IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


දරු දුක උසුලන තල්මස් මවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

තම පැටියා මියගිය වේදනාව දරා ගැනීමට නොහැකිව මළ සිරුර හිස මත තබා ගෙන පිහිනන තල්මසෙක් පිළිබඳ පුවතක් අද(03) විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ටෙල්ක්වා ලෙස ප්‍රසිද්ධ මෙම තල්මස් මවගේ පැටියා අලුත් අවුරුදුදා මියගොස් ඇති බවත් තම පැටියා මියගිය වේදනාව දරා ගැනීමට නොහැකිව කෙසේ හෝ බේරාගන්නා අදහසින් ඇය පෙරේදා(01) සිට සිය පැටියා ඔලුවේ තබාගෙන පිහිනන බවත් වොෂිංටන්හි තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

ටෙල්ක්වා ඇයගේ පැටියා සමග පසුගිය 20 වැනිදා පළමුවරට නිරීක්ෂණය වූ බවත් එම අවස්ථාවේ පැටියා ජීවතුන් අතර සිටි බවත් තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය පැවැසුවේය. නමුත් පෙරේදා(01) ටෙල්ක්වා සිය පැටියාගේ මළ සිරුර ඔලුවේ තබාගෙන සියැටල් මුහුදේ පිහිනන අයුරු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයේ පර්යේෂකයන් ඡායාරූප ගත කර ඇතැයි තල්මසුන් පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

මියගිය තම පැටියා ඔලුවෙන් තල්ලු කරමින් ටෙල්ක්වා පිහිනන බව මේ වනවිට තහවුරු වී ඇතැයි පර්යේෂණ විද්‍යාඥ බ්‍රැඩ් හැන්සන් පැවැසුවේය. පැටියාගේ මළ සිරුර ගිලීමට යනවිට මුහුදේ කිමිදී නැවතත් තම පැටියාගේ මළ සිරුර මුහුද මතුපිටට රැගෙන එන බවද ඔහු ප්‍රකාශ කළේය. ටෙල්ක්වා සිය පැටියා ඔලුවෙ තබාගෙන පිහිනන්නේ ශෝකය ප්‍රකාශ කිරීමක් ලෙස විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මීට පෙරද 2018 වසරේදී ටෙල්ක්වාට පැටියෙක් අහිමිවී ඇති බවත් එම අවස්ථාවේ ඇය අඛණ්ඩව දින 17 ක් පැටියාගේ සිරුර හිසෙන් තල්ලු කරමින් කිලෝ මීටර 1000 ක් පමණ පීනා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. තම පැටියාගේ මළ සිරුර ඔලුවෙන් තල්ලු කරමින් පිහිනන දර්ශනය දුටු බොහෝ සත්ව විද්‍යාඥයින් ඇයගේ මවු සෙනෙහස දැක කම්පාවට පත්වූ බවද ඔහු පැවැසුවේය.



අදහස් (0)

දරු දුක උසුලන තල්මස් මවක්

ඔබේ අදහස් එවන්න

දියත

සිංහල නමින් පෙනී සිටි ඇමෙරිකානුවා අල්ලයි
2025 ජනවාරි මස 05 7 0

අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පො


බස්නායක නිලමේ ගැටළුකින් සමන් දේවාලයේ තේවාවන් නවතී
2025 ජනවාරි මස 05 3 0

සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවා


නියෝජ්‍ය පොලිස්පති පාට් පෙන්නා කප්පම් ගත් සැකකරු රිමාන්ඩ්
2025 ජනවාරි මස 05 127 0

නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 0


රඳවාගැනීමේ බද්ද ඉහළ දැමීමෙන් ආණ්ඩුව අතෘප්තියකට පත්වෙලා
2025 ජනවාරි මස 05 267 1

රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ සියයට 5 ක්ව පැවැති රඳවා ගැනීමේ බද්ද වර්තමාන ජනාධිපති අනුර දිසානායක සියයට 10 ක් දක්වා ඉහළ දැමීම පිළිබඳව සමාජය තුළ විශාල අතෘප


ඩී.අයි.ජී. ලෙස රඟපා කප්පම් ගත් ලංගම ක.ක.ස මාට්ටු
2025 ජනවාරි මස 05 199 0

බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිල ඇඳුමෙන් සැරසුන ඡායාරූපයක් යොදාගෙන වට්සැප් තාක්ෂණය ඔස්සේ කප්පම් මුදල් ලබාගත් මීතොටමුල්ල ඩිපෝවේ කාර්යාල ක


පර්පෙචුවල් තහනම තව මාස හයක් දික් කරයි
2025 ජනවාරි මස 05 153 0

ශ්‍රී ලංකා මහ බැංකුව පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ කටයුතු තවත් මාස හයකට අත්හිටුවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 428 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 207 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site