IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, 'ආම් ආද්මී' පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.

කෙජ්රිවාල් දූෂණ විරෝධී ක්‍රියාකාරියෙකි. ඔහුගේ 'ආම් ආද්මී' පක්ෂ පක්ෂය, දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ දූෂණ විරෝධී පක්ෂයක් ලෙස ජනතා ප්‍රසාදය දිනා ගනිමිනි.

කෙසේ නමුත් කෙජ්රිවාල්ට දූෂණ චෝදනා එල්ල විය. ඒ, මත්පැන් අලෙවි කිරීමේ දී දිල්ලි ප්‍රාන්ත රජය ක්‍රියාත්මක කර තිබුණු ප්‍රතිපත්ති සම්බන්ධයෙනි. කෙජ්රිවාල් මාස 5 ක් බන්ධනාගාරගතව සිටියේය. එල්ල වන චෝදනා සියල්ල ඔහු ප්‍රතික්ෂේප කරයි. අධිකරණයෙන් ඔහුට ඇප නියම වී ඇත.

මහ ඇමැති ධුරයෙන් ඉවත් වෙමින් කෙජ්රිවාල් පවසා ඇත්තේ මීළඟ ප්‍රාන්ත මැතිවරණයෙන් 'ආම් ආද්මී' පක්ෂයට ජනවරමක් හිමිවුවහොත්, එම ජන වරමට හිස නමමින් තමා යළි දිල්ලි මහ ඇමැති ධුරය බාර ගන්නා බවය. තමන් කිසිදු වරදක් කර නැති නමුත්, තමන්ට ජනතා විශ්වාසය අවශ්‍ය යැයි ඔහු පවසා තිබේ.

පුරප්පාඩු වුණු මහ ඇමැති ධුරය, 'ආම් ආද්මී' පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම කෙජ්රිවාල්ගේ සමීපතම සගයකු වන අතීෂීට ලබා දී ඇතැයි ද පැවැසෙයි.



අදහස් (0)

දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි

ඔබේ අදහස් එවන්න

දියත

වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළට
2024 නොවැම්බර් මස 24 67 0

වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


බඹරු ඇන 7ක් රෝහලේ
2024 නොවැම්බර් මස 24 14 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර


පළාත් කීපයකට ඉතා තද වැසි
2024 නොවැම්බර් මස 24 238 0

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘
2024 නොවැම්බර් මස 24 926 0

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ


දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 1390 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1401 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site