IMG-LOGO

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා


දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂයක්

(යොහාන් භාසුර)

දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්‍රයක් බවත් රටේ විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා රජය විශාල වැඩකොටසක් කිරීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (8) පැවසුවාය.

කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමාරම්භක උත්සවය අමතමින්  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ පැවසුවාය.

එහිදී එම සංගමයේ  2025 වසරේ සභාපතිධුරයට මහාචාර්ය උදේනි පී.නවගමුව මහතා තෝරා පත්කරගත්තේය.ගෝලීය වශයෙන් එල්ලවන අභියෝගවලට මුහුණ දීම සඳහා හෙට දින බිහිවන විද්‍යාඥයින් දැනුමෙන් හා අත්දැකීම්වලින් සන්නද්ධ කරමින් විද්‍යාව සහ තාක්‍ෂණයේ ප්‍රගමනය උදෙසා එම සංගමය දැඩි කැපවීමෙන් ක්‍රියා කරන බවත් ලැබූ ජයග්‍රහණය සමරන අතරම, අප හමුවේ ඇති අභියෝග හඳුනාගෙන සංවර්ධනය සඳහා වූ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

" ශක්තිමත් පර්යේෂණ සහ සංවර්ධන යටිතල පහසුකම් මෙන්ම තරුණ පර්යේෂකයන් සඳහා ඉඩප්‍රස්ථා හා මගපෙන්වීම ලබාදීම රටක සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බව කී අග්‍රාමාත්‍යවරිය අප මුහුණ දෙන වර්තමානය ගැන කල්පනා කරද්දී, අපගේ තත්ත්වය ගැන සතුටු විය නොහැකි බව අප පිළිගත යුතු බව ද සදහන් කළාය. 



අදහස් (0)

දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂයක්

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පාසල් විභාග ලබන වසරේ සිට නිසි පරිදි පවත්වනවා
2025 ජනවාරි මස 09 84 0

ලබන වසරේ (2026) සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමට පාසල් වාරය සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය


ඥානසාර හිමිට මාස නවයක සිර දඩුවමක්
2025 ජනවාරි මස 09 240 0

මුස්ලිම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවකට වරදකරු වු බොදුබලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස නවයක ලිහිල් වැඩ සහිත සිරද


පසුගිය මාස 17 කදී ගුවන්ගමන් වාර 548ක් ප්‍රමාද වෙලා
2025 ජනවාරි මස 09 168 0

ශ්‍රිලන්කන් ගුවන් සමාගම පසුගිය මාස 17ක කාලය තුලදි (2022 අප්‍රේල් මස 01 සිට 2023 සැප්තැම්බර් මස 30 දක්වා) ගුවන් ගමන්වාර 548ක් පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බැව


ඔඩ්ඩුසුඩාන් වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 09 241 0

ඔඩුසුඩාන් කලාමුරිප්පු. ප්‍රදේශයේ නිවසක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇතැයි ඔඩුසුඩාන් පොලිසිය පවසයි.


සහල් ආනයනයන කාලය හෙටින් අවසන්
2025 ජනවාරි මස 09 186 0

සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.


මහව -අ‘පුර දුම්රිය සංඥා නවීකරණයට ඉන්දියාවෙන් අත හිත
2025 ජනවාරි මස 09 311 0

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යටිතල පහසුකම් අංශයෙන් ඇති හවුල්කාරිත්වය තවත් දැඩි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 30 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 489 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 254 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site