්නියව රටෙන් එලවන්න ඕනා.

:       3       6

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1150 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1380 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 89 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 880 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 387 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1239 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39487 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site