IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දිලිත් රජයේ වෛද්‍ය නිලධාරීන් හමුවෙයි

(යොහාන් භාසුර)

සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනාධිපති ධූරය අපේක්‍ෂක දිලිත් ජයවීර මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් බොරැල්ලේ පිහිටි සර්වජන බලය මූලස්ථානයේදී අද (27) පෙරවරුවේ පැවැත්විණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයෝ මෙම හමුවට සහභාගි වූහ.  

එහිදී දිලිත් ජයවීර මහතාට දොළොස්වැදෑම් යෝජනාවලියක් ඉදිරිපත් කළ බවත් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් ඒ මහතා අවදානය යොමු කළ බවත් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසීය.

වෛද්‍යවරු රට හැර යෑම වැලැක්වීමේ පියවරක් ලෙස වෛද්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී වැටුප් ක්‍රමයක් යෝජනා කළ බවත් ඒ පිළිබඳව ජයවීර මහතා දැඩි අවදානය යොමු කළ බවත් සුගතපාල මහතා වැඩි දුරත් සඳහන් කළේය.

එම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ මහතා ද සහභාගි විය. 



අදහස් (11)

දිලිත් රජයේ වෛද්‍ය නිලධාරීන් හමුවෙයි

Niranga Tuesday, 27 August 2024 03:27 PM

රොටියක් සමග තමන්ගේ වාසියට ලෙඩ්ඩු මරන් කනවා. පාට කළ වතුර මිනිස්සුන්ට විදිද්දී සද්දයක් නෑ.

:       0       2

ලසන්ත Tuesday, 27 August 2024 03:40 PM

බත්තරමුල්ලේ සීලරතන හිමිව හම්බවෙන්න යන්නේ කවදාද?

:       0       1

Manjula Pradeep Tuesday, 27 August 2024 03:52 PM

එකම වල්ලේ යහපාලන තුන් දෙනෙක් අතර තමා තරගය තියෙන්නේ... ඒ නිසා කවුරු දිනනවාද මට අදාල නැහැ. ඒ නිසා ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ දිහා බලලා මේ පාර තරුවට ඡන්දය දෙන්න හිතාගෙන ඉන්නේ...!

:       1       0

sanjeewa Tuesday, 27 August 2024 03:53 PM

කෝවිඩ් දවස්වල ඇන්ටිජන් කිට්වලින් ගහපු එක එනවා රට හදන්න.

:       1       2

nimal Tuesday, 27 August 2024 04:00 PM

ඡන්දේ දෙනවා නම් දෙන්නේ රටට වින කළ ත්‍රස්තවාදී සංගම් රටෙන් අතුගාලා දාන කෙනෙකුට...!

:       0       2

පිටරැටියා Tuesday, 27 August 2024 04:12 PM

දොස්තර මහත්වරුන්ටත් නයා නටවන්න වගේ හදන්නේ?

:       0       1

Lasantha Tuesday, 27 August 2024 07:10 PM

වැටුප් පරිමාණ සැකසීම මගින් කිසිම සේවයක ප්‍රශ්න විසදීමට හැකියාව නැහැ .ලංකාවෙ සියලුම ආදායම් දොස්තරලා වෙනුවෙන් හෝ සෞඛ්‍ය සේවයේ අයට දුන්නා වුනත් ඔවුන්ගේ ප්‍රශ්න නම් කිසිදාක විසදීමට හැකියාව නැහැ. එනිසා රටේ සංවර්ධනය වේගවත් කර පෞද්ගලික අංශයේ සේවකයින් සදහා දොස්තරලාට වඩා හත් අට ගුණයක් වැටුප් ගෙවීමට හා පහසුකම් ලැබීමට කටයුතු කලොත් සියලු ප්‍රශ්න විසදීමට හැකියාව තියෙනවා

:       2       2

jayantha Tuesday, 27 August 2024 07:31 PM

දැන් මේ වෙලාවේ ජනාධිපතිවරණයෙන් දිලිත් දිනන්නේ නැහැ කියල ඉරහඳ වගේ තේරෙනවනේ ඕනෑම පොඩි දරුවෙකුට... එතකොට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය නමින් දිලිත් ව එන්ඩොර්ස් කරලා දිලිත්ව ප්‍රමෝට් කළා කියල වැඩක් වෙන්නේ නැහැනේ.. ඕන නම් දිලිත් ඊලග මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ල සෞඛ්‍ය ඇමති වෙනවා කිව්වා නම් මේකෙන් වැඩක් වෙයි... ජනතාව මීහරක් නෙමෙයිය්නේ.. මේකත් එක්තරා විදියක අන්දිල්ලක්නේ.. කෙලින් .කියන්න. විමල් කියනවා වගේ මම ඉන්දියානු ඇමරිකානු IMF කඳවුරට විරුද්ධයි චීනය සහ රුසියාව ඉරානය වගේ කඳවුර ක තමයි අපි ඉන්නේ මේ ජනාධිපතිවරණයට අපි එන්නේ අපේ ප්‍රතිපත්තිය සහ අදහස් සමාජගත කරන්න මිසක් ජනාධිපති වෙන්න නෙමෙයි... ඊලග මහා මැතිවරණයේදී අපි පාර්ලිමේන්තුවට එන්න අදහස් කරනවා එහෙම ඇවිල්ල පත්වන අපේ ප්‍රතිපත්තිවලට ගැලපෙන ආන්දුවක් ආවොත් අපි යම් යම් ක්ෂේත්‍ර වල ඇමතිකම් වගකීම් ගන්න ඉදිරිපත් .වෙනවා.. නැත්නම් අපි අපේ පර්තිපත්ති සහ පක්ෂ යාන්ත්‍රනය ගොඩ නගනවා..නැත්නම් වෙනත් දේශපාලනික උපක්‍රමික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා.. නැත්නම් අපේ මතවාදය, ප්‍රතිපත්ති වලට (වාම ජාතිකවාදී සංකල්ප ය ) තැනක් පිළිගනිමක් එනකල් අපි කොට කොට

:       0       1

Buddika Tuesday, 27 August 2024 09:59 PM

බෙහෙත් ටිකක් ගන්න ගිහින් වෙන්න ඇති.ඇපත් නැතිව පරාද වෙනව කියල දැන දැනත් ඉල්ලන්නෙ මොලේ අමාරුව හැදුනාමනෙ. රාජපක්ෂ පරපුරට ඇතිවෙන්න කඩේ ගිහින් ඒ අනුහසින්ම බිස්නස් ගොඩදාගත්තෙ අන්තිමට කැලනියේ මුචලින්ද මැව්වෙත් මේ මිනිහා

:       0       4

dasun Tuesday, 27 August 2024 11:58 PM

කොවිඩ් කාලේ එකට හිටපු පාදෙණිය නැතෙයි ඔතන ?

:       0       2

wedage Wednesday, 28 August 2024 10:36 AM

මොකක් හරි රෝගයක් වෙන්න ඇති...!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 4 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 9 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3257 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2459 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3050 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5888 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18705 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site