IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘‘දුර්වල දේශපාලකයන් ආණ්ඩුව විනාශ කරන්න හදනවා‘‘

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂවල අය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින කලකිරුණු පිරිස එළියට ගියහොත් ආණ්ඩුවට සරල බහුතරය ද අහිමි වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

හවුල්කාර පක්‍ෂවල අය එළියට ගියගොත් යන්නේ ශ්‍රී.ල.නි.ප 14 ඇතුළු එම පක්‍ෂ නියෝජනය කරන 30ක පමණ කණ්ඩායමක් පමණක් නොව පොදුජන පෙරමුණේ අයද ඇතුළුව 50ත් 60ක් පමණ ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

එබැවින් හවුල්කාර පක්‍ෂවල අයට ආණ්ඩුවෙන් එළියට යන්න යැයි කියන අය ජනාධිපතිවරයා දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින්නේ ද යන්න ගැන එතුමා සැලකිලිමත් විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආණ්ඩුවෙන් යන්න යැයි කී අය ඊට පෙර විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ කණ්ඩායම්වල අයටත් ඉවත්වන ලෙස පැවසුවේ යැයි කී ඇමතිවරයා ඒ අනුව ඔවුන් මේ වන විට ආණ්ඩුවේ 30 ගණනකට ඉවත්වන ලෙස පවසා ඇතැයි ද කීවේය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (2) පැවති පක්‍ෂ මධ්‍යම කාරක සභාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ආණ්ඩුවේ සිටින අයට ඉවත්වන්නැයි කියන්නේ ජනතා ප්‍රසාදයක් ඇති, පිළිගත් හා දේශපාලන පරිනතභාවයක් ඇති අය නොවන බව කී ඇමතිවරයා ආණ්ඩුවට සරල බහුතරයත් නැතිකිරීමේ අරමුණක් ඇති අය ඉන්නා බව පෙනෙන්නේ යැයි ද පැවසීය.

කෙසේ වෙතත් හැදූ ආණ්ඩුව වැට්ටවීමේ අවශ්‍යතාවයක් ශ්‍රී.ල.නි.පයට නැතැයි කී අමරවීර මහතා ආණ්ඩුවෙන් ඉවත්වුවත් පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය හෝ සමඟි ජනබලවේගය වැනි වෙනත් පක්‍ෂ හා එක්නොවන බව ද සඳහන් කළේය.

 



අදහස් (5)

‘‘දුර්වල දේශපාලකයන් ආණ්ඩුව විනාශ කරන්න හදනවා‘‘

Ruhunu Thursday, 02 December 2021 08:16 PM

හැම දේශපාලකයෙක්ම ඔහොම තමයි. ඒ උපන්ගෙයි හැටි... ජාන විකෘති වෙලා හැදිලා තියෙන්නේ...

:       0       0

Daminda Friday, 03 December 2021 07:56 AM

විනාශ වෙන්න දෙයක් නෑ. පල් හොරු හැත්ත... දුප්පත්, අහිංසක මිනිස්සු පුදුම අමාරුවෙන් ජීවත් වෙන්නේ...

:       0       0

Sunil Friday, 03 December 2021 08:45 AM

ආණ්ඩුව වනසන්නේ ආණ්ඩුවේ අයමයි...

:       0       0

Nimal Friday, 03 December 2021 09:15 AM

සේරම දුර්වල වෙලා.. රටම විනාශ කරනවා. පුරවැසියෙකි විදිහට හරිම කණගාටු වෙනවා. අපේ දරුවන්ට මේ රටේ අනාගතයත් හීනයක්... දුර්වල පාලකයින් ඔබ සැම ලැජ්ජා විය යිතුයි.

:       0       0

Malika Friday, 03 December 2021 12:20 PM

අපිට තිබෙන අසීමිත ආදරයටනේ ඔය නින්දා, අපහාස අහගෙන ඉන්නේ. පව්... අපි දැන් මෙයාලා වෙනුවෙන් ගන්න ඕනේ මොන තීරණයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 806 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1411 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 538 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1510 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 813 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3296 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site